Check out the new design

ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය * - පරිවර්තන පටුන


අර්ථ කථනය පරිච්ඡේදය: අල් කද්ර්   වාක්‍යය:

අල් කද්ර්

සූරාවෙහි අරමුණු:
بيان فضل ليلة القدر.
ලයිලතුල් කද්ර් හෙවත් මහඟු රාත්රියේ මහිමය විස්තර කිරීම.

اِنَّاۤ اَنْزَلْنٰهُ فِیْ لَیْلَةِ الْقَدْرِ ۟ۚۙ
රමළාන් මාසයේ කද්ර් රාත්රියේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට අල් කුර්ආනය පහළ කිරීමට අපි ආරම්භ කළාක් මෙන්ම අල් කුර්ආනය මුළුමණින්ම එවැනි රාත්රියක අපි පහළ අහසට පහළ කළෙමු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَمَاۤ اَدْرٰىكَ مَا لَیْلَةُ الْقَدْرِ ۟ؕ
අහෝ නබිවරය, එම රාත්රියේ ඇති යහපත හා අභිවෘද්ධිය කවරක්දැයි ඔබ දන්නෙහිද?
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
لَیْلَةُ الْقَدْرِ ۙ۬— خَیْرٌ مِّنْ اَلْفِ شَهْرٍ ۟ؕؔ
එම රාත්රිය, මහිමයෙන් පිරිණු බලගතු රාත්රියකි. එහි විශ්වාසයෙන් යුතුව හා කුසල් බලාපොරොත්තුවෙන් නැමදුම්වල නිරත වන්නන්හට මාස දහසකට වඩා උතුම් වූ රාත්රියක් බවට එය පත්වනු ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
تَنَزَّلُ الْمَلٰٓىِٕكَةُ وَالرُّوْحُ فِیْهَا بِاِذْنِ رَبِّهِمْ ۚ— مِنْ كُلِّ اَمْرٍ ۟ۙۛ
මලක්වරුන් හා ජිබ්රීල් තුමා තම පරාමාධිපතියාණන්ගේ අනුමැතිය ඇතිව එම වර්ෂය තුළ අල්ලාහ් විසින් මිනිසාට තීන්දු කළ ආහාර හා සම්පත්, ඔහුගේ මරණය හා උපත සහ ඔහු විසින් තීන්දු කළ අනෙකුත් නිර්ණායකයන් සමඟ පහළ වනු ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
سَلٰمٌ ۛ۫— هِیَ حَتّٰی مَطْلَعِ الْفَجْرِ ۟۠
මෙම මුලු රාත්රියම එහි ආරම්භයේ සිට අලුයම උදාවේ අවසානය තෙක්ම සමෘද්ධියෙන් පිරී පවතින්නකි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• فضل ليلة القدر على سائر ليالي العام.
• වසරේ සෙසු රාත්රියන්ට වඩා කද්ර් රාත්රියේ මහිමය.

• الإخلاص في العبادة من شروط قَبولها.
• නැමදුම් තුළ ඇතිකර ගන්නා ඉහ්ලාස් හෙවත් චිත්තපාරිශුද්ධිය, එම නැමදුම පිළිගැනීමට තුඩු දෙන කොන්දේසියකි.

• اتفاق الشرائع في الأصول مَدعاة لقبول الرسالة.
• මූලධර්ම ආගම්වල පවතින එකඟතාව මෙම දේව මෙහෙවර පිළිගැනීමට ඇරයුම් කරනු ලබන සාධකයකි.

 
අර්ථ කථනය පරිච්ඡේදය: අල් කද්ර්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය - පරිවර්තන පටුන

අල්කුර්ආන් අධ්‍යයන සඳහා වූ තෆ්සීර් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලදී.

වසන්න