ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (40) පරිච්ඡේදය: සූරා යූනුස්
وَمِنْهُمْ مَّنْ یُّؤْمِنُ بِهٖ وَمِنْهُمْ مَّنْ لَّا یُؤْمِنُ بِهٖ ؕ— وَرَبُّكَ اَعْلَمُ بِالْمُفْسِدِیْنَ ۟۠
දෙවියන්ට ආදේශ කරන්නන් අතරින් තමන්ගේ මරණයට පෙර අල් කුර්ආනය විශ්වාස කරන්නන් සිටිති. එමෙන්ම ඔවුන් අතරින් මිය යන තෙක්ම මුරණ්ඩුකමින් හා අහංකාරයෙන් එය විශ්වාස නොකරන්නන් ද සිටිති. අහෝ දූතය! තම ප්රතික්ෂේපය මත අඛණ්ඩව නිරතව සිටින්නන් කවුරුන් දැයි නුඹේ පරමාධිපති මැනවින් දනී. ඔවුන්ගේ ප්රතික්ෂේපය සඳහා වූ විපාක ඔහු ඔවුනට පිරිනමනු ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• الهادي إلى الحق هداية التوفيق هو الله وحده دون ما سواه.
•ආශිර්වාදාත්මක සත්ය මඟ වෙත මග පෙන්වන්නා අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නොවේ.

• الحث على تطلب الأدلة والبراهين والهدايات للوصول للعلم والحق وترك الوهم والظن.
•දැනුම හා සත්යය වෙත ළඟා වීම සඳහා සාක්ෂි සාධක හා යහමඟ සෙවීමටත් සැකය හා අනුමානයන් අතහැර දැමීමටත් උනන්දු කරවීම.

• ليس في مقدور أحد أن يأتي ولو بآية مثل القرآن الكريم إلى يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් ශුද්ධ වූ අල් කුර්ආනය මෙන් එක් වැකියක් හෝ ගෙන එන්නට කිසිවකුට හැකියාවක් නැත.

• سفه المشركين وتكذيبهم بما لم يفهموه ويتدبروه.
•දෙවියන්ට ආදේශ තබන්නන්ගේ අඥානභාවය හා තමන් අවබෝධ කර නොගත් මෙන්ම ඒ ගැන පරිශීලනය නොකළ දෑ සම්බන්ධයෙන් ඔවුන් බොරු තෙපලීම.

 
අර්ථ කථනය වාක්‍යය: (40) පරිච්ඡේදය: සූරා යූනුස්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න