ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (27) පරිච්ඡේදය: සූරා අර් රූම්
وَهُوَ الَّذِیْ یَبْدَؤُا الْخَلْقَ ثُمَّ یُعِیْدُهٗ وَهُوَ اَهْوَنُ عَلَیْهِ ؕ— وَلَهُ الْمَثَلُ الْاَعْلٰى فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ۚ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟۠
කිසිදු පූර්වාදර්ශයකින් තොර ව මැවීම් උත්පාදනය කරන්නා සුවිශුද්ධ අල්ලාහ්ය. එය විනාශ වූ පසු ඔහු එය යළි ගෙන එයි. (ප්රථම වරට) උත්පාදනය කිරීමට වඩා යමක් නැවත ගෙන ඒම වඩාත් පහසුය. ඒ දෙකම ඔහුට පහසුය. ඊට හේතුව ඔහු යමකට ‘කුන්’ - වනු - යැයි පැවසූ වහාම එය සිදුවන බැවිනි. කීර්තිමත් හා පූර්ණවත් ගුණාංග අතරින් ඔහු කවර ගුණාංගයකින් වර්ණනා කරනු ලබන්නේ ද ඒ සියලු ගුණාංගවලට වඩා ඉහළ ගුණාංග ඔහු සතුය. ඔහු කිසිවකු පරාජය කළ නොහැකි සර්වබලධාරීය. ඔහුගේ මැවීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• خضوع جميع الخلق لله سبحانه قهرًا واختيارًا.
•බලෙන් හෝ කැමැත්තෙත් තෝරා ගැනීමෙන් හෝ අල්ලාහ්ට සියලු මැවීම්හි යටත්භාවය.

• دلالة النشأة الأولى على البعث واضحة المعالم.
•පළමු මැවීම, නැවත නැගිටුවීම සඳහා වූ පැහැදිළි සාධකයක් වේ.

• اتباع الهوى يضل ويطغي.
•ආශාවන් අනුගමනය කිරීම නොමගට යොමු කරයි. ප්රචණ්ඩත්වය ඇති කරයි.

• دين الإسلام دين الفطرة السليمة.
•ඉස්ලාමය යනු නිවැරදි සහජ ස්වභාවයෙන් යුත් දහමයි.

 
අර්ථ කථනය වාක්‍යය: (27) පරිච්ඡේදය: සූරා අර් රූම්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න