ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (50) පරිච්ඡේදය: සූරා අල් අන්ෆාල්
وَلَوْ تَرٰۤی اِذْ یَتَوَفَّی الَّذِیْنَ كَفَرُوا الْمَلٰٓىِٕكَةُ یَضْرِبُوْنَ وُجُوْهَهُمْ وَاَدْبَارَهُمْ ۚ— وَذُوْقُوْا عَذَابَ الْحَرِیْقِ ۟
අහෝ දූතය! අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන්ගේ ප්රාණ මලක්වරුන් ග්රහණය කොට එය ඉවත් කරන අවස්ථාවේ ඔවුන් ඉදිරියට එන විට ඔවුන්ගේ මුහුණු වලට පහර දෙමින් හා ඔවුන් පසුපස හැරී පලා යන විට ඔවුන්ගේ පසුපසට පහරදෙමින්, ‘අහෝ දෙවියන් ප්රතික්ෂේප කළවුනි! දැවෙන ගින්නේ දඬුවම භුක්ති විඳිනු’ යැයි ඔවුනට පවසති. නුඹ එය දුටුවේ නම් බිහිසුණු කරුණක් ලෙස නුඹ දකිනු ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• البَطَر مرض خطير ينْخَرُ في تكوين شخصية الإنسان، ويُعَجِّل في تدمير كيان صاحبه.
•අහංකාරකම යනු භයානක රෝගයකි. එය මිනිස් පෞරුෂය ගොඩ නැගීමට හානි කරන අතර එය අදාළ පුද්ගලයාගේ විනාශය ඉක්මන් කරයි.

• الصبر يعين على تحمل الشدائد والمصاعب، وللصبر منفعة إلهية، وهي إعانة الله لمن صبر امتثالًا لأمره، وهذا مشاهد في تصرفات الحياة.
•ඉවසීම, විපත්ති හා දුෂ්කරතා විඳ දරා ගැනීමට උපකාරී වන අතර ඉවසීම සඳහා දිව්යමය ප්රතිලාභයක් ද ඇත. එය අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඉවසීමෙන් කටයුතු කරන අයට හිමි ඔහුගේ උපකාරයයි. මෙය ජීවිත කටයුතු වලදී දක්නට ලැබේ.

• التنازع والاختلاف من أسباب انقسام الأمة، وإنذار بالهزيمة والتراجع، وذهاب القوة والنصر والدولة.
• ගැටුම් හා මතභේද, සමාජය තුළ බෙදීම් ඇති වීමට හේතු වන අතර පරාජය හා පසුබැස්ම සහ බලය, ජයග්රහණය සහ රාජ්යය පහ ව යෑම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම.

• الإيمان يوجب لصاحبه الإقدام على الأمور الهائلة التي لا يُقْدِم عليها الجيوش العظام.
•විශාල හමුදාවන් විසින් නොකරන ලද දැවැන්ත දේ කිරීමට ඊමාන් හෙවත් දේව විශ්වාසය එහි හිමිකරුට බල කරයි.

 
අර්ථ කථනය වාක්‍යය: (50) පරිච්ඡේදය: සූරා අල් අන්ෆාල්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න