Check out the new design

ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (13) පරිච්ඡේදය: ගාෆිර්
هُوَ الَّذِیْ یُرِیْكُمْ اٰیٰتِهٖ وَیُنَزِّلُ لَكُمْ مِّنَ السَّمَآءِ رِزْقًا ؕ— وَمَا یَتَذَكَّرُ اِلَّا مَنْ یُّنِیْبُ ۟
අල්ලාහ් වනාහි, ඔහු නුඹලාට ක්ෂිතිජයෙහි හා නුඹලාගේ ආත්මාවන් තුළ ම තම සංඥා ප්රාතිහාර්යය පෙන්වා දෙයි. එය ඔහුගේ බලය හා ඒකීයත්වය පෙන්වා දෙන සාක්ෂි හා සාධක නුඹලාට ඉදිරිපත් කරනු පිණිසය. එමෙන්ම අහසින් වැසි ජලය නුඹලාට පහළ කරයි. එය ගහකොළ පැළෑටි හා වෙනත් දෑයින් නුඹලා පෝෂණය ලැබීමේ හේතු සාධකයක් වශයෙනි. පාපක්ෂමාව අයැදිමින් අවංක ලෙස අල්ලාහ් වෙත යොමු වන්නන් හැර ඔහුගේ වදන් තුළින් වෙනත් කිසිවෙකු උපදෙස් ලබන්නේ නැත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• مَحَلُّ قبول التوبة الحياة الدنيا.
•තව්බා ව නොහොත් පාප ක්ෂමාව පිළිගනු ලබන ස්ථානය වනුයේ මෙලොව ජීවිතයයි.

• نفع الموعظة خاص بالمنيبين إلى ربهم.
•උපදෙස ප්රයෝජනවත් වනුයේ තම පරමාධිපති වෙත නැඹුරුවන්නන්හට පමණි.

• استقامة المؤمن لا تؤثر فيها مواقف الكفار الرافضة لدينه.
•තම දහම හෙළා දකින දේව ප්රතික්ෂේපකයින්ගේ ස්ථාවරයන් දේව විශ්වාසියාගේ ස්ථාවරයෙහි බලපෑම් ඇති කරන්නේ නැත.

• خضوع الجبابرة والظلمة من الملوك لله يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලුම අපරාධකරුවන් හා කෲර පාලකයින් අල්ලාහ්ගේ රාජ්යයට යටත් වීම.

 
අර්ථ කථනය වාක්‍යය: (13) පරිච්ඡේදය: ගාෆිර්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය - පරිවර්තන පටුන

අල්කුර්ආන් අධ්‍යයන සඳහා වූ තෆ්සීර් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලදී.

වසන්න