Check out the new design

ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (38) පරිච්ඡේදය: මුහම්මද්
هٰۤاَنْتُمْ هٰۤؤُلَآءِ تُدْعَوْنَ لِتُنْفِقُوْا فِیْ سَبِیْلِ اللّٰهِ ۚ— فَمِنْكُمْ مَّنْ یَّبْخَلُ ۚ— وَمَنْ یَّبْخَلْ فَاِنَّمَا یَبْخَلُ عَنْ نَّفْسِهٖ ؕ— وَاللّٰهُ الْغَنِیُّ وَاَنْتُمُ الْفُقَرَآءُ ۚ— وَاِنْ تَتَوَلَّوْا یَسْتَبْدِلْ قَوْمًا غَیْرَكُمْ ۙ— ثُمَّ لَا یَكُوْنُوْۤا اَمْثَالَكُمْ ۟۠
අහෝ නුඹලා! අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලාගේ වස්තුවෙන් කොටසක් වියදම් කිරීම සඳහා ඇරයුම් කරනු ලබන්නෙහුය. නුඹලාගේ සියලුම වස්තුව වියදම් කරන මෙන් ඔහු නුඹලාගෙන් ඉල්ලා නොසිටියි. නමුත් නුඹලා අතරින් වියදම් කිරිමට මසුරු වී එය වළක්වන පිරිසක් ද ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය වියදම් කිරීමට කවරෙකු මසුරු වන්නේ ද සැබැවින්ම ඔහු එසේ මසුරු වනුයේ වියදම් කිරීමෙන් හිමි වන කුසල් අහිමි කර ගනිමින් තමන්ටම එරෙහිවය. අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය. නුඹලා වියදම් කිරීම ගැන කිසිදු අවශ්යතාවක් ඔහුට නැත. නුඹලා ඔහු වෙත බැගෑපත් වන්නෝ වෙති. නුඹලා ඉස්ලාමයෙන් හැරී නැවතත් දේව ප්රතික්ෂේපය වෙත යොමු වන්නේ නම් ඔහු නුඹලාව විනාශ කොට නුඹලා නොවන වෙනත් සමූහයක් ගෙන එනු ඇත. පසුව ඔවුන් නුඹලා මෙන් නොවෙති. ඔහුට අවනත වන්නන් ලෙස කටයුතු කරනු ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• سرائر المنافقين وخبثهم يظهر على قسمات وجوههم وأسلوب كلامهم.
•කුහකයින්ගේ රහස් හා ඔවුන්ගේ නපුරුකම්, ඔවුන්ගේ මුහුණේ ඇති ඇතැම් ලක්ෂණ හා ඔවුන්ගේ කතා විලාශයෙන් හෙළි වන්නේය.

• الاختبار سُنَّة إلهية لتمييز المؤمنين من المنافقين.
•දේව විශ්වාසීන් හා දේව ප්රතික්ෂේපකයින් වෙන් කර හඳුන්වා දීම සඳහා පරීක්ෂාවන්ට භාජනය කිරීම දේව පිළිවෙතකි.

• تأييد الله لعباده المؤمنين بالنصر والتسديد.
•දේව විශ්වාසී තම ගැත්තන් හට උදව් කරන බවත් ප්රති උපකාර කරන බවත් අල්ලාහ් ස්ථීර කිරීම.

• من رفق الله بعباده أنه لا يطلب منهم إنفاق كل أموالهم في سبيل الله.
•තම ගැත්තන්ගෙන්, ඔවුන්ගේ සියලුම වස්තුව අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන මෙන් ඉල්ලා නොසිටීම ඔහු ඔවුනට කළ කරුණාවෙන් එකකි.

 
අර්ථ කථනය වාක්‍යය: (38) පරිච්ඡේදය: මුහම්මද්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය - පරිවර්තන පටුන

අල්කුර්ආන් අධ්‍යයන සඳහා වූ තෆ්සීර් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලදී.

වසන්න