Check out the new design

Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an Ntagatifu mu rurimi rw'igisanihali - Byakozwe n'ikigo Rowad Translation Center. * - Ishakiro ry'ibisobanuro

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Ibisobanuro by'amagambo Isura: Saba'u   Umurongo:
لَقَدْ كَانَ لِسَبَاٍ فِیْ مَسْكَنِهِمْ اٰیَةٌ ۚ— جَنَّتٰنِ عَنْ یَّمِیْنٍ وَّشِمَالٍ ؕ۬— كُلُوْا مِنْ رِّزْقِ رَبِّكُمْ وَاشْكُرُوْا لَهٗ ؕ— بَلْدَةٌ طَیِّبَةٌ وَّرَبٌّ غَفُوْرٌ ۟
නිසැකවම සබඃ වාසීන්ට ඔවුන්ගේ වාසස්ථානවල සංඥාවක් තිබිණි. එහි දකුණු පසින් හා වම් පසින් උයන් දෙකක් විය. නුඹලාගේ පරමාධිපති (විසින්) ප්‍රධානය කර ඇති ආහාරයෙන් නුඹලා අනුභව කරනු. තවද නුඹලා ඔහුට කෘතවේදී වනු. නගරය ද පිවිතුරු ය. පරමාධිපති ද අතික්ෂමාශීලී ය.
Ibisobanuro by'icyarabu:
فَاَعْرَضُوْا فَاَرْسَلْنَا عَلَیْهِمْ سَیْلَ الْعَرِمِ وَبَدَّلْنٰهُمْ بِجَنَّتَیْهِمْ جَنَّتَیْنِ ذَوَاتَیْ اُكُلٍ خَمْطٍ وَّاَثْلٍ وَّشَیْءٍ مِّنْ سِدْرٍ قَلِیْلٍ ۟
එහෙත් ඔවුහු පිටුපෑහ. එහෙයින් අපි ඔවුන් වෙත වේල්ලෙන් ජල ගැල්ම එව්වෙමු. තවද ඔවුන්ගේ උයන් දෙක වෙනුවට ඇඹුල් හා තිත්ත එමෙන් ම මසන් ගස්වලින් කිහිපයක් පමණක් සහිත උයන් දෙකක් ලෙසට අපි වෙනස් කළෙමු.
Ibisobanuro by'icyarabu:
ذٰلِكَ جَزَیْنٰهُمْ بِمَا كَفَرُوْا ؕ— وَهَلْ نُجٰزِیْۤ اِلَّا الْكَفُوْرَ ۟
එය ඔවුන් ප්‍රතික්ෂේප කළ දෑ හේතුවෙන් අප ඔවුනට ප්‍රතිඵල වශයෙන් ලබා දුන්නකි. ගුණමකුවන්ට හැර වෙනත් කිසිවෙකුට (මේ අයුරින්) අපි ප්‍රතිවිපාක ලබා දෙන්නෙමු ද?
Ibisobanuro by'icyarabu:
وَجَعَلْنَا بَیْنَهُمْ وَبَیْنَ الْقُرَی الَّتِیْ بٰرَكْنَا فِیْهَا قُرًی ظَاهِرَةً وَّقَدَّرْنَا فِیْهَا السَّیْرَ ؕ— سِیْرُوْا فِیْهَا لَیَالِیَ وَاَیَّامًا اٰمِنِیْنَ ۟
ඔවුන් අතර හා එහි අපි සමෘද්ධිමත් කළ ගම්මානයන් අතර ප්‍රසිද්ධ ජනාවාස ඇති කළෙමු. තවද අපි එහි ගමන ද සැලසුම් කර දුන්නෙමු. නුඹලා එහි රාත්‍රියන්හි හා දහවල් කාලයන්හි සුරක්ෂිතව ගමන් කරනු.
Ibisobanuro by'icyarabu:
فَقَالُوْا رَبَّنَا بٰعِدْ بَیْنَ اَسْفَارِنَا وَظَلَمُوْۤا اَنْفُسَهُمْ فَجَعَلْنٰهُمْ اَحَادِیْثَ وَمَزَّقْنٰهُمْ كُلَّ مُمَزَّقٍ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّكُلِّ صَبَّارٍ شَكُوْرٍ ۟
“අපගේ පරමාධිපතියාණනි! අපගේ ගමන් අතර දුරස් කරනු මැනව” යැයි ඔවුහු ඉල්ලා සිටියෝ ය. ඔවුහු ඔවුනට ම අපරාධ කර ගත්තෝ ය. එහෙයින් අපි ඔවුන් (පුරාණ) පුවත් බවට පත් කළෙමු. තවද ඔවුන්ව මුළුමණින් ම වෙන් කර විසුරුවා හැරියෙමු. නියත වශයෙන් ම එහි ඉවසිලිවන්ත කෘතවේදී සෑම කෙනෙකුට ම සංඥා ඇත.
Ibisobanuro by'icyarabu:
وَلَقَدْ صَدَّقَ عَلَیْهِمْ اِبْلِیْسُ ظَنَّهٗ فَاتَّبَعُوْهُ اِلَّا فَرِیْقًا مِّنَ الْمُؤْمِنِیْنَ ۟
තවද ඉබ්ලීස් ඔවුන් වෙත ඔහුගේ සිතුවිලි සැබෑ කරවී ය. එහෙයින් දේවත්වය විශ්වාස කරන්නන් අතරින් පිරිසක් හැර ඔහු (සත්‍යවාදියකු ලෙස සලකා) ඔවුහු අනුගමනය කළෝ ය.
Ibisobanuro by'icyarabu:
وَمَا كَانَ لَهٗ عَلَیْهِمْ مِّنْ سُلْطٰنٍ اِلَّا لِنَعْلَمَ مَنْ یُّؤْمِنُ بِالْاٰخِرَةِ مِمَّنْ هُوَ مِنْهَا فِیْ شَكٍّ ؕ— وَرَبُّكَ عَلٰی كُلِّ شَیْءٍ حَفِیْظٌ ۟۠
තවද ඔවුන් කෙරෙහි ඔහුට කිසිදු ආධිපත්‍යයක් නො වීය. එහෙත් (එය) මතු ලොව පිළිබඳව ඒ ගැන සැකයෙහි පසු වන අය අතරින් විශ්වාස කරනුයේ කවුරුන් දැ? යි අප දැනගනු පිණිස පමණ ය. තවද ඔබේ පරමාධිපති සියලු දෑ කෙරෙහි ආරක්ෂක ය.
Ibisobanuro by'icyarabu:
قُلِ ادْعُوا الَّذِیْنَ زَعَمْتُمْ مِّنْ دُوْنِ اللّٰهِ ۚ— لَا یَمْلِكُوْنَ مِثْقَالَ ذَرَّةٍ فِی السَّمٰوٰتِ وَلَا فِی الْاَرْضِ وَمَا لَهُمْ فِیْهِمَا مِنْ شِرْكٍ وَّمَا لَهٗ مِنْهُمْ مِّنْ ظَهِیْرٍ ۟
අල්ලාහ් හැර දමා නුඹලා විශ්වාස කළවුන් නුඹලා ඇරයුම් කරනු. අහස්හි හා මහපොළොවේ අණුවක තරම් ප්‍රමාණයක් හෝ ඔවුන් සතුව නැත. තවද ඒ දෙකෙහි කිසිදු හවුලක්ද ඔවුනට නොමැත. ඔවුන් අතරින් කිසිදු උරදෙන්නකු හෝ ඔහුට නැතැයි (නබිවරය!) නුඹ පවසනු.
Ibisobanuro by'icyarabu:
 
Ibisobanuro by'amagambo Isura: Saba'u
Urutonde rw'amasura numero y'urupapuro
 
Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an Ntagatifu mu rurimi rw'igisanihali - Byakozwe n'ikigo Rowad Translation Center. - Ishakiro ry'ibisobanuro

Yasobanuwe n'itsinda ry'ikigo Rowad cy'ubusobanuzi ku bufatanye n'ishyirahamwe ryo kwamamaza idini ry'ahitwa Rab'wat hamwe n'umuryango Islamic Content mu ndimi zitandukanye.

Gufunga