Check out the new design

ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (41) පරිච්ඡේදය: අන් නූර්
اَلَمْ تَرَ اَنَّ اللّٰهَ یُسَبِّحُ لَهٗ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ وَالطَّیْرُ صٰٓفّٰتٍ ؕ— كُلٌّ قَدْ عَلِمَ صَلَاتَهٗ وَتَسْبِیْحَهٗ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِمَا یَفْعَلُوْنَ ۟
අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ්ගේ මැවීම් අතරින් අහස්හි ඇති දෑ ඔහු ව සුවිශුද්ධ කරන බවත් මහපොළොවේ ඇති දෑ ද ඔහු ව සුවිශුද්ධ කරන බවත් ආකාශයේ පියාපත් විහිදුවා පියාසර කරන පක්ෂීන් ද ඔහු ව සුවිශුද්ධ කරන බවත් නුඹ නොදන්නෙහි ද? ඒ සෑම මැවීමක් අතරින්ම මිනිසා මෙන් ඔහුට නැමදුම් කරන අයගේ නැමදුම පිළිබඳව ද පක්ෂීන් මෙන් සුවිශුද්ධ කරන දෑහි සුවිශුද්ධ කිරීම ද අල්ලාහ් දනී. ඔවුන් සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• موازنة المؤمن بين المشاغل الدنيوية والأعمال الأخروية أمر لازم.
•මෙලොව කාර්යබහුලතාවය හා මතුලොව ක්රියාවන් අතර දේව විශ්වාසියා සමබරතාව රැකීම අනිවාර්යය කරුණකි.

• بطلان عمل الكافر لفقد شرط الإيمان.
•ඊමාන් හෙවත් දේව විශ්වාසය යන කොන්දේසිය නොමැති වීම හේතුවෙන් දේව ප්රතික්ෂේපකයා සිදු කරන ක්රියාවන්හි නිෂ්ඵලභාවය.

• أن الكافر نشاز من مخلوقات الله المسبِّحة المطيعة.
•අල්ලාහ්ට අවනත වන ඔහු ව සුවිශුද්ධ කරන ඔහුගේ මැවීම් පිළිබඳ සැබැවින්ම දේව ආදේශකයා ගැටලුකාරී තත්ත්වයක පසුවෙයි.

• جميع مراحل المطر من خلق الله وتقديره.
•වර්ෂාවේ පවතින සියලුම අදියරයන් අල්ලාහ්ගේ මැවීම් හා ඔහුගේ සැලසුම් අතරින් වන දෑය.

 
අර්ථ කථනය වාක්‍යය: (41) පරිච්ඡේදය: අන් නූර්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය - පරිවර්තන පටුන

අල්කුර්ආන් අධ්‍යයන සඳහා වූ තෆ්සීර් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලදී.

වසන්න