ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය * - පරිවර්තන පටුන

PDF XML CSV Excel API
Please review the Terms and Policies

අර්ථ කථනය වාක්‍යය: (61) පරිච්ඡේදය: සූරා අන් නූර්
لَیْسَ عَلَی الْاَعْمٰی حَرَجٌ وَّلَا عَلَی الْاَعْرَجِ حَرَجٌ وَّلَا عَلَی الْمَرِیْضِ حَرَجٌ وَّلَا عَلٰۤی اَنْفُسِكُمْ اَنْ تَاْكُلُوْا مِنْ بُیُوْتِكُمْ اَوْ بُیُوْتِ اٰبَآىِٕكُمْ اَوْ بُیُوْتِ اُمَّهٰتِكُمْ اَوْ بُیُوْتِ اِخْوَانِكُمْ اَوْ بُیُوْتِ اَخَوٰتِكُمْ اَوْ بُیُوْتِ اَعْمَامِكُمْ اَوْ بُیُوْتِ عَمّٰتِكُمْ اَوْ بُیُوْتِ اَخْوَالِكُمْ اَوْ بُیُوْتِ خٰلٰتِكُمْ اَوْ مَا مَلَكْتُمْ مَّفَاتِحَهٗۤ اَوْ صَدِیْقِكُمْ ؕ— لَیْسَ عَلَیْكُمْ جُنَاحٌ اَنْ تَاْكُلُوْا جَمِیْعًا اَوْ اَشْتَاتًا ؕ— فَاِذَا دَخَلْتُمْ بُیُوْتًا فَسَلِّمُوْا عَلٰۤی اَنْفُسِكُمْ تَحِیَّةً مِّنْ عِنْدِ اللّٰهِ مُبٰرَكَةً طَیِّبَةً ؕ— كَذٰلِكَ یُبَیِّنُ اللّٰهُ لَكُمُ الْاٰیٰتِ لَعَلَّكُمْ تَعْقِلُوْنَ ۟۠
නුඹලාගේ නිවෙස්වල හෝ නුඹලාගේ පියවරුන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ මව්වරුන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ සහෝදරයන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ සහෝදරියන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ පිය පාර්ෂවයේ සහෝදරයන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ මව් පාර්ශවයේ සහෝදරයන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ පිය පාර්ශවයේ සහෝදරියන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ මව් පාර්ශවයේ සහෝදරියන්ගේ නිවෙස්වල හෝ යතුරු තමන් සන්තකයේ ඇති නිවෙස්වල හෝ නුඹලාගේ මිතුරන්ගේ නිවෙස්වල හෝ නුඹලා ආහාර ගැනීම නුඹලා කෙරෙහි වරදක් නැත. එමෙන් ම අන්ධයා කෙරෙහි හෝ කොරා කෙරෙහි හෝ රෝගියා කෙරෙහි හෝ වරදක් නැත. නුඹලා එකට ආහාර ගැනීම හෝ කණ්ඩායම් වශයෙන් වෙන්ව ආහාර ගැනීම හෝ වරදක් නැත. නුඹලා නිවෙස්වලට පිවිසෙන්නෙහු නම් අල්ලාහ් අබියසින් වූ යහපත් අභිවෘද්ධිමත් පැතුමක් වශයෙන් නුඹලා වෙත සලාම් පවසනු. අල්ලාහ් නුඹලාට එලෙස එම වදන් පැහැදිලි කරනුයේ නුඹලා වටහා ගනු පිණිස ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
 
අර්ථ කථනය වාක්‍යය: (61) පරිච්ඡේදය: සූරා අන් නූර්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - පරිවර්තන පටුන

ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථයන් හි සිංහල පරිවර්තනය, රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථාන කණ්ඩායම විසින් ඉස්ලාම් හවුස් වෙබ් අඩවිය සමඟ සහයෝගයෙන් පරිවර්තනය කරන ලදි.

වසන්න