ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (73) පරිච්ඡේදය: සූරා අල්-අහ්සාබ්
لِّیُعَذِّبَ اللّٰهُ الْمُنٰفِقِیْنَ وَالْمُنٰفِقٰتِ وَالْمُشْرِكِیْنَ وَالْمُشْرِكٰتِ وَیَتُوْبَ اللّٰهُ عَلَی الْمُؤْمِنِیْنَ وَالْمُؤْمِنٰتِ ؕ— وَكَانَ اللّٰهُ غَفُوْرًا رَّحِیْمًا ۟۠
අල්ලාහ්ගෙන් වූ පෙර නියමය අනුව මිනිසා එය ඉසිලීය. පුරුෂයින් අතර සිටින කුහකයින් හා කාන්තාවන් අතර සිටින කුහක කාන්තාවන්හටත් පුරුෂයින් අතර සිටින බහුදේවවාදීන් හා කාන්තාවන් අතර සිටින බහුදේවවාදී කාන්තාවන්හටත් ඔවුන්ගේ කුහකත්වය හා ඔවුන් අල්ලාහ්ට ආදේශ තැබීම හේතුවෙන් අල්ලාහ් ඔවුනට දඬුවම් කරනු පිණිසය. එමෙන්ම වගකීමේ භාරකාරත්වය ඉසිලීම යහපත් ලෙස ක්රියාත්මක කළ දේව විශ්වාසීන් හා දේව විශ්වාසී කාන්තාවන්හට අල්ලාහ් පාපක්ෂමාව පිරිනැමීම පිණිසය. අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහු වෙත පාපක්ෂමාවේ නිරත වී යොමු වන්නන්හට අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• اختصاص الله بعلم الساعة.
•අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් විශේෂ වූවකි.

• تحميل الأتباع كُبَرَاءَهُم مسؤوليةَ إضلالهم لا يعفيهم هم من المسؤولية.
•අනුගාමිකයින් නොමග යැවීමේ වගකීම ඔවුන්ගේ ප්රධානීන්හට පැටවීම. එම වගකීමෙන් ඔවුන් ද නිදහස් නොවනු ඇත.

• شدة التحريم لإيذاء الأنبياء بالقول أو الفعل.
•වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ නබිවරුන්හට හිංසා පීඩා කිරීමේ දැඩි තහනම.

• عظم الأمانة التي تحمّلها الإنسان.
•මිනිසා මත පැටවුණු වගකීමේ බරපතළකම.

 
අර්ථ කථනය වාක්‍යය: (73) පරිච්ඡේදය: සූරා අල්-අහ්සාබ්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න