ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (31) පරිච්ඡේදය: සූරා අෂ් ෂූරා
وَمَاۤ اَنْتُمْ بِمُعْجِزِیْنَ فِی الْاَرْضِ ۖۚ— وَمَا لَكُمْ مِّنْ دُوْنِ اللّٰهِ مِنْ وَّلِیٍّ وَّلَا نَصِیْرٍ ۟
නුඹලාගේ පරමාධිපති නුඹලාට දඬුවම් කිරීමට අපේක්ෂා කළ විට ඔහුගෙන් පලා ගොස් මිදෙන්නට නුඹලාට හැකියාවක් නැත. ඔහු හැර නුඹලාගේ කටයුතු භාරව කටයුතු කරන වෙනත් භාරකරුවෙකු නුඹලාට නැත. එමෙන්ම ඔහු නුඹලාට දඬුවමක් අපේක්ෂා කළ විට එයින් නුඹලාව වළක්වාලන කිසිදු උදව් කරුවෙකු ද නැත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• الداعي إلى الله لا يبتغي الأجر عند الناس.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා මිනිසුන්ගෙන් කුලියක් පතන්නේ නැත.

• التوسيع في الرزق والتضييق فيه خاضع لحكمة إلهية قد تخفى على كثير من الناس.
•පෝෂණ සම්පත්හි විස්තීරණය හා එහි සීමා කිරීම මිනිසුන්ගෙන් බහුතරයක් දෙනාට රහසක් වූ යම් දේව ප්රඥාවක් සඳහා වෙන් වූ විෂයකි.

• الذنوب والمعاصي من أسباب المصائب.
• අභාග්යයන් අත්වීමට, පාපකම් හා අපරාධ හේතු වන්නේය.

 
අර්ථ කථනය වාක්‍යය: (31) පරිච්ඡේදය: සූරා අෂ් ෂූරා
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න