ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (149) පරිච්ඡේදය: සූරා අන් නිසා
اِنْ تُبْدُوْا خَیْرًا اَوْ تُخْفُوْهُ اَوْ تَعْفُوْا عَنْ سُوْٓءٍ فَاِنَّ اللّٰهَ كَانَ عَفُوًّا قَدِیْرًا ۟
කවර ප්රකාශයක් හෝ ක්රියාවක් ඔබ හෙළි කළද, එසේ නැතහොත් ඔබ එය සැඟවුවද, එසේත් නැතහොත් ඔබට නපුරුකම් කළ අයට ඔබ සමාව දුන්නද, සැබැවින්ම අල්ලාහ් සමාව දෙන්නා බවත් සර්ව බලධාරියා බවත් දැන ගත යුතුය. එහෙයින් සමාව දීමේ ගුණය ද ඔබේ ගතිගුණ වලට ඇතුළත් විය යුතුය. අල්ලාහ් නුඹලාට සමාව දිය හැකිය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• يجوز للمظلوم أن يتحدث عن ظلمه وظالمه لمن يُرْجى منه أن يأخذ له حقه، وإن قال ما لا يسر الظالم.
අපරාධයට ලක් වූවන්හට තම අයිතිය ලබා දෙන්නට අපේක්ෂා කරන්නෙකු හට තම අපරාධය ගැන හා අපරාධකරුවා පිළිබඳ කතා කිරීම අනුමතය. අපරාධකරු සතුටු නොවන දෙයක් වුවද වරදක් නැත.

• حض المظلوم على العفو - حتى وإن قدر - كما يعفو الرب - سبحانه - مع قدرته على عقاب عباده.
අල්ලාහ් තම ගැත්තන් හට දඬුවම් දීමට බලය තිබියදීත් ඔහු ඔවුනට සමාව දෙන්නාක් මෙන්ම එසේ තමන්ට හැකියාව තිබුණ ද සමාව දීම සම්බන්ධයෙන් අපරාධයට ලක්වූවන් දිරි ගැන්වීම.

• لا يجوز التفريق بين الرسل بالإيمان ببعضهم دون بعض، بل يجب الإيمان بهم جميعًا.
දූතවරුන් අතරින් පිරිසක් හැර දමා පිරිසක් පමණක් විශ්වාස කිරීම තුළින් ඔවුන් අතර වෙන් කිරීම සුදුසු නැත. ඔවුන් සියලු දෙනා විශ්වාස කිරීම අනිවාර්යය වන්නේය.

 
අර්ථ කථනය වාක්‍යය: (149) පරිච්ඡේදය: සූරා අන් නිසා
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න