Check out the new design

ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානය * - පරිවර්තන පටුන

PDF XML CSV Excel API
Please review the Terms and Policies

අර්ථ කථනය පරිච්ඡේදය: අල් අහ්කාෆ්   වාක්‍යය:

අල් අහ්කාෆ්

حٰمٓ ۟ۚ
හා මීම්.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
تَنْزِیْلُ الْكِتٰبِ مِنَ اللّٰهِ الْعَزِیْزِ الْحَكِیْمِ ۟
මෙය මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ්ගෙන් වූ ධර්ම ග්‍රන්ථයේ පහළ කිරීමකි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
مَا خَلَقْنَا السَّمٰوٰتِ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَاۤ اِلَّا بِالْحَقِّ وَاَجَلٍ مُّسَمًّی ؕ— وَالَّذِیْنَ كَفَرُوْا عَمَّاۤ اُنْذِرُوْا مُعْرِضُوْنَ ۟
සත්‍යය හේතුවක් හා නියමිත කාලයක් සඳහා මිස අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද අපි නො මැව්වෙමු. තවද ප්‍රතික්ෂේප කළවුන් ඔවුනට අවවාද කරනු ලැබූ දෑ පිටුපාන්නන් ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
قُلْ اَرَءَیْتُمْ مَّا تَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ اَرُوْنِیْ مَاذَا خَلَقُوْا مِنَ الْاَرْضِ اَمْ لَهُمْ شِرْكٌ فِی السَّمٰوٰتِ ؕ— اِیْتُوْنِیْ بِكِتٰبٍ مِّنْ قَبْلِ هٰذَاۤ اَوْ اَثٰرَةٍ مِّنْ عِلْمٍ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන දෑ දෙස නුඹලා බැලුවෙහු ද? ඔවුන් මහපොළොවෙන් මවා ඇත්තේ කුමක් දැ? යි මට නුඹලා පෙන්වනු. එසේ නැතහොත් අහස් (මැවීමෙ)හි යම් හවුලක් ඔවුනට තිබේ ද? නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මීට පෙර වූ ග්‍රන්ථයක් හෝ බුද්ධිමය සලකුණක් හෝ මා වෙත ගෙන එනු.” යැයි (නබිවරය!) නුඹ පවසනු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَمَنْ اَضَلُّ مِمَّنْ یَّدْعُوْا مِنْ دُوْنِ اللّٰهِ مَنْ لَّا یَسْتَجِیْبُ لَهٗۤ اِلٰی یَوْمِ الْقِیٰمَةِ وَهُمْ عَنْ دُعَآىِٕهِمْ غٰفِلُوْنَ ۟
තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් අල්ලාහ් හැර තමන්ට පිළිතුරු නො සපයන අයට ඇරයුම් කරන්නාට වඩා නොමග ගිය අය කවු ද? තවද මොවුන්ගේ ඇරයුම ගැන ඔවුහු අනවධානීහු වෙති.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
 
අර්ථ කථනය පරිච්ඡේදය: අල් අහ්කාෆ්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානය - පරිවර්තන පටුන

රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානයේ කණ්ඩායමක් විසින් රබ්වා හි පිහිටි ආරාධන සංගමය සහ විවිධ භාෂාවන් හරහා ඉස්ලාමීය අන්තර්ග සේවය සඳහා සංගමය සමඟ ඒකාබද්ධව පරිවර්තනය කරන ලදී.

වසන්න