Check out the new design

ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය * - පරිවර්තන පටුන


අර්ථ කථනය පරිච්ඡේදය: අල් ලෙය්ල්   වාක්‍යය:

අල් ලෙය්ල්

සූරාවෙහි අරමුණු:
بيان أحوال الخلق في الإيمان والإنفاق وحال كل فريق.
දේව විශ්වාසයේ හා වියදම් කිරීමේදී මැවීම් තුළ පවතින තත්ත්වයන් හා සෑම කණ්ඩායමකම තත්ත්වය පැහැදිලි කිරීම.

وَالَّیْلِ اِذَا یَغْشٰی ۟ۙ
අහස හා පොළොව අතර ඇති දෑ රාත්රී අන්ධකාරයෙන් ආවරණය කරන විට අල්ලාහ් ඒ මත දිවුරා පවසයි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَالنَّهَارِ اِذَا تَجَلّٰی ۟ۙ
දහවල නිරාවරණය වී හෙළිවන විට ඒ මත දිවුරා පවසයි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَمَا خَلَقَ الذَّكَرَ وَالْاُ ۟ۙ
ස්ත්රී හා පුරුෂ යන දෙවර්ගය මතද දිවුරා පවසයි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
اِنَّ سَعْیَكُمْ لَشَتّٰی ۟ؕ
අහෝ මිනිසාණෙනි! සැබැවින්ම නුඹලාගේ ක්රියාවන් විවිධය. ඒවා අතර ස්වර්ගයට පිවිසීමට හේතුවන යහකම් ද ඇත. එමෙන්ම නිරයට පිවිසීමට හේතුවන පාපකම්ද ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَاَمَّا مَنْ اَعْطٰی وَاتَّقٰی ۟ۙ
එහෙයින් සකාත්, නඩත්තු වියදම්, වන්දි වැනි වියදම් කිරීමට අනිවාර්ය දෑ පිරිනමමින් අල්ලාහ් තහනම් කළ දැයින් වැළකී සිටින අය වනාහි,
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَصَدَّقَ بِالْحُسْنٰی ۟ۙ
එමෙන්ම, පසුවට ලබා දෙන බවට අල්ලාහ් පොරොන්දු වූ දෑ සැබෑවක් බව පවසා සිටි අය වනාහි,
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَسَنُیَسِّرُهٗ لِلْیُسْرٰی ۟ؕ
දැහැමි කටයුතු කිරීමටත් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමටත් අපි ඔහුට පහසු කරන්නෙමු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَاَمَّا مَنْ بَخِلَ وَاسْتَغْنٰی ۟ۙ
මසුරුකම්පා තම ධනය වියදම් කිරීමට අනිවාර්ය වන කටයුතු සඳහා වියදම් නොකොට එම ධනය හේතුවෙන් අල්ලාහ් අවශ්ය නොවන බව සිතා ඔහුගෙන් කිසිදු භාග්යයක් ඉල්ලා නොසිටින අය වනාහි,
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَكَذَّبَ بِالْحُسْنٰی ۟ۙ
එමෙන්ම පසුවට ලබා දෙන බවට අල්ලාහ් පොරොන්දු වූ දෑ ගැන ද අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය වියදම් කිරීම හේතුවෙන් පිරිනැමෙන කුසල් ගැන ද බොරු යැයි පවසා සිටි අය වනාහි,
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• أهمية تزكية النفس وتطهيرها.
චිත්ත පාරිශුද්ධිය හා සිත පිවිතුරු කර ගැනීමේ වැදගත්කම.

• المتعاونون على المعصية شركاء في الإثم.
• පාපකම්වලට සහය දෙන්නෝ එම පාපයේ හවුල්කරුවෝ වෙති.

• الذنوب سبب للعقوبات الدنيوية.
• පාපකම් සිදු කිරීම මෙලොව දඬුවම් ලැබීමට හේතු වේ.

• كلٌّ ميسر لما خلق له فمنهم مطيع ومنهم عاصٍ.
• කුමන අරමුණක් සදහා මැව්වේද ඒ දේ සඳහා සියල්ල පහසු කර දී ඇත. ඒ අනුව ඔවුන් අතර අවනත වන්නන් හා පාපතරයින් සිටී.

 
අර්ථ කථනය පරිච්ඡේදය: අල් ලෙය්ල්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය - පරිවර්තන පටුන

අල්කුර්ආන් අධ්‍යයන සඳහා වූ තෆ්සීර් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලදී.

වසන්න