ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (104) පරිච්ඡේදය: සූරා යූනුස්
قُلْ یٰۤاَیُّهَا النَّاسُ اِنْ كُنْتُمْ فِیْ شَكٍّ مِّنْ دِیْنِیْ فَلَاۤ اَعْبُدُ الَّذِیْنَ تَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ وَلٰكِنْ اَعْبُدُ اللّٰهَ الَّذِیْ یَتَوَفّٰىكُمْ ۖۚ— وَاُمِرْتُ اَنْ اَكُوْنَ مِنَ الْمُؤْمِنِیْنَ ۟ۙ
“මා නුඹලා ඇරයුම් කරන තව්හීද් හෙවත් ඒකීය දේවත්වයේ දහම වන මාගේ දහම සම්බන්ධයෙන් නුඹලා සැකයෙහි වී නම් නුඹලාගේ දහම අර්බුධකාරී දහමක් බවට මා ස්ථීර ව සිටිමි. මම එය අනුගමනය නොකරමි. අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නමදින දෑට මම නොනමදිමි. නමුත් නුඹලා ව මරණයට පත් කරන අල්ලාහ්ව නමදිමි. ඔහුට පමණක් දහම පුද කර අවංක හා නිවැරදි දේව විශ්වාසීන් අතරට මා පත්වන මෙන් ඔහු මට නියෝග කර ඇත.” යැයි අහෝ දූතය! නුඹ පවසනු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• الإيمان هو السبب في رفعة صاحبه إلى الدرجات العلى والتمتع في الحياة الدنيا.
•දේව විශ්වාසය, අදාළ පුද්ගලයා උසස් තරාතිරම් වෙත උසස් කරවීමේ සාධකයක් මෙන්ම මෙලොව ජීවිතයේ සතුට ගෙන දෙන්නකි.

• ليس في مقدور أحد حمل أحد على الإيمان؛ لأن هذا عائد لمشيئة الله وحده.
•දේව විශ්වාසය මත කිසිවෙක් පිහිටවීමට කිසිවකුට හැකියාවක් නැත. ඊට හේතුව එය යොමු වනුයේ අල්ලාහ්ගේ අභිමතය පරිදි පමණය.

• لا تنفع الآيات والنذر من أصر على الكفر وداوم عليه.
•දේව ප්රතික්ෂේපය මත පිහිටා, එහි දිගටම සිටින පුද්ගලයාට සාක්ෂි හා සාධක ඉදිරිපත් කිරීමෙන් හෝ අවවාද කිරීමෙන් ඵලක් වන්නේ නැත.

• وجوب الاستقامة على الدين الحق، والبعد كل البعد عن الشرك والأديان الباطلة.
•සත්ය දහම මත ස්ථාවර ව සිටීමේ හා දේව ආදේශය, හා ව්යාජ ඇදහිළිවලින් ඈත් ව සිටීමේ අනිවාර්යභාවය.

 
අර්ථ කථනය වාක්‍යය: (104) පරිච්ඡේදය: සූරා යූනුස්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න