ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (69) පරිච්ඡේදය: සූරා අල් අන්ආම්
وَمَا عَلَی الَّذِیْنَ یَتَّقُوْنَ مِنْ حِسَابِهِمْ مِّنْ شَیْءٍ وَّلٰكِنْ ذِكْرٰی لَعَلَّهُمْ یَتَّقُوْنَ ۟
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින්, ඔහුට භක්තිමත් ව කටයුතු කළවුන් මත, මේ අපරාධකරුවන් පිළිබඳ කිසිදු විනිශ්චයක් පැවරෙන්නේ නැත. ඔවුන් මත පැවරෙන්නේ ඔවුන් සිදුකරමින් සිටින පිළිකුල් සහගත දැයින් ඔවුන් වැළැක්වීමයි. එය ඔවුන් අල්ලාහ්ට භක්තිමත් ව කටයුතු කර ඔහුගේ නියෝග පිළිපැද ඔහු වැළැක් වූ දෙයින් වැළකී සිටීමට ඔවුනට හැකි වනු පිණිසය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• الداعية إلى الله تعالى ليس مسؤولًا عن محاسبة أحد، بل هو مسؤول عن التبليغ والتذكير.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා කිසිවකු පිළිබඳ විනිශ්චයක් ඔහුගෙන් විමසනු නොලබන්නේය. ඔහුගෙන් විමසනු ලබනුයේ ඔහුගේ ප්රචාරය හා මෙනෙහි කිරීම පිළිබඳවය.

• الوعظ من أعظم وسائل إيقاظ الغافلين والمستكبرين.
•නොසැලකිල්ලෙන් හා අහංකාරයෙන් පසුවන්නන් අවදි කිරීමේ වැදගත්ම මාර්ගයක් වනුයේ උපදෙස් දීමය.

• من دلائل التوحيد: أن من لا يملك نفعًا ولا ضرًّا ولا تصرفًا، هو بالضرورة لا يستحق أن يكون إلهًا معبودًا.
• කිසිදු ඵලක් හෝ හානියක් හෝ වෙනස් කිරීමක් හෝ සිදු කළ නොහැකි අය නැමදුමට සුදුසු දෙවියකු වීමට කිසිදු සුදුසුකමක් නොමැත. එය ඒක දේව වාදයේ සාධක අතරින් එකකි.

 
අර්ථ කථනය වාක්‍යය: (69) පරිච්ඡේදය: සූරා අල් අන්ආම්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න