ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (40) පරිච්ඡේදය: සූරා අල්-අහ්සාබ්
مَا كَانَ مُحَمَّدٌ اَبَاۤ اَحَدٍ مِّنْ رِّجَالِكُمْ وَلٰكِنْ رَّسُوْلَ اللّٰهِ وَخَاتَمَ النَّبِیّٖنَ ؕ— وَكَانَ اللّٰهُ بِكُلِّ شَیْءٍ عَلِیْمًا ۟۠
නුඹලාගේ පිරිමින් අතරින් කිසිවෙකුගේ පියකු ලෙස මුහම්මද් නොවීය. ඔහු සෙයිද්ගේ පියා නොවීය. සෙයිද් විවාහ කර ගත් බිරිය දික්කසාද කළ විට ඇයව විවාහ කර ගැනීම තහනම් වන තරමට ඔහු සෙයිද්ගේ පියා නොවීය. එනමුත් ඔහු මිනිස් වර්ගයා වෙත එවනු ලැබූ අල්ලාහ්ගේ දූතයෙකි. නබිවරුන්ගේ අවසානයාය. ඔහුගෙන් පසු ව වෙනත් කිසිදු නබිවරයෙකු නැත. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වඥය. තම ගැත්තන්ගේ කිසිදු කරුණක් ඔහුට සැඟවෙන්නේ නැත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• وجوب استسلام المؤمن لحكم الله والانقياد له.
•අල්ලාහ්ගේ නීතියට දේව විශ්වාසියා යටත් වීමේ හා එයට අවනත වීමේ අනිවාර්යභාවය.

• اطلاع الله على ما في النفوس.
•සිත් තුළ ඇති දෑ මත අල්ලාහ්ගේ නිරීක්ෂණය.

• من مناقب أم المؤمنين زينب بنت جحش: أنْ زوّجها الله من فوق سبع سماوات.
•දේවත්වය විශ්වාස කරන්නන්ගේ මව් තුමියක් වන සෙයිනබ් බින්ත් ජහ්ෂ් (රළියල්ලාහු අන්හා) තුමිය ව අහස් හතකට ඉහළින් අල්ලාහ් විවාහ කර දීමෙන් ඇයට හිමි වූ ගුණ මහිමය.

• فضل ذكر الله، خاصة وقت الصباح والمساء.
•අල්ලාහ්ව මෙනෙහි කිරීමේ මහිමය. විශේෂයෙන් උදෑසන හා සවස් කාලයේ දී.

 
අර්ථ කථනය වාක්‍යය: (40) පරිච්ඡේදය: සූරා අල්-අහ්සාබ්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න