Check out the new design

அல்குர்ஆன் மொழிபெயர்ப்பு - சிங்கள மொழிபெயர்ப்பு - மர்கஸ் ருவ்வாதித்தர்ஜமா (மொழிபெயர்ப்பு முன்னோடிகள் நிலையம்) * - மொழிபெயர்ப்பு அட்டவணை

PDF XML CSV Excel API
Please review the Terms and Policies

மொழிபெயர்ப்பு அத்தியாயம்: ஆலஇம்ரான்   வசனம்:
هُنَالِكَ دَعَا زَكَرِیَّا رَبَّهٗ ۚ— قَالَ رَبِّ هَبْ لِیْ مِنْ لَّدُنْكَ ذُرِّیَّةً طَیِّبَةً ۚ— اِنَّكَ سَمِیْعُ الدُّعَآءِ ۟
එම අවස්ථාවේ දී zසකරිය්යා තම පරමාධිපතිව අයැද සිටියේ ය. ‘මාගේ පරමාධිපතියාණනි! ඔබ වෙතින් මට දැහැමි පරපුරක් පිරිනමනු මැනව! සැබැවින් ම ඔබ ප්‍රාර්ථනාවට සවන් දෙන්නා’ යැයි ඔහු පැවසුවේ ය.
அரபு விரிவுரைகள்:
فَنَادَتْهُ الْمَلٰٓىِٕكَةُ وَهُوَ قَآىِٕمٌ یُّصَلِّیْ فِی الْمِحْرَابِ ۙ— اَنَّ اللّٰهَ یُبَشِّرُكَ بِیَحْیٰی مُصَدِّقًا بِكَلِمَةٍ مِّنَ اللّٰهِ وَسَیِّدًا وَّحَصُوْرًا وَّنَبِیًّا مِّنَ الصّٰلِحِیْنَ ۟
එවිට ඔහු නැමදුම් ස්ථානයෙහි, සිට ගෙන සලාතය ඉටු කරමින් සිටිය දී, සැබැවින් ම අල්ලාහ්ගෙන් වූ වදන සත්‍යය කරවන්නෙකු, නායකයෙකු, (කාන්තාවන්ගෙන්) වැළකුණු අයෙකු සහ දැහැමියන් අතුරින් නබිවරයෙකු ලෙස වූ යහ්යා පිළිබඳ අල්ලාහ් නුඹට ශුභාරංචිය දන්වන්නේ යැයි සුරදූතයින් ඔහු අමතා පැවසුහ.
அரபு விரிவுரைகள்:
قَالَ رَبِّ اَنّٰی یَكُوْنُ لِیْ غُلٰمٌ وَّقَدْ بَلَغَنِیَ الْكِبَرُ وَامْرَاَتِیْ عَاقِرٌ ؕ— قَالَ كَذٰلِكَ اللّٰهُ یَفْعَلُ مَا یَشَآءُ ۟
‘මාගේ පරමාධිපතියාණනි! මට දරුවෙකු ලැබිය හැක්කේ කෙසේ ද? මා වයෝවෘද්ධ භාවය මා වෙත ළඟා වී ඇත. එමෙන් ම මාගේ බිරිය වද කතකි’ යැයි ඔහු පැවසුවේ ය. ‘එලෙසය අල්ලාහ් තමන් අභිමත දෑ සිදු කරනුයේ’ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.
அரபு விரிவுரைகள்:
قَالَ رَبِّ اجْعَلْ لِّیْۤ اٰیَةً ؕ— قَالَ اٰیَتُكَ اَلَّا تُكَلِّمَ النَّاسَ ثَلٰثَةَ اَیَّامٍ اِلَّا رَمْزًا ؕ— وَاذْكُرْ رَّبَّكَ كَثِیْرًا وَّسَبِّحْ بِالْعَشِیِّ وَالْاِبْكَارِ ۟۠
‘මාගේ පරමාධිපතියාණනි! ඔබ මට සලකුණක් ඇති කරනු මැනව!’ යැයි ඔහු පැවසුවේ ය. ‘ඔබේ සලකුණ වනුයේ ඔබ ජනයා සමඟ සංඥා කිරීමකින් හැර දින තුනක් කතා නො කිරීම ය. තවද ඔබ ඔබේ පරමාධිපතිව අධිකව මෙනෙහි කරනු. තවද උදේ සවස පිවිතුරු කරනු’ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.
அரபு விரிவுரைகள்:
وَاِذْ قَالَتِ الْمَلٰٓىِٕكَةُ یٰمَرْیَمُ اِنَّ اللّٰهَ اصْطَفٰىكِ وَطَهَّرَكِ وَاصْطَفٰىكِ عَلٰی نِسَآءِ الْعٰلَمِیْنَ ۟
‘අහෝ මර්යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔබව තෝරා ගත්තේ ය. ඔබව පිවිතුරු කළේ ය. තවද ලෝවැසි කාන්තාවන්ට වඩා ඔබව (ඉහළින්) තෝරා ගත්තේ ය’ යැයි මලක්වරුන් පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
அரபு விரிவுரைகள்:
یٰمَرْیَمُ اقْنُتِیْ لِرَبِّكِ وَاسْجُدِیْ وَارْكَعِیْ مَعَ الرّٰكِعِیْنَ ۟
‘අහෝ මර්යම්! ඔබ ඔබේ පරමාධිපතිට අවනත වනු. (නළල බිම තබා) සුජූද් කරනු. තවද (නැවී තිරස් ව) රුකූඋ කරන්නන් සමඟ ඔබ ද රුකූඋ කරනු.’
அரபு விரிவுரைகள்:
ذٰلِكَ مِنْ اَنْۢبَآءِ الْغَیْبِ نُوْحِیْهِ اِلَیْكَ ؕ— وَمَا كُنْتَ لَدَیْهِمْ اِذْ یُلْقُوْنَ اَقْلَامَهُمْ اَیُّهُمْ یَكْفُلُ مَرْیَمَ ۪— وَمَا كُنْتَ لَدَیْهِمْ اِذْ یَخْتَصِمُوْنَ ۟
මෙය අදෘශ්‍යමාන පුවත් අතරිනි. අපි එය නුඹට හෙළිදරව් කරන්නෙමු. මර්යම්ට භාරකාරත්වය දරනුයේ ඔවුන්ගෙන් කවුරුන් දැ යි යන්න පිළිබඳව ඔවුන් ඔවුන්ගේ පන්හිදවල් වීසි කර (කුසපත්) දමන විට ඔවුන් අසල නුඹ නො සිටියෙහි ය. එමෙන් ම ඔවුන් වාද කරන විට ඔබ ඔවුන් අසල නො සිටියෙහි ය.
அரபு விரிவுரைகள்:
اِذْ قَالَتِ الْمَلٰٓىِٕكَةُ یٰمَرْیَمُ اِنَّ اللّٰهَ یُبَشِّرُكِ بِكَلِمَةٍ مِّنْهُ ۙۗ— اسْمُهُ الْمَسِیْحُ عِیْسَی ابْنُ مَرْیَمَ وَجِیْهًا فِی الدُّنْیَا وَالْاٰخِرَةِ وَمِنَ الْمُقَرَّبِیْنَ ۟ۙ
‘අහෝ මර්යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔහුගෙන් වූ වදනක් පිළිබඳ ඔබට ශුභාරංචි දන්වන්නේ ය. ඔහු නමින් මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් වන අතර ඔහු මෙලොව හා මතුලොව ගරුත්වයක් ඇති දේව සමීපතයින් අතරින් කෙනෙකි.
அரபு விரிவுரைகள்:
 
மொழிபெயர்ப்பு அத்தியாயம்: ஆலஇம்ரான்
அத்தியாயங்களின் அட்டவணை பக்க எண்
 
அல்குர்ஆன் மொழிபெயர்ப்பு - சிங்கள மொழிபெயர்ப்பு - மர்கஸ் ருவ்வாதித்தர்ஜமா (மொழிபெயர்ப்பு முன்னோடிகள் நிலையம்) - மொழிபெயர்ப்பு அட்டவணை

அர்ருவ்வாத் மொழிபெயர்ப்பு மையத்தின் குழு அல்-ரப்வா அழைப்பு சங்கம் மற்றும் பல் மொழிகளில் இஸ்லாமிய உள்ளடக்கத்திற்கு சேவை செய்யும் சங்கத்துடன் இணைந்து மொழிபெயர்த்துள்ளது.

மூடுக