ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (88) පරිච්ඡේදය: සූරා අල් බකරා
وَقَالُوْا قُلُوْبُنَا غُلْفٌ ؕ— بَلْ لَّعَنَهُمُ اللّٰهُ بِكُفْرِهِمْ فَقَلِیْلًا مَّا یُؤْمِنُوْنَ ۟
යුදෙව්වන්ගේ ප්රකාශය මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ඔවුන් විසින් නොපිළිපදින බවට වූ සාධකයක් ලෙස පිහිටින. ඔවුහු: නියත වශයෙන්ම අපගේ සිත් ආවරණය වී ඇත. ඔබ පවසන ඔබ පැහැදිලි කරන කිසිවක් ඒ තුළට පිවිසෙන්නේ නැත’ යැයි පවසා සිටියහ. ඒ තත්ත්වය ඔවුන් සිතන පරිදි නැත. එහි නියම තත්ත්වය වනුයේ ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ්ගේ කරුණාවෙන් ඔවුන් නෙරපා හැර තිබීමය. එහෙයින් අල්ලාහ් පහළ කරන දැයින් ස්වල්පයක් මිස ඔවුහු විශ්වාස නොකරති.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• من أعظم الكفر: الإيمان ببعض ما أنزل الله والكفر ببعضه؛ لأن فاعل ذلك قد جعل إلهه هواه.
දෙවියන් ප්රතික්ෂේප කිරීමේ බරපතලම කරුණු අතරින් එකක් වනුයේ ඔහු පහළ කළ දැයින් කොටසක් විශ්වාස කොට තවත් කොටසක් ප්රතික්ෂේප කිරීමය. හේතුව එසේ සිදු කරන්නා තම ආශාවන් තම දෙවියන් බවට පත් කරගෙන ඇති බැවිනි.

• عِظَم ما بلغه اليهود من العناد، واتباع الهوى، والتلاعب بما أنزل الله تعالى.
• හිතුවක්කාරකම, ආශාවන්ට වහල්වීම, අල්ලාහ් පහළ කළ දෑහි සෙල්ලම් කිරීම වැනි කරුණු තුළින් ඔවුන් උපයාගත් දෑ අති බිහිසුණුය.

• فضل الله تعالى ورحمته بخلقه، حيث تابع عليهم إرسال الرسل وإنزال الكتب لهدايتهم للرشاد.
• ඍජු මග ලබන්නට තම මැවීම්වලට මග පෙන්වීම, ඔවුන් වෙත දේව පුස්තක හා දහම් දූතවරුන් පහළ කිරීම වැනි ආශිර්වාද තුළින් අල්ලාහ් තම මැවීම් වෙත දක්වා ඇති කරුණාව.

• أن الله يعاقب المعرضين عن الهدى المعاندين لأوامره بالطبع على قلوبهم وطردهم من رحمته؛ فلا يهتدون إلى الحق، ولا يعملون به.
• අල්ලාහ්ගේ නියෝග හිතුවක්කාර ලෙස පැහැර හරින යහමග පිටු දකින ජනයාහට, ඔවුන්ගේ හදවත් මුද්රා කොට තම කරුණාවෙන් නෙරපා හැර අල්ලාහ් ඔවුනට දඬුවම් කරනු ඇත. එවිට ඔවුන් සත්යය වෙත මඟ පෙන්වනු නොලබති. එමෙන්ම ඔවුන් එය වටහා ගන්නේ ද නැත.

 
අර්ථ කථනය වාක්‍යය: (88) පරිච්ඡේදය: සූරා අල් බකරා
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න