Check out the new design

ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (199) පරිච්ඡේදය: අල් බකරා
ثُمَّ اَفِیْضُوْا مِنْ حَیْثُ اَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
අරෆාවෙහි රැඳී නොසිටින ඇතැම් අඥාන ජනයා සිදු කරන්නාක් මෙන් නොව ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා අනුගමනය කළ ජනයා සිදු කරන්නාක් මෙන් අරෆාහි රැඳී සිට පසුව ඉන් ඉවත් ව යනු. අල්ලාහ් ආගමානුගත කළ දෑ ඉටු කිරීමෙහි සිදු වූ අඩුපාඩු සඳහා නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. සැබැවින්ම අල්ලාහ් ඔහුගෙන් පාප සමාව අයැද සිටින තම ගැත්තන් ප්රිය කරන්නේය. ඔහු ඔවුන් වෙත මහා කාරුණිකය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• يجب على المؤمن التزود في سفر الدنيا وسفر الآخرة، ولذلك ذكر الله أن خير الزاد هو التقوى.
•මෙලොව හා මතු ලොව ගමනෙහි පොදි බැඳ ගැනීම දෙවියන් පිළිබඳ විශ්වාස කරන්නා කෙරෙහි අනිවාර්යය වේ. එය අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් සිදු විය යුත්තකි. සැබැවින්ම එසේ පොදි බැඳ ගන්නා දෑ අතරින් වඩාත් උතුම් වන්නේ අල්ලාහ් පිළිබඳ වූ බියබැතිමත්කමය.

• مشروعية الإكثار من ذكر الله تعالى عند إتمام نسك الحج.
•හජ් වන්දනාව සම්පූර්ණ කරන අවස්ථාවේ අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි කිරීම ආගමානුගත කර ඇත.

• اختلاف مقاصد الناس؛ فمنهم من جعل همّه الدنيا، فلا يسأل ربه غيرها، ومنهم من يسأله خير الدنيا والآخرة، وهذا هو الموفَّق.
•මිනසුන්ගේ බලාපොරොත්තු විවිධය. ඔවුන් අතර තම ආශාව මෙලොව පමණක් බවට පත් කර ගත් අය වෙති. ඒ හැර ඔවුන් වෙනත් කිසිවක් පරමාධිපතිගෙන් ඉල්ලා සිටින්නේ නැත. එමෙන්ම මෙලොව හා මතු ලොව යන දෙකෙහිම යහපත පතන්නන් ද වෙති. එයයි වඩාත් ගැළපෙන ක්රමවේදය වනුයේ.

 
අර්ථ කථනය වාක්‍යය: (199) පරිච්ඡේදය: අල් බකරා
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය - පරිවර්තන පටුන

අල්කුර්ආන් අධ්‍යයන සඳහා වූ තෆ්සීර් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලදී.

වසන්න