ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය * - පරිවර්තන පටුන

PDF XML CSV Excel API
Please review the Terms and Policies

අර්ථ කථනය වාක්‍යය: (93) පරිච්ඡේදය: සූරා අල් අන්ආම්
وَمَنْ اَظْلَمُ مِمَّنِ افْتَرٰی عَلَی اللّٰهِ كَذِبًا اَوْ قَالَ اُوْحِیَ اِلَیَّ وَلَمْ یُوْحَ اِلَیْهِ شَیْءٌ وَّمَنْ قَالَ سَاُنْزِلُ مِثْلَ مَاۤ اَنْزَلَ اللّٰهُ ؕ— وَلَوْ تَرٰۤی اِذِ الظّٰلِمُوْنَ فِیْ غَمَرٰتِ الْمَوْتِ وَالْمَلٰٓىِٕكَةُ بَاسِطُوْۤا اَیْدِیْهِمْ ۚ— اَخْرِجُوْۤا اَنْفُسَكُمْ ؕ— اَلْیَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُوْنِ بِمَا كُنْتُمْ تَقُوْلُوْنَ عَلَی اللّٰهِ غَیْرَ الْحَقِّ وَكُنْتُمْ عَنْ اٰیٰتِهٖ تَسْتَكْبِرُوْنَ ۟
අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නන්ට හෝ තමන් වෙත කිසිදු දේව පණිවිඩයක් දැනුම් දී නො තිබූ තත්ත්වයේ "මටත් දේව පණිවිඩ දෙනු ලැබීය" යැයි පවසන්නාට හෝ "අල්ලාහ් පහළ කළ දෑ මෙන් මම ද පහළ කරමි" යැයි පවසන්නාට වඩා මහත් අපරාධකරු කවරෙකු ද? තවද අපරාධකරුවන් මරණ වේදනාවෙහි සිටින අවස්ථාව නුඹ දකින්නෙහි නම් මලක්වරු තම අත් විහිදුවා "නුඹලාගේ ප්‍රාණ නුඹලා ම බැහැර කර ගනු" (යැයි පවසනු නුඹ දකිනු ඇත.) අල්ලාහ් කෙරෙහි සත්‍ය නො වන දෑ නුඹලා පවසමින් සිටි හෙයින් ද ඔහුගේ වදන් පිළිබඳව අහංකාරකමින් සිටි බැවින් ද අද දින නින්දිත දඬුවම ප්‍රතිවිපාක වශයෙන් දෙනු ලබන්නෙහු ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
 
අර්ථ කථනය වාක්‍යය: (93) පරිච්ඡේදය: සූරා අල් අන්ආම්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - පරිවර්තන පටුන

ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථයන් හි සිංහල පරිවර්තනය, රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථාන කණ්ඩායම විසින් ඉස්ලාම් හවුස් වෙබ් අඩවිය සමඟ සහයෝගයෙන් පරිවර්තනය කරන ලදි.

වසන්න