Check out the new design

ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (92) පරිච්ඡේදය: යූනුස්
فَالْیَوْمَ نُنَجِّیْكَ بِبَدَنِكَ لِتَكُوْنَ لِمَنْ خَلْفَكَ اٰیَةً ؕ— وَاِنَّ كَثِیْرًا مِّنَ النَّاسِ عَنْ اٰیٰتِنَا لَغٰفِلُوْنَ ۟۠
අහෝ ෆිර්අවුන්! අද දින අපි නුඹ ව ගොඩ ගන්නෙමු. මහපොළොවේ උස් ස්ථානයක නුඹ ව තැන්පත් කරන්නෙමු. එය නුඹෙන් පසු ව පැමිණෙන්නන් හට නුඹ පාඩමක් වනු පිණිසය. සැබැවින්ම බහුතරයක් ජනයා අපගේ සාධක හා අපගේ බලය පිළිබඳ සාක්ෂි නොසලකා හරින්නන් වෙති. ඒ සම්බන්ධයෙන් කල්පනා කර නොබලති.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• وجوب الثبات على الدين، وعدم اتباع سبيل المجرمين.
•දහම මත ස්ථාවර ව සිටීමේ අනිවාර්යභාවය හා වැරදිකරු වන්ගේ මාර්ගය අනුගමනය කිරීමෙන් වැළකී සිටීම.

• لا تُقْبل توبة من حَشْرَجَت روحه، أو عاين العذاب.
• කරවරෙකුගේ ආත්මය රෝගාපගතවුයේද හෝ කවරෙකු දඬුවම දෑසින් දුටුවේද ඔහුගේ පසුතැවිල්ල භාර ගනු නොලබන්නකි.

• أن اليهود والنصارى كانوا يعلمون صفات النبي صلى الله عليه وسلم، لكن الكبر والعناد هو ما منعهم من الإيمان.
•සැබැවින්ම යුදෙව්වන් හා කිතුනුවන් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ ගුණාංග පිළිබඳ දැන සිටියෝය. නමුත් උඩඟුකම, හිතුවක්කාර කම එය විශ්වාස කිරීමෙන් ඔවුන් වැළැක්වීය.

 
අර්ථ කථනය වාක්‍යය: (92) පරිච්ඡේදය: යූනුස්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය - පරිවර්තන පටුන

අල්කුර්ආන් අධ්‍යයන සඳහා වූ තෆ්සීර් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලදී.

වසන්න