Check out the new design

Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an Ntagatifu mu rurimi rw'igisanihali - Byakozwe n'ikigo Rowad Translation Center. * - Ishakiro ry'ibisobanuro

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Ibisobanuro by'amagambo Isura: Saba'u   Umurongo:
قَالَ الَّذِیْنَ اسْتَكْبَرُوْا لِلَّذِیْنَ اسْتُضْعِفُوْۤا اَنَحْنُ صَدَدْنٰكُمْ عَنِ الْهُدٰی بَعْدَ اِذْ جَآءَكُمْ بَلْ كُنْتُمْ مُّجْرِمِیْنَ ۟
උඩඟු වූවෝ දුර්වල වූවන් දෙස බලා “නුඹලා වෙත යහ මග පැමිණීමෙන් පසුව එයින් වැළැක්වූයේ අප දැ”යි විමසති. “එසේ නොව නුඹලා වැරදි කරමින් සිටින්නෝ වූහ.”
Ibisobanuro by'icyarabu:
وَقَالَ الَّذِیْنَ اسْتُضْعِفُوْا لِلَّذِیْنَ اسْتَكْبَرُوْا بَلْ مَكْرُ الَّیْلِ وَالنَّهَارِ اِذْ تَاْمُرُوْنَنَاۤ اَنْ نَّكْفُرَ بِاللّٰهِ وَنَجْعَلَ لَهٗۤ اَنْدَادًا ؕ— وَاَسَرُّوا النَّدَامَةَ لَمَّا رَاَوُا الْعَذَابَ ؕ— وَجَعَلْنَا الْاَغْلٰلَ فِیْۤ اَعْنَاقِ الَّذِیْنَ كَفَرُوْا ؕ— هَلْ یُجْزَوْنَ اِلَّا مَا كَانُوْا یَعْمَلُوْنَ ۟
තවද දුර්වල වූවෝ උඩගු වූවන් දෙස බලා “එසේ නොව (ඊට හේතුව) අල්ලාහ්ව අප ප්‍රතික්ෂේප කරන්නටත් ඔහුට අප සමානයන් තබන්නටත් අප වෙත නුඹලා අණ කරමින් රාත්‍රියෙහි හා දහවලෙහි කළ කුමන්ත්‍රණය වේ” යැයි පවසති. තවද දඬුවම ඔවුහු දුටු කල්හි ඔවුහු පසුතැවිල්ලට පත් වෙති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ ගෙලවල්හි අපි විලංගු දමන්නෙමු. ඔවුන් සිදු කරමින් සිටි දෑට මිස වෙනත් කිසිවකට ඔවුන් ප්‍රතිඵල දෙනු ලබන්නෙහු ද?
Ibisobanuro by'icyarabu:
وَمَاۤ اَرْسَلْنَا فِیْ قَرْیَةٍ مِّنْ نَّذِیْرٍ اِلَّا قَالَ مُتْرَفُوْهَاۤ اِنَّا بِمَاۤ اُرْسِلْتُمْ بِهٖ كٰفِرُوْنَ ۟
තවද කිසියම් ගම්මානයකට අවවාද කරන්නෙකු අප යැවූ විට එහි සුඛෝපබෝගී ජීවිතයක් ගත කරමින් සිටියවුන් ‘කවර කරුණක් නුඹලා වෙත එවනු ලබන්නේ ද එය අපි ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු’ යැයි පවසා සිටියා මිස නැත.
Ibisobanuro by'icyarabu:
وَقَالُوْا نَحْنُ اَكْثَرُ اَمْوَالًا وَّاَوْلَادًا ۙ— وَّمَا نَحْنُ بِمُعَذَّبِیْنَ ۟
තවද “අපි ධනයෙන් හා දරුවන්ගෙන් අධික අය වෙමු. තවද අපි දඬුවම් කරනු ලබන්නන් අතරින් නො වෙමු” යැයි ඔවුහු පැවසුවෝ ය.
Ibisobanuro by'icyarabu:
قُلْ اِنَّ رَبِّیْ یَبْسُطُ الرِّزْقَ لِمَنْ یَّشَآءُ وَیَقْدِرُ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟۠
“නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් විස්තීරණ කරයි. තවද ඔහු සීමා කරයි. එහෙත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති” යැයි (නබිවරය!) පවසනු.
Ibisobanuro by'icyarabu:
وَمَاۤ اَمْوَالُكُمْ وَلَاۤ اَوْلَادُكُمْ بِالَّتِیْ تُقَرِّبُكُمْ عِنْدَنَا زُلْفٰۤی اِلَّا مَنْ اٰمَنَ وَعَمِلَ صَالِحًا ؗ— فَاُولٰٓىِٕكَ لَهُمْ جَزَآءُ الضِّعْفِ بِمَا عَمِلُوْا وَهُمْ فِی الْغُرُفٰتِ اٰمِنُوْنَ ۟
තවද අප අබියසට නුඹලාගේ වස්තුව හෝ නුඹලාගේ දරුවන් හෝ නුඹලාව සමීප කරවන්නක් ලෙස නොමැත. එහෙත් විශ්වාස කොට යහකම් කළ අය හැර. ඔවුන් සිදු කළ දෑ සඳහා දෙගුණයක් ප්‍රතිඵල ඇත්තෝ ඔවුහු ම ය. තවද ඔවුහු (ස්වර්ග) කුටිවල සුරක්ෂිතයෝ වෙති.
Ibisobanuro by'icyarabu:
وَالَّذِیْنَ یَسْعَوْنَ فِیْۤ اٰیٰتِنَا مُعٰجِزِیْنَ اُولٰٓىِٕكَ فِی الْعَذَابِ مُحْضَرُوْنَ ۟
තවද අපගේ වදන් පරාජය කරන්නට තැත් කරන අය වනාහි ඔවුහු ම දඬුවමට සම්මුඛ කරනු ලබන්නෝ.
Ibisobanuro by'icyarabu:
قُلْ اِنَّ رَبِّیْ یَبْسُطُ الرِّزْقَ لِمَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖ وَیَقْدِرُ لَهٗ ؕ— وَمَاۤ اَنْفَقْتُمْ مِّنْ شَیْءٍ فَهُوَ یُخْلِفُهٗ ۚ— وَهُوَ خَیْرُ الرّٰزِقِیْنَ ۟
“නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙයි. තවද ඔහුට (එය) සීමා කරයි. තවද නුඹලා කවර දෙයක් (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වියදම් කරන්නෙහු ද ඔහුට (එහි ප්‍රතිඵල) ඔහු පසුවට ලබා දෙයි. තවද ඔහු පෝෂණ සම්පත් ලබා දෙන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨය” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Ibisobanuro by'icyarabu:
 
Ibisobanuro by'amagambo Isura: Saba'u
Urutonde rw'amasura numero y'urupapuro
 
Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an Ntagatifu mu rurimi rw'igisanihali - Byakozwe n'ikigo Rowad Translation Center. - Ishakiro ry'ibisobanuro

Yasobanuwe n'itsinda ry'ikigo Rowad cy'ubusobanuzi ku bufatanye n'ishyirahamwe ryo kwamamaza idini ry'ahitwa Rab'wat hamwe n'umuryango Islamic Content mu ndimi zitandukanye.

Gufunga