Check out the new design

ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (25) පරිච්ඡේදය: අල් හජ්
اِنَّ الَّذِیْنَ كَفَرُوْا وَیَصُدُّوْنَ عَنْ سَبِیْلِ اللّٰهِ وَالْمَسْجِدِ الْحَرَامِ الَّذِیْ جَعَلْنٰهُ لِلنَّاسِ سَوَآءَ ١لْعَاكِفُ فِیْهِ وَالْبَادِ ؕ— وَمَنْ یُّرِدْ فِیْهِ بِاِلْحَادٍ بِظُلْمٍ نُّذِقْهُ مِنْ عَذَابٍ اَلِیْمٍ ۟۠
සැබැවින්ම අල්ලාහ්ව ප්රතික්ෂේප කොට, ඉස්ලාමය තුළට පිවිසෙන සෙසු ජනයා වෙනතකට යොමු කොට මස්ජිදුල් හරාමයෙන් ජනයා වළක්වන අය වනාහි එම දේව ආදේශකයින් හුදෙයිබියා ගිවිසුම් වසරෙහි ක්රියා කළාක් මෙන් ම අපි ද ඔවුනට වේදනීය දඬුවම මතු පිරිනමන්නෙමු. එම මස්ජිදය අප නියම කර ඇත්තේ ජනයා ඔවුන්ගේ සලාතයේ මුහුණලන දිශාව හා හජ් උම්රා පිළිවෙත් ඉටු කරන නැමදුම් ස්ථාන ලෙසය. එහිදී එහි පදිංචිව සිටින මක්කාවාසීන් ද මක්කා වාසීන් නොවන පිටස්තරයන් ද සමානය. එහෙයින් උවමනාවෙන්ම පාපයක් සිදු කිරීමෙන් සත්යයෙන් නැඹුරු වන්නට කවරෙකු සිතන්නේ ද සැබැවින්ම අපි ඔහුට වේදනීය දඬුවමක් විඳින්නට සළස්වමු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• حرمة البيت الحرام تقتضي الاحتياط من المعاصي فيه أكثر من غيره.
•ශුද්ධ වූ නිවස සතු ගෞරවය, වෙනත් අවස්ථාවන්වල සිදුවන පාපකම් වලට වඩා අධිකව ප්රවේසම් වීමේ අවශ්යතාව මෙහිදී ඇති කරයි.

• بيت الله الحرام مهوى أفئدة المؤمنين في كل زمان ومكان.
•ශුද්ධ වූ අල්ලාහ්ගේ නිවස වනාහි, සෑම කාලයකම හා සෑම ස්ථානයකම සිටින දේවත්වය විශ්වාස කරන්නන්ගේ හදවත් ආශා කරන තැනකි.

• منافع الحج عائدة إلى الناس سواء الدنيوية أو الأخروية.
•හජ් හි ප්රතිලාභ, ඒවා ලෞකික හෝ මතුලොව ප්රතිලාභ වුව ද ජනයා වෙත හැරී එනු ඇත.

• شكر النعم يقتضي العطف على الضعفاء.
•ආශිර්වාදවලට කෘතවේදී වීම දුර්වලයින්හට කරුණාව දැක්වීමට නියම කරයි.

 
අර්ථ කථනය වාක්‍යය: (25) පරිච්ඡේදය: අල් හජ්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය - පරිවර්තන පටුන

අල්කුර්ආන් අධ්‍යයන සඳහා වූ තෆ්සීර් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලදී.

වසන්න