Check out the new design

ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (133) පරිච්ඡේදය: අල් බකරා
اَمْ كُنْتُمْ شُهَدَآءَ اِذْ حَضَرَ یَعْقُوْبَ الْمَوْتُ ۙ— اِذْ قَالَ لِبَنِیْهِ مَا تَعْبُدُوْنَ مِنْ بَعْدِیْ ؕ— قَالُوْا نَعْبُدُ اِلٰهَكَ وَاِلٰهَ اٰبَآىِٕكَ اِبْرٰهٖمَ وَاِسْمٰعِیْلَ وَاِسْحٰقَ اِلٰهًا وَّاحِدًا ۖۚ— وَّنَحْنُ لَهٗ مُسْلِمُوْنَ ۟
أم كنتم حاضرين خبر يعقوب حين حضرته الوفاة، حين قال لأبنائه سائلًا إياهم: ما تعبدون من بعد موتي؟ قالوا جوابًا لسؤاله: نعبد إلهك وإله آبائك إبراهيم وإسماعيل وإسحاق، إلهًا واحدًا لا شريك له، ونحن له وحده مستسلمون ومنقادون.
යඃකූබ් තුමා මරණයට පත්වන කල්හි තම දරුවන් පමණක් අමතා: ‘මාගේ මරණයෙන් පසු නුඹලා නමදිනුයේ කුමක් ද?’ යැයි විමසා සිටි අවස්ථාවේ නුඹලා සිටියෙහුද? ඔවුහු එතුමාට පිළිතුරු වශයෙන්: ‘ඔබේ දෙවිඳුන් වන ඔබට පෙර සිටි ඉබ්රාහීම් ඉස්මාඊල් ඉස්හාක් යන ඔබේ මුතුන් මිත්තන්ගේ දෙවිඳුන් වන එකම දෙවිඳුන් නමදිමු. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නැත. ඔහුට පමණක් අපි අවනත වන්නෙමු. පිළිපදින්නෙමු’ යැයි පවසා සිටියහ.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• المؤمن المتقي لا يغتر بأعماله الصالحة، بل يخاف أن ترد عليه، ولا تقبل منه، ولهذا يُكْثِرُ سؤالَ الله قَبولها.
බැතිමත් දේව විශ්වාසවන්තයෙකු ඔහුගේ දැහැමි ක්රියාවන් දෙස බලා රැවටෙන්නේ නැත. ඒ සඳහා තමන්ට ප්රතිචාර ලැබේ ද? එය පිළිගනු ලැබේ ද නොලැබේ ද යනුවෙන් බිය වෙයි. එහෙයින් ඔහු එය පිළිගන්නා මෙන් අධික ලෙස අල්ලාහ්ගෙන් කණ්ණලව් කර සිටියි.

• بركة دعوة أبي الأنبياء إبراهيم عليه السلام، حيث أجاب الله دعاءه وجعل خاتم أنبيائه وأفضل رسله من أهل مكة.
නබිවරුන්ගේ පියා ලෙස සැලකෙන ඉබ්රාහීම් අලයිහිස් සලාම් තුමාගේ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දීමෙන් ඉන් ඇති වූ සමෘධිය.

• دين إبراهيم عليه السلام هو الملة الحنيفية الموافقة للفطرة، لا يرغب عنها ولا يزهد فيها إلا الجاهل المخالف لفطرته.
ඉබ්රාහීම්ගේ දහම ස්වභාදහමට අනුකූල වූ අචල පිළිවෙතකි. තම ස්වභාවික පැවැත්මට වෙනස්කම් කරන අධමයකු මිස වෙනත් කිසිවකු ඉන් දුරස් වන්නට සිතන්නේ නැත. ඉන් හැරෙන්නේද නැත.

• مشروعية الوصية للذرية باتباع الهدى، وأخذ العهد عليهم بالتمسك بالحق والثبات عليه.
යහමග අනුගමනය කරන මෙන් පරපුරකට උපදෙස් දීම ආගමානුගත කර තිබීම. සත්යය පිළිපදිමින් එහි ස්ථාවර සිටින මෙන් ඔවුන්ගෙන් ගිවිසුමක් ගැනීම.

 
අර්ථ කථනය වාක්‍යය: (133) පරිච්ඡේදය: අල් බකරා
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය - පරිවර්තන පටුන

අල්කුර්ආන් අධ්‍යයන සඳහා වූ තෆ්සීර් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලදී.

වසන්න