Check out the new design

ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (11) පරිච්ඡේදය: අල් අහ්කාෆ්
وَقَالَ الَّذِیْنَ كَفَرُوْا لِلَّذِیْنَ اٰمَنُوْا لَوْ كَانَ خَیْرًا مَّا سَبَقُوْنَاۤ اِلَیْهِ ؕ— وَاِذْ لَمْ یَهْتَدُوْا بِهٖ فَسَیَقُوْلُوْنَ هٰذَاۤ اِفْكٌ قَدِیْمٌ ۟
අල් කුර්ආනය හා ඔවුන්ගේ දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද, එය ප්රතික්ෂේප කළවුන් දේව විශ්වාසීන්ට, ‘මුහම්මද් ගෙන ආ දෑ යහපත වෙත මග පෙන්වන සත්යයක් වී නම් මෙම දිළිඳුන්, වහලුන් හා දුර්වලයින් අපට වඩා ඉදිරියෙන් සිටිය නොහැක.’ යැයි පවසති. ඔවුන්ගේ දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද එමගින් ඔවුන් යහමග නොලැබූ බැවින් ඉදිරියට ඔවුහු, ‘ඔහු කවර කරුණක් ගෙන ආවේ ද එය පුරාන ප්රබන්ධයකි. අපි එම ප්රබන්ධය අනුගමනය නොකරමු.’ යැයි පවසනු ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• كل من عُبِد من دون الله ينكر على من عبده من الكافرين.
•අල්ලාහ් හැර නැමදුමට ලක්වන සියලු දෑ වනාහි, දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අතරින් ඒවාට ගැතිකම් කළවුන් හෙළා දකියි.

• عدم معرفة النبي صلى الله عليه وسلم بالغيب إلا ما أطلعه الله عليه منه.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට අල්ලාහ් පෙන්වා දුන් දෑ හැර එතුමාණන්ට ගුප්ත වූ දෑ පිළිබඳ එතුමා නොදැන සිටීම.

• وجود ما يثبت نبوّة نبينا صلى الله عليه وسلم في الكتب السابقة.
•පෙර පහළ වු දිව්ය ග්රන්ථවල අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ල්ම) තුමාගේ නබිත්වය ගැන සහතික කරමින් සඳහන්ව තිබීම.

• بيان فضل الاستقامة وجزاء أصحابها.
•ස්ථාවරත්වයේ මහිමය හා එය පිළිපදින්නන් සතු ප්රතිඵලය.

 
අර්ථ කථනය වාක්‍යය: (11) පරිච්ඡේදය: අල් අහ්කාෆ්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය - පරිවර්තන පටුන

අල්කුර්ආන් අධ්‍යයන සඳහා වූ තෆ්සීර් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලදී.

වසන්න