Check out the new design

ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (28) පරිච්ඡේදය: අන් නූර්
فَاِنْ لَّمْ تَجِدُوْا فِیْهَاۤ اَحَدًا فَلَا تَدْخُلُوْهَا حَتّٰی یُؤْذَنَ لَكُمْ ۚ— وَاِنْ قِیْلَ لَكُمُ ارْجِعُوْا فَارْجِعُوْا هُوَ اَزْكٰی لَكُمْ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ عَلِیْمٌ ۟
නුඹලාට එම නිවෙස් තුළ කිසිවෙකු දැක ගත නොහැකි වී නම් නිවසට ඇතුලු වීමට අවසර දීමේ අයිතිය ඇත්තන්ගෙන් කෙනෙකු අවසර දෙන තුරු නුඹලා එහි නොපිවිසෙනු. එහි හිමිකරුවන් නුඹලාට නැවත හැරී යන්නැයි පවසා සිටියේ නම් එහි නොපිවිස හැරී යනු. සැබැවින්ම අල්ලාහ් අබියස එය නුඹලාට වඩාත් පිවිතුරුය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්වඥානීය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• جواز دخول المباني العامة دون استئذان.
•පොදු ගොඩනැගිලිවලට අවසරයෙන් තොර ව පිවිසීමේ අනුමැතිය.

• وجوب غض البصر على الرجال والنساء عما لا يحلّ لهم.
•පිරිමින් හා කාන්තාවන් ඔවුනට අනුමත නොවන දෑ බැලීමෙන් ඔවුන්ගේ බැල්ම පහත හෙළීමේ අනිවාර්යයභාවය.

• وجوب الحجاب على المرأة.
•කාන්තාව හිජාබ් පැළදීමේ අනිවාර්යය භාවය.

• منع استخدام وسائل الإثارة.
•පෙළඹවීමේ හා උද්දීපනය කිරීමේ මාධ්ය සාධක භාවිතා කිරීමෙන් වැළකීම.

 
අර්ථ කථනය වාක්‍යය: (28) පරිච්ඡේදය: අන් නූර්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය - පරිවර්තන පටුන

අල්කුර්ආන් අධ්‍යයන සඳහා වූ තෆ්සීර් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලදී.

වසන්න