Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. * - د ژباړو فهرست (لړلیک)


د معناګانو ژباړه سورت: عبس   آیت:

අබස

د سورت د مقصدونو څخه:
تذكير الكافرين المستغنين عن ربهم ببراهين البعث.
සිය පරමාධිපතියාණන් පිටු දකින කාෆිර් වරුන් වෙත නැවත නැගිටුවීමේ සංකල්පය හා බැඳුනු සාක්ෂි සමඟ සිහි කැඳවීමක්.

عَبَسَ وَتَوَلّٰۤی ۟ۙ
අල්ලාහ්ගේ දූතයාණන් තම මුහුණ ඇඹුල් කොට පිටුපෑවේය.
عربي تفسیرونه:
اَنْ جَآءَهُ الْاَعْمٰى ۟ؕ
එසේ පිටුපෑවේ අබ්දුල්ලාහ් ඉබ්නු උම්මු මක්තූම් තුමා එතුමාගෙන් යහමඟ ලබන්නට පැමිණීම හේතුවෙනි. ඔහු අන්ධයකු විය. ඔහු එතුමාණන් වෙත පැමිණියේ එතුමාණන් දේව ප්රතික්ෂේප කරන ප්රධානීන් යහමඟ ලබනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඔවුන් සමග කාර්ය බහුලව සිටි අවස්ථාවකදීය.
عربي تفسیرونه:
وَمَا یُدْرِیْكَ لَعَلَّهٗ یَزَّ ۟ۙ
අහෝ දූතය! මෙම අන්ධ පුද්ගලයා ඔහුගේ පවින් පිරිසිදු වන බවට ඔබට දැනුම් දුන්නේ කවරෙකුද?
عربي تفسیرونه:
اَوْ یَذَّكَّرُ فَتَنْفَعَهُ الذِّكْرٰى ۟ؕ
එසේත් නැතහොත් ඔබේ උපදෙසට ඔහු සවන්දී ඉන් ඔහු ප්රයෝජන ලැබිය හැකි බවට ඔබට දැනුම් දුන්නේ කවරෙකුද?
عربي تفسیرونه:
اَمَّا مَنِ اسْتَغْنٰى ۟ۙ
ධනය හා බලය හේතුවෙන් ඔබ ගෙන ආ දෑ පිළිබඳ විශ්වාස කිරීමේ අවශ්යතාවක් නැති අය වනාහි,
عربي تفسیرونه:
فَاَنْتَ لَهٗ تَصَدّٰى ۟ؕ
ඔබ ඔහුට එය ඉදිරිපත් කරන්නෙහිය. එය පිළිගැනීමට කටයුතු කරන්නෙහිය.
عربي تفسیرونه:
وَمَا عَلَیْكَ اَلَّا یَزَّكّٰى ۟ؕ
අල්ලාහ් වෙත පාපක්ෂමාවෙහි නිරත වී ඔහුගේ පාපයෙන් ඔහු පිවිතුරු නොවූයේ නම් ඔබට ලැබෙන්නේ කුමක් ද?
عربي تفسیرونه:
وَاَمَّا مَنْ جَآءَكَ یَسْعٰى ۟ۙ
යහපත සොයමින් ඔබ වෙත යුහුසුළුව පැමිණි අය වනාහි,
عربي تفسیرونه:
وَهُوَ یَخْشٰى ۟ۙ
ඔහු තම පරමාධිපතිට බියෙන් කටයුතු කරන්නෙකි.
عربي تفسیرونه:
فَاَنْتَ عَنْهُ تَلَهّٰى ۟ۚ
එසේ තිබියදීත් ඔබ ඔහු නොසලකා හැර, දේව ප්රතික්ෂේප කරන ප්රධානීන් සමඟ කටයුතු කරන්නෙහිය.
عربي تفسیرونه:
كَلَّاۤ اِنَّهَا تَذْكِرَةٌ ۟ۚ
කරුණු එසේ නොවේ. සැබැවින්ම එය පිළිගන්නා අයට වූ මෙනෙහි කිරීමකි; උපදෙසකි.
عربي تفسیرونه:
فَمَنْ شَآءَ ذَكَرَهٗ ۟ۘ
එහෙයින් අල්ලාහ්ව මෙනෙහි කිරීමට සිතන්නන් ඔහු මෙනෙහි කරනු ඇත. අල් කුර්ආනයේ ඇති දෑ පිළිබඳ උපදෙස් ලබනු ඇත.
عربي تفسیرونه:
فِیْ صُحُفٍ مُّكَرَّمَةٍ ۟ۙ
මෙම කුර්ආනය දේව මෙහෙකරුවන් වන මලක්වරුන් අතර ඇති ගෞරවණීය ලේඛනයේ තිබිණි.
عربي تفسیرونه:
مَّرْفُوْعَةٍ مُّطَهَّرَةٍ ۟ۙ
එය උස් ස්ථානයක ඔසවා තබනු ලැබූවකි. එය පිවිතුරුය. කිසිදු කිලිටක් එහි ඇති නොවේ.
عربي تفسیرونه:
بِاَیْدِیْ سَفَرَةٍ ۟ۙ
එය මලක්වරුන් අතර සිටි දූතවරුන්ගේ අත්වල තිබුණකි.
عربي تفسیرونه:
كِرَامٍ بَرَرَةٍ ۟ؕ
ඔවුන් තම පරමාධිපති අභියස ගෞරවයෙන් පිදුම් ලැබූවන්ය. අධික ලෙස යහපත කරන්නන්ය. අවනත වන්නන්ය.
عربي تفسیرونه:
قُتِلَ الْاِنْسَانُ مَاۤ اَكْفَرَهٗ ۟ؕ
දෙවියන් ප්රතික්ෂේප කරන මිනිසා ශාපයට භාජනය කරන ලදී. ඔහු කෙතරම් දැඩි ලෙස අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නේද!
عربي تفسیرونه:
مِنْ اَیِّ شَیْءٍ خَلَقَهٗ ۟ؕ
මිහිතලයේ උඩඟුකමින් පසුවීමට සහ ප්රතික්ෂේප කිරීමට තරම් දෙවිඳුන් ඔහු කවර දෙයකින් මවා තිබේදැයි සිතා බලත්වා!
عربي تفسیرونه:
مِنْ نُّطْفَةٍ ؕ— خَلَقَهٗ فَقَدَّرَهٗ ۟ۙ
ඉතා අල්ප ජල බින්දුවකින් අල්ලාහ් ඔහු ව මවා පසුව අදියරින් අදියර ඔහුගේ ස්වරූපය සකස් කළේය.
عربي تفسیرونه:
ثُمَّ السَّبِیْلَ یَسَّرَهٗ ۟ۙ
එම අදියරයන්ගෙන් පසු ව තම මවගේ කුසින් පිටවන්නට ඔහු පහසු කළේය.
عربي تفسیرونه:
ثُمَّ اَمَاتَهٗ فَاَقْبَرَهٗ ۟ۙ
මෙලොව ජීවිතයේ යම් ආයු කාලයක් නියම කළ පසු ව ඔහු ඔහු ව (මිනිසා ව) මරණයට පත් කළේය. මිනීවල තුළ තැන්පත් කෙරෙව්වේය. නැවත අවදි කරනු ලබන තෙක් ඔහු එහි රැඳී සිටිනු ඇත.
عربي تفسیرونه:
ثُمَّ اِذَا شَآءَ اَنْشَرَهٗ ۟ؕ
පසු ව ඔහු අභිමත කළ විට විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔහු ව අවදි කරවනු ඇත.
عربي تفسیرونه:
كَلَّا لَمَّا یَقْضِ مَاۤ اَمَرَهٗ ۟ؕ
තමන්ට පැවරුණු වගකීම් තම පරමාධිපතිට ඉටු කර ඇතැයි එම දේව ප්රතික්ෂේපකයා අනුමාන කරන මෙන් එම විෂය නොපවතී. ඇත්තෙන්ම ඔහුට අල්ලාහ් විසින් අනිවාර්ය කළ වගකීම් ඔහු විසින් ඉටු කර නැත.
عربي تفسیرونه:
فَلْیَنْظُرِ الْاِنْسَانُ اِلٰى طَعَامِهٖۤ ۟ۙ
එහෙයින් අල්ලාහ් ව ප්රතික්ෂේප කරන මිනිසා තමන් කෑමට ගන්නා ආහාර කෙසේ නම් ඇතිවූයේ දැයි අධීක්ෂණය කොට විමසා බැලිය යුතුය.
عربي تفسیرونه:
اَنَّا صَبَبْنَا الْمَآءَ صَبًّا ۟ۙ
එහි මුල, අහසින් බහුලව හා බලවත්ව ඇද හැළෙන වර්ෂාපතනයයි.
عربي تفسیرونه:
ثُمَّ شَقَقْنَا الْاَرْضَ شَقًّا ۟ۙ
පසු ව අපි පොළොවෙහි පැළිම් ඇති කළෙමු. එය පැළෑටි සඳහා විවර විය.
عربي تفسیرونه:
فَاَنْۢبَتْنَا فِیْهَا حَبًّا ۟ۙ
එහි ඇට හා බීජ තුළින් ධාන්ය හා වෙනත් දෑ හට ගැන්වූයෙමු.
عربي تفسیرونه:
وَّعِنَبًا وَّقَضْبًا ۟ۙ
මිදි හා ඔවුන්ගේ ගොවිපළ සතුන් උලා කන්නට තණ වර්ගද ඇති කළෙමු.
عربي تفسیرونه:
وَّزَیْتُوْنًا وَّنَخْلًا ۟ۙ
ඔලිව් හා ඉඳි ගස් ද එහි හට ගැන්වූයෙමු.
عربي تفسیرونه:
وَّحَدَآىِٕقَ غُلْبًا ۟ۙ
ගහ කොළවලින් පිරුණු වතු යායන්ද හට ගැන්වූයෙමු.
عربي تفسیرونه:
وَّفَاكِهَةً وَّاَبًّا ۟ۙ
තවද, පලතුරු හා නුඹලාගේ ගොවිපළ සතුන් උළා කන තණ බිම්ද හට ගැන්වූයෙමු.
عربي تفسیرونه:
مَّتَاعًا لَّكُمْ وَلِاَنْعَامِكُمْ ۟ؕ
ඒවා නුඹලාගේ ප්රයෝජනය හා නුඹලාගේ ගොවිපළ සතුන්ගේ ප්රයෝජනය සඳහාය.
عربي تفسیرونه:
فَاِذَا جَآءَتِ الصَّآخَّةُ ۟ؗ
කන් පිපිරෙන තරමට මහා හඬ පැමිණි විට, එය දෙවන පිඹුමයි.
عربي تفسیرونه:
یَوْمَ یَفِرُّ الْمَرْءُ مِنْ اَخِیْهِ ۟ۙ
මිනිසා තම සහෝදරයාගෙන් පලා යනු ඇත.
عربي تفسیرونه:
وَاُمِّهٖ وَاَبِیْهِ ۟ۙ
ඔහුගේ මවගෙන් හා පියාගෙන් ඔහු හැරී දුවනු ඇත.
عربي تفسیرونه:
وَصَاحِبَتِهٖ وَبَنِیْهِ ۟ؕ
එමෙන්ම ඔහුගේ බිරියගෙන් හා දරුවන්ගෙන් ද පලා යනු ඇත.
عربي تفسیرونه:
لِكُلِّ امْرِئٍ مِّنْهُمْ یَوْمَىِٕذٍ شَاْنٌ یُّغْنِیْهِ ۟ؕ
ඔවුන්ගෙන් සෑම කෙනෙකුම අනෙකා පිළිබඳ සැලකිල්ලක් දැක්විය නොහැකි තරමට එදින ඔවුන් දැඩි අර්බුදවල නිරතව සිටිනු ඇත.
عربي تفسیرونه:
وُجُوْهٌ یَّوْمَىِٕذٍ مُّسْفِرَةٌ ۟ۙ
එදින සතුටින් පිරි මුහුණු ප්රබෝධමත්ව පවතී.
عربي تفسیرونه:
ضَاحِكَةٌ مُّسْتَبْشِرَةٌ ۟ۚ
අල්ලාහ් තම දයාවෙන් ඔවුනට සූදානම් කර ඇති දෑ ගැන සතුටින් ඉපිළ ගොස් ඔවුහු සිනහසෙමින් සිටින්නාහුය.
عربي تفسیرونه:
وَوُجُوْهٌ یَّوْمَىِٕذٍ عَلَیْهَا غَبَرَةٌ ۟ۙ
එදින අභාග්යවත් මුහුණු දොම්නසින් වෙළී තිබේ. ඔවුන්ගේ මුහුණු මත දුහුවිලි තැවරී තිබේ.
عربي تفسیرونه:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• عتاب الله نبيَّه في شأن عبد الله بن أم مكتوم دل على أن القرآن من عند الله.
• මෙහි අබ්දුල්ලාහ් ඉබ්නු උම්මි මක්තූම් විෂයයෙහි තම නබිවරයාට අල්ලාහ් දොස් නගා තිබීම සැබැවින්ම අල් කුර්ආනය අල්ලාහ්ගෙන්ම බව පෙන්වා දෙන සාධකයකි.

• الاهتمام بطالب العلم والمُسْتَرْشِد.
• දැනුම සොයන්නා හා යහමඟ සොයන්නාට දිය යුතු වැදගත් කම.

• شدة أهوال يوم القيامة حيث لا ينشغل المرء إلا بنفسه، حتى الأنبياء يقولون: نفسي نفسي.
• තමන් ගැන මිස වෙන කිසිවකු ගැන සිතන්නට පවා නොහැකි තරමට කාර්ය බහුල තත්ත්වයක මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින පවතින භයානක ව්යසනය. නබිවරුන් පවා ‘මාගේ ආත්මය, මාගේ ආත්මය’ යැයි පවසන තරමටම එය භයානකව පවතී.

 
د معناګانو ژباړه سورت: عبس
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. - د ژباړو فهرست (لړلیک)

د مرکز تفسیر للدراسات القرآنیة لخوا خپور شوی.

بندول