ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය * - පරිවර්තන පටුන

PDF XML CSV Excel API
Please review the Terms and Policies

අර්ථ කථනය වාක්‍යය: (44) පරිච්ඡේදය: සූරා අල් මාඉදා
اِنَّاۤ اَنْزَلْنَا التَّوْرٰىةَ فِیْهَا هُدًی وَّنُوْرٌ ۚ— یَحْكُمُ بِهَا النَّبِیُّوْنَ الَّذِیْنَ اَسْلَمُوْا لِلَّذِیْنَ هَادُوْا وَالرَّبّٰنِیُّوْنَ وَالْاَحْبَارُ بِمَا اسْتُحْفِظُوْا مِنْ كِتٰبِ اللّٰهِ وَكَانُوْا عَلَیْهِ شُهَدَآءَ ۚ— فَلَا تَخْشَوُا النَّاسَ وَاخْشَوْنِ وَلَا تَشْتَرُوْا بِاٰیٰتِیْ ثَمَنًا قَلِیْلًا ؕ— وَمَنْ لَّمْ یَحْكُمْ بِمَاۤ اَنْزَلَ اللّٰهُ فَاُولٰٓىِٕكَ هُمُ الْكٰفِرُوْنَ ۟
සැබැවින් ම අපි තව්රාතය පහළ කළෙමු. එහි මඟ පෙන්වීමක් හා ආලෝකයක් විය. එමඟින් (අල්ලාහ්ට) අවනත වූ නබිවරු (දේව පණිවිඩකරුවෝ) එසේ ම ගැඹුරු ප්‍රඥාවෙන් යුත් විද්වතුන් හා ආගමික නායකයින් ද අල්ලාහ්ගේ ග්‍රන්ථය ආරක්ෂා කළ යුතු යැයි ඔවුනට නියම කරනු ලැබූ බැවින් හා ඔවුහු එයට සාක්ෂිකරුවන් වූ බැවින් ඔවුහු එමඟින් යුදෙව්වූවනට තීන්දු ලබා දුන්හ. එබැවින් නුඹලා මිනිසුනට බිය නො වනු; තවද මට ම බිය වනු. තවද මාගේ වදන් සඳහා අල්ප මිලක් නො ගනු. කවරෙකු අල්ලාහ් පහළ කළ දැයින් තීන්දු ලබා නො දුන්නේ ද එවිට ඔවුහු මය දේව ප්‍රතික්ෂේපකයෝ.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
 
අර්ථ කථනය වාක්‍යය: (44) පරිච්ඡේදය: සූරා අල් මාඉදා
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - පරිවර්තන පටුන

ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථයන් හි සිංහල පරිවර්තනය, රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථාන කණ්ඩායම විසින් ඉස්ලාම් හවුස් වෙබ් අඩවිය සමඟ සහයෝගයෙන් පරිවර්තනය කරන ලදි.

වසන්න