ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (107) පරිච්ඡේදය: සූරා අල් අන්ආම්
وَلَوْ شَآءَ اللّٰهُ مَاۤ اَشْرَكُوْا ؕ— وَمَا جَعَلْنٰكَ عَلَیْهِمْ حَفِیْظًا ۚ— وَمَاۤ اَنْتَ عَلَیْهِمْ بِوَكِیْلٍ ۟
තමන් සමග ඔවුන් කිසිවකු ආදේශ නොකළ යුතු යැයි අල්ලාහ් අභිමත කර සිටියේ නම් කිසිවකු ඔහුට ආදේශ නොකරනු ඇත. අහෝ දූතය! ඔවුන්ගේ ක්රියාවන් සටහන් කරන නිරීක්ෂකයකු බවට අපි ඔබ පත් නොකළෙමු. ඔවුන් ක්රියා කරවන්නෙකු ලෙස ඔබ නැත. ඔබ දූතයකු පමණි. ඔබ වෙත පැවරෙනුයේ නිවේදනය පමුණුවීම පමණි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• تنزيه الله تعالى عن الظلم الذي ترسِّخُه عقيدة (الجَبْر)، وبيان أن كفر العباد وشركهم أمر يحدث باختيارهم.
(ජබරිය්යා) මූලධර්මය මගින් ස්ථාපිත කර ඇති අයුක්ති සහගත සංකල්පයෙන් සර්වබලධාරි දෙවියන් බැහැර කිරීම සහ ගැත්තන්ගේ ප්රතික්ෂේපයත්, ඔවුන් ආදේශ තැබීමත් ඔවුන්ගේ තේරීම අනුව සිදුවන දෙයක් බව පැහැදිලි කිරීම.

• ليس بمقدور نبي من الأنبياء أن يأتي بآية من عند نفسه، أو متى شاء، بل ذلك أمر مردود لله تعالى، فهو القادر وحده على ذلك، وهو الحكيم الذي يُقَدِّر نوع الآية ووقت إظهارها.
තමන් විසින්ම තමන් කැමති මොහොතක වදනක් ගෙන ඒමට කිසිදු හැකියාවක් නබිවරුන් අතුරින් කිසිදු නබිවරයකුට නොමැත්තේය. එය අල්ලාහ් වෙත යොමු කරනු ලැබිය යුතු කරුණකි. ඒ සඳහා බලය ඇත්තා ඔහුය. ඔහු විවිධ වදන් හා ඒවා හෙළි විය යුතු වේලාවන් පිළිබඳ ප්රඥාවන්තය.

• النهي عن سب آلهة المشركين حذرًا من مفسدة أكبر وهي التعدي بالسب على جناب رب العالمين.
බහුදේව වාදීන් අදහන දෙවියන්ට බැණ වැදීමේ තහනම, එසේ තහනම් කරන ලද්දේ ඔවුන්ද ලෝවැසියන්ගේ පරමාධිපතිට බැණ වදිමින් සීමාව ඉක්මවා යාමේ මහා පාපයෙන් වැළකී සිටිනු පිණිසය.

• قد يحول الله سبحانه وتعالى بين العبد والهداية، ويُصرِّف بصره وقلبه على غير الطاعة؛ عقوبة له على اختياره الكفر.
සැබැවින්ම උත්තරීතර අල්ලාහ් ගැත්තා හා යහමාර්ගය අතරට හැරී, ගැත්තා දේව ප්රතික්ෂේපය තෝරාගත් බැවින් ඔහුට දඬුවමක් වශයෙන් ඔහුගේ බැල්ම හා ඔහුගේ හදවත ඔහුට අවනත නොවන දෙසකට හරවා දමනු ඇත.

 
අර්ථ කථනය වාක්‍යය: (107) පරිච්ඡේදය: සූරා අල් අන්ආම්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න