Check out the new design

ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (46) පරිච්ඡේදය: ෆුස්සිලත්
مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهٖ ۚ— وَمَنْ اَسَآءَ فَعَلَیْهَا ؕ— وَمَا رَبُّكَ بِظَلَّامٍ لِّلْعَبِیْدِ ۟
කවරෙකු දැහැමි ක්රියාවක් සිදු කළේද, ඔහුගේ එම ක්රියාවෙහි ප්රයෝජනය ඔහු වෙතම හැරී එනු ඇත. කිසිවෙකුගේ දැහැමි ක්රියාව අල්ලාහ්ට සෙත සලසන්නේ නැත. එමෙන්ම කවරෙකු නපුරු ක්රියාවක් සිදු කළේ ද එහි විපාකය ඔහු වෙතම හැරී එනු ඇත. ඔහුගේ මැවීම් අතරින් කිසිවකුගේ පාපකම් අල්ලාහ්ට හානි ඇති කරන්නේ ද නැත. ඒ සෑම කෙනෙකුටම ගැළපෙන පරිදි අල්ලාහ් ප්රතිඵල පිරිනමනු ඇත. අහෝ දූතය! නුඹේ පරමාධිපති ඔහුගේ ගැත්තන්හට අසාධාරණකම් සිදු කරන්නෙකු නොවේ. ඔහු කිසිවිටෙක ඔවුන්ගේ යහ ප්රතිඵල අඩු කරන්නේ නැත. එමෙන්ම පාපකම් කළ ඔවුනට වැඩියෙන් පරිනමන්නේ ද නැත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• حَفِظ الله القرآن من التبديل والتحريف، وتَكَفَّل سبحانه بهذا الحفظ، بخلاف الكتب السابقة له.
•අල් කුර්ආනය වෙනස් කිරීමෙන් හා විකෘති කිරීමෙන් අල්ලාහ් එය ආරක්ෂා කළේය. ඔහු සතු පෙර පහළ වූ දිව්යමය ග්රන්ථවලට වෙනස් ව අල් කුර්ආනය ආරක්ෂා කිරීමේ වගකීම අල්ලාහ් භාරගත්තේය.

• قطع الحجة على مشركي العرب بنزول القرآن بلغتهم.
•අල් කුර්ආනය අරාබිවරුන්ගේ බසින් පහළ කිරීම තුළින් අරාබි අදේශකයින්ගේ සාධක මැඩලීම.

• نفي الظلم عن الله، وإثبات العدل له.
•අසාධාරණකම අල්ලාහ්ට නැති බවත් සාධාරණකම ඔහුට ස්ථාවර බවත් සහතික කිරීම.

 
අර්ථ කථනය වාක්‍යය: (46) පරිච්ඡේදය: ෆුස්සිලත්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය - පරිවර්තන පටුන

අල්කුර්ආන් අධ්‍යයන සඳහා වූ තෆ්සීර් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලදී.

වසන්න