ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (7) පරිච්ඡේදය: සූරා අල්-අහ්සාබ්
وَاِذْ اَخَذْنَا مِنَ النَّبِیّٖنَ مِیْثَاقَهُمْ وَمِنْكَ وَمِنْ نُّوْحٍ وَّاِبْرٰهِیْمَ وَمُوْسٰی وَعِیْسَی ابْنِ مَرْیَمَ ۪— وَاَخَذْنَا مِنْهُمْ مِّیْثَاقًا غَلِیْظًا ۟ۙ
අල්ලාහ්ට පමණක් නමදින ලෙස ද, ඔහුට කිසිවක් ආදේශ නොකරන ලෙස ද ඔවුන් වෙත කවර දේව පණිවිඩයක් පහළ කරනු ලැබුවේ ද එය ප්රචාරය කරන ලෙස ද, අපි නබිවරුන්ගෙන් ස්ථාවර ගිවිසුමක් ගත් සැටි නබි තුමණි! මෙනෙහි කරනු. විශේෂයෙන්ම නුඹගෙන් ද නූහ් ඉබ්රාහීම් මූසා මර්යම්ගේ පුත් ඊසාගෙන් ද එවැනි අයුරින්ම ප්රතිඥාවක් ගත් සැටිත් මෙනෙහි කරනු. තවද ඔවුනට විශ්වාසයෙන් පවරන ලද අල්ලාහ්ගේ දූත පණිවිඩ ප්රචාරය කිරීම සම්පූර්ණ කරන මෙන් ස්ථාවර ප්රතිඥාවක් අපි ඔවුන්ගෙන් ගත්තෙමු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• منزلة أولي العزم من الرسل.
•දූතවරුන් අතරින් ‘උලුල් අස්ම්’ හෙවත් ප්රධාන පෙළේ උදාර නබිවරුන්ගේ තත්ත්වය.

• تأييد الله لعباده المؤمنين عند نزول الشدائد.
•දැඩි දුෂ්කරතා පහළ වන අවස්ථාවේ අල්ලාහ් තම විශ්වාසී ගැත්තන්ව තහවුරු කිරීම.

• خذلان المنافقين للمؤمنين في المحن.
•පරීක්ෂණයේදී කුහකයින් දේව විශ්වාසීන්ගෙන් පසුබැසීම.

 
අර්ථ කථනය වාක්‍යය: (7) පරිච්ඡේදය: සූරා අල්-අහ්සාබ්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න