Check out the new design

Tradução dos significados do Nobre Qur’an. - Tradução cingalês - Centro de tradução Rawad * - Índice de tradução

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Tradução dos significados Surah: An-Nisaa   Versículo:
وَاللّٰهُ اَعْلَمُ بِاَعْدَآىِٕكُمْ ؕ— وَكَفٰی بِاللّٰهِ وَلِیًّا ؗۗ— وَّكَفٰی بِاللّٰهِ نَصِیْرًا ۟
තවද අල්ලාහ් නුඹලාගේ සතුරන් පිළිබඳව මැනවින් දන්නා ය. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය. තවද උදව්කරු වශයෙන් ද අල්ලාහ් ප්‍රමාණවත් ය.
Os Tafssir em língua árabe:
مِنَ الَّذِیْنَ هَادُوْا یُحَرِّفُوْنَ الْكَلِمَ عَنْ مَّوَاضِعِهٖ وَیَقُوْلُوْنَ سَمِعْنَا وَعَصَیْنَا وَاسْمَعْ غَیْرَ مُسْمَعٍ وَّرَاعِنَا لَیًّا بِاَلْسِنَتِهِمْ وَطَعْنًا فِی الدِّیْنِ ؕ— وَلَوْ اَنَّهُمْ قَالُوْا سَمِعْنَا وَاَطَعْنَا وَاسْمَعْ وَانْظُرْنَا لَكَانَ خَیْرًا لَّهُمْ وَاَقْوَمَ ۙ— وَلٰكِنْ لَّعَنَهُمُ اللّٰهُ بِكُفْرِهِمْ فَلَا یُؤْمِنُوْنَ اِلَّا قَلِیْلًا ۟
වචන එහි (නියමිත) ස්ථානයෙන් වෙනස් කරන අය යුදෙව් වූවන් අතුරින් වෙති. එමෙන් ම ඔවුන් අපි සවන් දුනිමු, අපි පිටුපෑ වෙමු යැයි ද ඇහුම්කන් දීමකින් තොරව නුඹ සවන් දෙනු යැයි ද (විකෘති අදහසක් ගෙන දෙන) "රාඉනා" යැයි ද දහමෙහි අඩු පාඩු නගමින් වචන වෙනස් කර පවසති. ඔවුන් අපි සවන් දුනිමු, අවනත වූයෙමු යැයි ද සවන් දෙනු යැයි ද "උන්ළුර්නා" (අප ගැන සැලකිලිමත් වනු) යැයි ද පවසා සිටියේ නම් එය ඔවුනට යහපතක් වන්නට තිබුණි. තවද වඩාත් නිවැරැදි වන්නට ද තිබුණි. එනමුත් ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුනට ශාප කළේ ය. එහෙයින් ස්වල්ප දෙනකු මිස ඔවුහු විශ්වාස නො කරති.
Os Tafssir em língua árabe:
یٰۤاَیُّهَا الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ اٰمِنُوْا بِمَا نَزَّلْنَا مُصَدِّقًا لِّمَا مَعَكُمْ مِّنْ قَبْلِ اَنْ نَّطْمِسَ وُجُوْهًا فَنَرُدَّهَا عَلٰۤی اَدْبَارِهَاۤ اَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّاۤ اَصْحٰبَ السَّبْتِ ؕ— وَكَانَ اَمْرُ اللّٰهِ مَفْعُوْلًا ۟
අහෝ ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූවනි! අපි ඔබේ මුහුණු විකෘති කොට ඒවා පිටු පසට හැරවීමට පෙර හෝ සෙනසුරාදා වැසියනට අපි ශාප කළාක් මෙන් අප ශාප කිරීමට පෙර හෝ නුඹලා සතුව ඇති දෑ තහවුරු කරමින් අපි නුඹලාට පහළ කළ දෑ විශ්වාස කරනු. තවද අල්ලාහ්ගේ නියෝගය අනිවාර්යයෙන් ම සිදු කරනු ලබන්නක් විය.
Os Tafssir em língua árabe:
اِنَّ اللّٰهَ لَا یَغْفِرُ اَنْ یُّشْرَكَ بِهٖ وَیَغْفِرُ مَا دُوْنَ ذٰلِكَ لِمَنْ یَّشَآءُ ۚ— وَمَنْ یُّشْرِكْ بِاللّٰهِ فَقَدِ افْتَرٰۤی اِثْمًا عَظِیْمًا ۟
සැබැවින් ම අල්ලාහ් ඔහුට ආදේශ කරනු ලැබීම සමාව නො දෙයි. ඒ හැර සෙසු දෑට ඔහු අභිමත කළ අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ කරන්නේ ද සැබැවින් ම ඔහු මහත් පාපයක් ගෙතුවේ ය.
Os Tafssir em língua árabe:
اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ یُزَكُّوْنَ اَنْفُسَهُمْ ؕ— بَلِ اللّٰهُ یُزَكِّیْ مَنْ یَّشَآءُ وَلَا یُظْلَمُوْنَ فَتِیْلًا ۟
ඔවුන් ඔවුන්වම පිවිතුරු කර ගන්නන් දෙස නුඹ නො බැලුවෙහි ද? එසේ නොව තමන් අභිමත කළ අයව පිවිතුරු කරනුයේ අල්ලාහ් ය. තවද ඉඳි ගෙඩියක සිවිය තරම් වුව ද ඔවුනට අසාධාරණයක් සිදු කරනු නො ලැබේ.
Os Tafssir em língua árabe:
اُنْظُرْ كَیْفَ یَفْتَرُوْنَ عَلَی اللّٰهِ الْكَذِبَ ؕ— وَكَفٰی بِهٖۤ اِثْمًا مُّبِیْنًا ۟۠
අල්ලාහ් කෙරෙහි ඔවුන් බොරු ගොතනුයේ කෙසේ දැ? යි නුඹ සැලකිල්ලෙන් බලනු. ප්‍රකට පාපයක් වශයෙන් එය ප්‍රමාණවත් විය.
Os Tafssir em língua árabe:
اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ اُوْتُوْا نَصِیْبًا مِّنَ الْكِتٰبِ یُؤْمِنُوْنَ بِالْجِبْتِ وَالطَّاغُوْتِ وَیَقُوْلُوْنَ لِلَّذِیْنَ كَفَرُوْا هٰۤؤُلَآءِ اَهْدٰی مِنَ الَّذِیْنَ اٰمَنُوْا سَبِیْلًا ۟
ධර්ම ග්‍රන්ථයෙන් කොටසක් දෙනු ලැබූවන් දෙස නුඹ නො බැලුවෙහි ද? ඔවුහු මිථ්‍යාවන් සහ නපුරු බලවේගයන් විශ්වාස කරති. තවද “විශ්වාස කළවුන්ට වඩා (ප්‍රතික්ෂේප කළ) මොවුන් මාර්ගයෙන් ඉතා නිවැරදි” යැයි ඔවුහු ප්‍රතික්ෂේප කළවුනට පවසති.
Os Tafssir em língua árabe:
 
Tradução dos significados Surah: An-Nisaa
Índice de capítulos Número de página
 
Tradução dos significados do Nobre Qur’an. - Tradução cingalês - Centro de tradução Rawad - Índice de tradução

Tradução realizada pela equipe do Centro de Tradução Rowwad em cooperação com a Associação de Chamada em Al-Rabwah e a Associação para o Serviço do Conteúdo Islâmico em Idiomas.

Fechar