Check out the new design

அல்குர்ஆன் மொழிபெயர்ப்பு - சிங்கள மொழிபெயர்ப்பு - மர்கஸ் ருவ்வாதித்தர்ஜமா (மொழிபெயர்ப்பு முன்னோடிகள் நிலையம்) * - மொழிபெயர்ப்பு அட்டவணை

PDF XML CSV Excel API
Please review the Terms and Policies

மொழிபெயர்ப்பு அத்தியாயம்: ஆலஇம்ரான்   வசனம்:
لَقَدْ سَمِعَ اللّٰهُ قَوْلَ الَّذِیْنَ قَالُوْۤا اِنَّ اللّٰهَ فَقِیْرٌ وَّنَحْنُ اَغْنِیَآءُ ۘ— سَنَكْتُبُ مَا قَالُوْا وَقَتْلَهُمُ الْاَنْۢبِیَآءَ بِغَیْرِ حَقٍّ ۙۚ— وَّنَقُوْلُ ذُوْقُوْا عَذَابَ الْحَرِیْقِ ۟
සැබැවින් ම අල්ලාහ් දිළිඳු ය. තවද අපි පොහොසත්හු වෙමු යැයි පැවසූ අයගේ ප්‍රකාශයට සැබැවින් ම අල්ලාහ් සවන් දුන්නේ ය. ඔවුන් පැවසූ දෑ ද යුක්තියකින් තොරව නබිවරුන්ව ඔවුන් ඝාතනය කිරීම ද අපි සටහන් කර ගන්නෙමු. තවද නුඹලා පිලිස්සෙන දඬුවම භුක්ති විඳිනු යැයි අපි (විනිශ්චය දිනයේ දී) පවසන්නෙමු.
அரபு விரிவுரைகள்:
ذٰلِكَ بِمَا قَدَّمَتْ اَیْدِیْكُمْ وَاَنَّ اللّٰهَ لَیْسَ بِظَلَّامٍ لِّلْعَبِیْدِ ۟ۚ
මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන් ම අල්ලාහ් ගැත්තන්හට (කිසිදු අයුරින්) අරපාධ කරන්නෙක් නො වේ.
அரபு விரிவுரைகள்:
اَلَّذِیْنَ قَالُوْۤا اِنَّ اللّٰهَ عَهِدَ اِلَیْنَاۤ اَلَّا نُؤْمِنَ لِرَسُوْلٍ حَتّٰی یَاْتِیَنَا بِقُرْبَانٍ تَاْكُلُهُ النَّارُ ؕ— قُلْ قَدْ جَآءَكُمْ رُسُلٌ مِّنْ قَبْلِیْ بِالْبَیِّنٰتِ وَبِالَّذِیْ قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوْهُمْ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
ඔවුහු වනාහි කුර්බානයක් (කැපයක්) අප වෙත රැගෙන විත් ගින්න එය ගිල දමන තෙක් කිසිදු ධර්ම දූතයෙකුව අප විශ්වාස නො කරන්නෙමු යැයි අල්ලාහ් අප සමඟ ගිවිසගෙන ඇතැයි පැවසුවෝ ය. මට පෙර ද පැහැදිලි සාධක සමඟ හා නුඹලා පවසා සිටි දෑ සමඟ ධර්ම දූතයෝ නුඹලා වෙත පැමිණියහ. එසේ නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා ඔවුන් ඝාතනය කළේ මන්දැ යි අසනු.
அரபு விரிவுரைகள்:
فَاِنْ كَذَّبُوْكَ فَقَدْ كُذِّبَ رُسُلٌ مِّنْ قَبْلِكَ جَآءُوْ بِالْبَیِّنٰتِ وَالزُّبُرِ وَالْكِتٰبِ الْمُنِیْرِ ۟
එසේ නුඹව ඔවුන් බොරු කළේ නම් එවිට (දැන ගනු), නුඹට පෙර පැහැදිලි සාධක සමඟ ද ලේඛන හා ආලෝකමත් ධර්ම ග්‍රන්ථ සමඟ ද පැමිණි රසූල්වරු ද නියත වශයෙන් ම බොරු කරනු ලැබූහ.
அரபு விரிவுரைகள்:
كُلُّ نَفْسٍ ذَآىِٕقَةُ الْمَوْتِ ؕ— وَاِنَّمَا تُوَفَّوْنَ اُجُوْرَكُمْ یَوْمَ الْقِیٰمَةِ ؕ— فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَاُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ ؕ— وَمَا الْحَیٰوةُ الدُّنْیَاۤ اِلَّا مَتَاعُ الْغُرُوْرِ ۟
සෑම ආත්මයක් ම මරණයේ සුවය විඳින්නකි. නුඹලාට නුඹලාගේ ප්‍රතිඵල පූර්ණව පිරිනමනු ලබනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි ය. එවිට කවරෙක් (නිරා) ගින්නෙන් දුරස් කරනු ලැබ (ස්වර්ග) උයනට ඇතුළත් කරනු ලැබුවේ ද සැබැවින් ම ඔහු ජයග්‍රහණය කළේ ය. තවද මෙලොව ජීවිතය රවටාලන හුදු භුක්ති විඳීමක් මිස නැත.
அரபு விரிவுரைகள்:
لَتُبْلَوُنَّ فِیْۤ اَمْوَالِكُمْ وَاَنْفُسِكُمْ ۫— وَلَتَسْمَعُنَّ مِنَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ مِنْ قَبْلِكُمْ وَمِنَ الَّذِیْنَ اَشْرَكُوْۤا اَذًی كَثِیْرًا ؕ— وَاِنْ تَصْبِرُوْا وَتَتَّقُوْا فَاِنَّ ذٰلِكَ مِنْ عَزْمِ الْاُمُوْرِ ۟
නුඹලාගේ වස්තු හා නුඹලා තුළ ද සැබැවින් ම නුඹලා පරීක්ෂා කරනු ලබන්නෙහු ය. තවද නුඹලාට පෙර විසූ ධර්ම ග්‍රන්ථ පිරිනමනු ලැබූවන් හා ආදේශ කළ අයගෙන් බොහෝ වදවේදනාවන් ගැන නුඹලා සවන් දෙන්නෙහු ම ය. තවද නුඹලා ඉවසා බිය බැතිමත් වූයේ නම් එවිට සැබැවින් ම එය ස්ථීර කරුණු අතුරින් වෙයි.
அரபு விரிவுரைகள்:
 
மொழிபெயர்ப்பு அத்தியாயம்: ஆலஇம்ரான்
அத்தியாயங்களின் அட்டவணை பக்க எண்
 
அல்குர்ஆன் மொழிபெயர்ப்பு - சிங்கள மொழிபெயர்ப்பு - மர்கஸ் ருவ்வாதித்தர்ஜமா (மொழிபெயர்ப்பு முன்னோடிகள் நிலையம்) - மொழிபெயர்ப்பு அட்டவணை

அர்ருவ்வாத் மொழிபெயர்ப்பு மையத்தின் குழு அல்-ரப்வா அழைப்பு சங்கம் மற்றும் பல் மொழிகளில் இஸ்லாமிய உள்ளடக்கத்திற்கு சேவை செய்யும் சங்கத்துடன் இணைந்து மொழிபெயர்த்துள்ளது.

மூடுக