ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (9) පරිච්ඡේදය: සූරා අල් කසස්
وَقَالَتِ امْرَاَتُ فِرْعَوْنَ قُرَّتُ عَیْنٍ لِّیْ وَلَكَ ؕ— لَا تَقْتُلُوْهُ ۖۗ— عَسٰۤی اَنْ یَّنْفَعَنَاۤ اَوْ نَتَّخِذَهٗ وَلَدًا وَّهُمْ لَا یَشْعُرُوْنَ ۟
ෆිර්අවුන් ඔහු ව ඝාතනය කිරීමට සිතූ කල්හි ඔහුගේ බිරිය ඔහුට, "මෙම දරුවා මටත් ඔබටත් සතුට ගෙන දෙන්නක් විය හැක. එහෙයින් නුඹලා ඔහු මරා නොදමනු. ඇතැම් විට මෙහෙකම් කිරීමෙන් ඔහු අපට ප්රයෝජනවත් වනු ඇත. එසේ නැතහොත් දරුවකු ලෙස අපි ඔහු හදාවඩා ගත හැක." යැයි පැවසුවාය. නමුත් ඔහුගේ දෑතින් ඔවුන්ගේ රාජ්යයට අත්වන්නට යන දෑ ඔවුහු නොදැන සිටියෝය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• تدبير الله لعباده الصالحين بما يسلمهم من مكر أعدائهم.
•අල්ලාහ්ගේ දැහැමි ගැත්තන්හට ඔවුන්ගේ සතුරන්ගේ කුමන්ත්රණ වලින් ඔවුන් ආරක්ෂා කරන අයුරින් අල්ලාහ් සැලසුම් යෙදීම.

• تدبير الظالم يؤول إلى تدميره.
•අපරාධකරුවාගේ සැලසුම ඔහුගේ විනාශය වෙත ඔහු ව රැගෙන යයි.

• قوة عاطفة الأمهات تجاه أولادهن.
•මව්වරුන් තම දරුවන් වෙත දක්වන සෙනෙහසේ බලවත්භාවය.

• جواز استخدام الحيلة المشروعة للتخلص من ظلم الظالم.
•අපරාධකරුවාගේ අපරාධයෙන් මිදීම සඳහා ආගමානගත කළ පරිදි සැලසුම් යෙදීමෙහි අනුමැතිය.

• تحقيق وعد الله واقع لا محالة.
•අල්ලාහ්ගේ ප්රතිඥාව තහවුරුය. කිසිදු සැකයකින් තොර ව සිදුවන්නකි.

 
අර්ථ කථනය වාක්‍යය: (9) පරිච්ඡේදය: සූරා අල් කසස්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න