Check out the new design

ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (59) පරිච්ඡේදය: අල් ඉස්රා
وَمَا مَنَعَنَاۤ اَنْ نُّرْسِلَ بِالْاٰیٰتِ اِلَّاۤ اَنْ كَذَّبَ بِهَا الْاَوَّلُوْنَ ؕ— وَاٰتَیْنَا ثَمُوْدَ النَّاقَةَ مُبْصِرَةً فَظَلَمُوْا بِهَا ؕ— وَمَا نُرْسِلُ بِالْاٰیٰتِ اِلَّا تَخْوِیْفًا ۟
දෙවියන්ට ආදේශ තැබූවන් ඉල්ලා සිටින පරිදි දූතයාණන් සත්ය බවට පෙන්වා දෙන, මිය ගිය ඇත්තන්ට යළි ජීවය දීම හා වෙනත් ප්රාතිහාර්යන් වැනි සංවේදනීය සළකුනු අප පහළ කිරීම අතැහැර දැමුවේ, සැබැවින්ම ඒවා පෙර සමූහයන්ට අපි පහළ කළ නමුදු ඔවුන් ඒවා බොරු කර සිටි බැවිණි. සැබැවින්ම සමූද් ජනයාට අතිමහත් පැහැදිලි ප්රාතිහාර්යයක් පිරිනැමුවෙමු. එය ඔටු දෙනයි. නමුත් ඔවුන් එය ප්රතික්ෂේප කළෝය. එවිට අපි ඔවුනට දඬුවම ඉක්මන් කළෙමු. එවන් ප්රාතිහාර්යයන් දූතවරුන්ගේ දෑතට අපි පිරිනැමුවේ ඔවුන්ගේ සමූහයා බිය ගැන්වීමටය. එවිට ඔවුන් අල්ලාහ්ට අවනත වන්නන් විය හැකිය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• من رحمة الله بالناس عدم إنزاله الآيات التي يطلبها المكذبون حتى لا يعاجلهم بالعقاب إذا كذبوا بها.
•බොරුකාරයින් ඉල්ලා සිටින පරිදි ප්රාතිහාර්යයන් පහළ වී ඒවා ඔවුන් බොරු කළ විට ඔවුනට දඬුවම ඉක්මණින් ඇති නොවනු පිණිස එවන් ප්රතිහාර්යයන් අල්ලාහ් විසින් පහළ නොකිරීම ජනයා කෙරෙහි ඔහු දැක්වූ කරුණාවකි.

• ابتلى الله العباد بالشيطان الداعي لهم إلى معصية الله بأقواله وأفعاله.
•තම ක්රියාදාමයන් හා තම ප්රකාශයන් තුළින් අල්ලාහ් වෙත පාපකම් සිදු කිරීම සඳහා ඔහුගේ ගැත්තන් ඇරයුම් කරමින් සිටින ෂෙයිතාන්ගෙන් ඔහු ඔවුන් පරීක්ෂාවට ලක් කරනු ඇත.

• من صور مشاركة الشيطان للإنسان في الأموال والأولاد: ترك التسمية عند الطعام والشراب والجماع، وعدم تأديب الأولاد.
•සම්පත් හා දරුවන් විෂයයෙහි ෂෙයිතාන් මිනිසුනට හවුල්වන ස්වරූප වනුයේ: ආහාර ගැනීම, පානය කිරීම, අඹු සැමි ඇසුරෙහි නිරත වීම යනාදී අවස්ථාවන්වල අල්ලාහ්ගේ නාමය ප්රකාශ කිරීමට මග හරවාලීමයි. එමෙන්ම දරුවන් විනයානුකූල නොවන තත්ත්වයට පත් කිරීමයි.

 
අර්ථ කථනය වාක්‍යය: (59) පරිච්ඡේදය: අල් ඉස්රා
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය - පරිවර්තන පටුන

අල්කුර්ආන් අධ්‍යයන සඳහා වූ තෆ්සීර් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලදී.

වසන්න