ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (9) පරිච්ඡේදය: සූරා අස්-සජදා
ثُمَّ سَوّٰىهُ وَنَفَخَ فِیْهِ مِنْ رُّوْحِهٖ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْاَبْصَارَ وَالْاَفْـِٕدَةَ ؕ— قَلِیْلًا مَّا تَشْكُرُوْنَ ۟
පසු ව ඔහු මිනිසාව නිසි අයුරින් සකසා පූර්ණවත් කළේය. ප්රාණය පිඹීම සඳහා භාර කරන ලද මලක්වරයාට කරන නියෝගයෙන් ඔහුගේ ප්රාණයෙන් එහි පිඹිනු ලැබීය. අහෝ මිනිසුනි! නුඹලා සවන් දෙනු පිණිස නුඹලාට ඔහු සවන් ඇති කළේය. නුඹලා බලනු පිණිස නුඹලාට දෘෂ්ටීන් ඇති කළේය. නුඹලා වටහා ගනු පිණිස නුඹලාට හදවත් ඇති කළේය. නුඹලා වෙත පිරිනැමූ ආශිර්වාද සඳහා නුඹලා අල්ලාහ්ට කෘතඥ වනුයේ ස්වල්ප වශයෙනි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• الحكمة من بعثة الرسل أن يهدوا أقوامهم إلى الصراط المستقيم.
•දහම් දූතවරුන් එවීමේ ප්රඥාව වනුයේ ඔවුන් තම සමූහයා ඍජු මාර්ගය වෙත මග පනේවීමය.

• ثبوت صفة الاستواء لله من غير تشبيه ولا تمثيل.
•කිසිදු සමාන කිරීමකින් හෝ උපමා කිරීමකින් තොරව අල්ලාහ් සතු ‘ඉස්තවා’ රැඳීම යන ගුණාංගය තහවුරු කිරීම.

• استبعاد المشركين للبعث مع وضوح الأدلة عليه.
•යළි අවදි කිරීම සඳහා සාධක පැහැදිලි වීමත් සමග දේව ආදේශකයින් දුරස්වීමට බැලීම.

 
අර්ථ කථනය වාක්‍යය: (9) පරිච්ඡේදය: සූරා අස්-සජදා
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න