Check out the new design

Tradução dos significados do Nobre Qur’an. - Tradução cingalês - Centro de tradução Rawad * - Índice de tradução

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Tradução dos significados Surah: An-Nisaa   Versículo:
اُولٰٓىِٕكَ الَّذِیْنَ لَعَنَهُمُ اللّٰهُ ؕ— وَمَنْ یَّلْعَنِ اللّٰهُ فَلَنْ تَجِدَ لَهٗ نَصِیْرًا ۟ؕ
අල්ලාහ් ශාප කළවුන් මොවුහු ම ය. තවද අල්ලාහ් කවරෙකුට ශාප කරන්නේ ද එවිට ඔහු වෙනුවෙන් උදව් කරුවෙකු කිසිවිටක නුඹ නො දකින්නෙහි ම ය.
Os Tafssir em língua árabe:
اَمْ لَهُمْ نَصِیْبٌ مِّنَ الْمُلْكِ فَاِذًا لَّا یُؤْتُوْنَ النَّاسَ نَقِیْرًا ۟ۙ
එසේ නොමැති නම් ඔවුනට ආධිපත්‍යයෙන් කොටසක් හෝ තිබේ ද? එසේ තිබුණු විටෙක ජනයාට (එයින්) අල්පයක් හෝ ඔවුහු පිරි නො නමති.
Os Tafssir em língua árabe:
اَمْ یَحْسُدُوْنَ النَّاسَ عَلٰی مَاۤ اٰتٰىهُمُ اللّٰهُ مِنْ فَضْلِهٖ ۚ— فَقَدْ اٰتَیْنَاۤ اٰلَ اِبْرٰهِیْمَ الْكِتٰبَ وَالْحِكْمَةَ وَاٰتَیْنٰهُمْ مُّلْكًا عَظِیْمًا ۟
එසේ නොමැති නම් අල්ලාහ් මිනිසුනට තම භාග්‍යයෙන් පිරිනැමූ දෑ ගැන ඔවුහු ඔවුනට ඊර්ෂ්‍යා කරන්නෝ ද? සැබැවින් ම ඉබ්රාහීම්ගේ පවුලට ධර්ම ග්‍රන්ථය ද ප්‍රඥාව ද අපි පිරිනැමුවෙමු. තවද ඔවුනට අපි අතිමහත් රාජ්‍යය ද පිරිනැමුවෙමු.
Os Tafssir em língua árabe:
فَمِنْهُمْ مَّنْ اٰمَنَ بِهٖ وَمِنْهُمْ مَّنْ صَدَّ عَنْهُ ؕ— وَكَفٰی بِجَهَنَّمَ سَعِیْرًا ۟
ඒ අනුව ඔවුන් අතුරින් එය විශ්වාස කළවුන් ද වෙති. එමෙන් ම ඔවුන් අතුරින් එයින් වැළකී සිටි අය ද වෙති. ඇවිළෙන ගින්නෙන් නිරය (ඔවුන්ට) ප්‍රමාණවත් විය.
Os Tafssir em língua árabe:
اِنَّ الَّذِیْنَ كَفَرُوْا بِاٰیٰتِنَا سَوْفَ نُصْلِیْهِمْ نَارًا ؕ— كُلَّمَا نَضِجَتْ جُلُوْدُهُمْ بَدَّلْنٰهُمْ جُلُوْدًا غَیْرَهَا لِیَذُوْقُوا الْعَذَابَ ؕ— اِنَّ اللّٰهَ كَانَ عَزِیْزًا حَكِیْمًا ۟
සැබැවින් ම අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වනාහි මතු දිනයේ දී ගින්නට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. ඔවුන්ගේ හම් (ගින්නෙන්) පිළිස්සුනු සෑම කලකම, ඔවුන් දඬුවම විඳිනු පිණිස ඒ වෙනුවට අපි ඔවුනට වෙනත් හම් මාරුකර දෙන්නෙමු. සැබැවින් ම අල්ලාහ් සර්ව බලධාරී; සර්ව ප්‍රඥාවන්ත ය.
Os Tafssir em língua árabe:
وَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ سَنُدْخِلُهُمْ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ؕ— لَهُمْ فِیْهَاۤ اَزْوَاجٌ مُّطَهَّرَةٌ ؗ— وَّنُدْخِلُهُمْ ظِلًّا ظَلِیْلًا ۟
විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් වනාහි යටින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන්වලට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. නිරන්තරයෙන් ම ඔවුන් එහි සදාතනිකයින් වෙති. එහි ඔවුනට පිවිතුරු බිරින්දෑවරුන් වෙති. තවද අපි ඔවුන්ව වඩාත් හෙවණැති හෙවණකට ඇතුළත් කරන්නෙමු.
Os Tafssir em língua árabe:
اِنَّ اللّٰهَ یَاْمُرُكُمْ اَنْ تُؤَدُّوا الْاَمٰنٰتِ اِلٰۤی اَهْلِهَا ۙ— وَاِذَا حَكَمْتُمْ بَیْنَ النَّاسِ اَنْ تَحْكُمُوْا بِالْعَدْلِ ؕ— اِنَّ اللّٰهَ نِعِمَّا یَعِظُكُمْ بِهٖ ؕ— اِنَّ اللّٰهَ كَانَ سَمِیْعًا بَصِیْرًا ۟
පැවරුම් ඒවායේ හිමිකරුවන් වෙත භාර දෙන ලෙස ද නුඹලා ජනයා අතර තීන්දු දෙන විට, යුක්ති සහගතව තීන්දු දෙන ලෙස ද නුඹලාට නියත වශයෙන් ම අල්ලාහ් අණ කරයි. සැබැවින් ම අල්ලාහ් ඒ පිළිබඳව නුඹලාට උපදෙස් දීම යහපත් විය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක; සර්ව නිරීක්ෂක ය.
Os Tafssir em língua árabe:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اَطِیْعُوا اللّٰهَ وَاَطِیْعُوا الرَّسُوْلَ وَاُولِی الْاَمْرِ مِنْكُمْ ۚ— فَاِنْ تَنَازَعْتُمْ فِیْ شَیْءٍ فَرُدُّوْهُ اِلَی اللّٰهِ وَالرَّسُوْلِ اِنْ كُنْتُمْ تُؤْمِنُوْنَ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ ؕ— ذٰلِكَ خَیْرٌ وَّاَحْسَنُ تَاْوِیْلًا ۟۠
විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන් ම රසූල්වරයාට ද නුඹලා අතර කටයුතු භාර උදවියට ද අවනත වනු. එහෙත් යම් කරුණක නුඹලා එකිනෙකා මත ගැටුම් ඇති කර ගත්තෙහු නම්, නුඹලා අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම්, එවිට එය අල්ලාහ් වෙත ද රසූල්වරයා වෙත ද යොමු කරනු. එය වඩා ශ්‍රේෂ්ඨ ය. එමෙන් ම (එහි) අවසානය ද වඩා අලංකාර ය.
Os Tafssir em língua árabe:
 
Tradução dos significados Surah: An-Nisaa
Índice de capítulos Número de página
 
Tradução dos significados do Nobre Qur’an. - Tradução cingalês - Centro de tradução Rawad - Índice de tradução

Tradução realizada pela equipe do Centro de Tradução Rowwad em cooperação com a Associação de Chamada em Al-Rabwah e a Associação para o Serviço do Conteúdo Islâmico em Idiomas.

Fechar