Check out the new design

แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล - ศูนย์การแปลรุว๊าด * - สารบัญ​คำแปล

PDF XML CSV Excel API
Please review the Terms and Policies

แปลความหมาย​ สูเราะฮ์: Yūsuf   อายะฮ์:
فَلَمَّا سَمِعَتْ بِمَكْرِهِنَّ اَرْسَلَتْ اِلَیْهِنَّ وَاَعْتَدَتْ لَهُنَّ مُتَّكَاً وَّاٰتَتْ كُلَّ وَاحِدَةٍ مِّنْهُنَّ سِكِّیْنًا وَّقَالَتِ اخْرُجْ عَلَیْهِنَّ ۚ— فَلَمَّا رَاَیْنَهٗۤ اَكْبَرْنَهٗ وَقَطَّعْنَ اَیْدِیَهُنَّ ؗ— وَقُلْنَ حَاشَ لِلّٰهِ مَا هٰذَا بَشَرًا ؕ— اِنْ هٰذَاۤ اِلَّا مَلَكٌ كَرِیْمٌ ۟
ඔවුන්ගේ රහස් කතාවට ඇය සවන් දුන් කල්හි ඔවුන් වෙත පණිවිඩයක් යවා ඔවුනට හාන්සි (ව සිට බුක්ති විඳින) සංග්‍රහයක් සූදානම් කළා ය. ඔවුන් අතරින් සෑම කෙනෙකුට ම පිහියක් බැගින් දුන්නා ය. පසුව ‘ඔබ ඔවුන් ඉදිරියට පිටව යනු’ යැයි (යූසුෆ්ට) ඇය පැවසුවා ය. ඔවුහු ඔහුව දුටු කල්හි ඔහු ගැන මහත් පුදුමයට පත් වූහ. තවද ඔවුන්ගේ අත් (නොදැනුවත්ව ම) කපා ගත්හ. අල්ලාහ් අපව ආරක්ෂා කරත්වා! මොහු මිනිසෙකු නො වේ. මොහු ගෞරවනීය සුර දූතයකු මිස වෙනකෙකු නො වෙතැයි ඔවුහු පවසා සිටියහ.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
قَالَتْ فَذٰلِكُنَّ الَّذِیْ لُمْتُنَّنِیْ فِیْهِ ؕ— وَلَقَدْ رَاوَدْتُّهٗ عَنْ نَّفْسِهٖ فَاسْتَعْصَمَ ؕ— وَلَىِٕنْ لَّمْ یَفْعَلْ مَاۤ اٰمُرُهٗ لَیُسْجَنَنَّ وَلَیَكُوْنًا مِّنَ الصّٰغِرِیْنَ ۟
‘නුඹලා කවර කරුණක් සම්බන්ධයෙන් මට දොස් නැගුවෙහු ද එයයි මෙය. මම ඔහු සමඟ (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළෙමි. එහෙත් ඔහු සුරක්ෂිත විය. මා ඔහුට අණ කරන දෑ ඔහු ඉටු නො කළේ නම් සැබැවින් ම ඔහු සිරගත කරනු ලබනු ඇත. තවද ඔහු පහත් අය අතරින් වනු ඇත’ යැයි ඇය පැවසුවා ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
قَالَ رَبِّ السِّجْنُ اَحَبُّ اِلَیَّ مِمَّا یَدْعُوْنَنِیْۤ اِلَیْهِ ۚ— وَاِلَّا تَصْرِفْ عَنِّیْ كَیْدَهُنَّ اَصْبُ اِلَیْهِنَّ وَاَكُنْ مِّنَ الْجٰهِلِیْنَ ۟
‘මාගේ පරමාධිපතියාණනි! ඔවුන් කවර දෙයක් වෙත මා කැඳවන්නේ ද ඊට වඩා සිරගත වීම මට ප්‍රිය මනාප ය. ඔවුන්ගේ උපායෙන් නුඹ මා වෙනතකට නො හරවන්නේ නම් ඔවුන් වෙත මම හසුවන්නෙමි. තවද මම අඥානයින් අතරින් වෙමි’ යැයි ඔහු පැවසුවේ ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
فَاسْتَجَابَ لَهٗ رَبُّهٗ فَصَرَفَ عَنْهُ كَیْدَهُنَّ ؕ— اِنَّهٗ هُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
එවිට ඔහුගේ පරමාධිපති ඔහුට පිළිතුරු දුන්නේ ය. ඔවුන්ගේ උපාය ඔහු ඔහුගෙන් වෙනතකට හැරෙව්වේ ය. නියත වශයෙන් ම ඔහු මය සර්ව ශ්‍රාවක; සර්ව ඥානී වන්නේ.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
ثُمَّ بَدَا لَهُمْ مِّنْ بَعْدِ مَا رَاَوُا الْاٰیٰتِ لَیَسْجُنُنَّهٗ حَتّٰی حِیْنٍ ۟۠
අනතුරුව ඔවුන් (ඔහුගේ අවංකභාවයට) සාධක දුටු පසුව මද කලකට ඔහුව සිරභාරයට ගනු ලැබීම යහපත් යැයි ඔවුනට හෙළි විය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَدَخَلَ مَعَهُ السِّجْنَ فَتَیٰنِ ؕ— قَالَ اَحَدُهُمَاۤ اِنِّیْۤ اَرٰىنِیْۤ اَعْصِرُ خَمْرًا ۚ— وَقَالَ الْاٰخَرُ اِنِّیْۤ اَرٰىنِیْۤ اَحْمِلُ فَوْقَ رَاْسِیْ خُبْزًا تَاْكُلُ الطَّیْرُ مِنْهُ ؕ— نَبِّئْنَا بِتَاْوِیْلِهٖ ۚ— اِنَّا نَرٰىكَ مِنَ الْمُحْسِنِیْنَ ۟
තවද ඔහු සමඟ සිරගෙයට තරුණයින් දෙදෙනෙකු ද ඇතුළු වූහ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ‘සැබැවින් ම මම මත්පැන් පෙරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි’ යැයි පැවසුවේ ය. තවද අනෙකා ‘සැබැවින් ම මම ද මාගේ හිසට ඉහළින් මා රොටියක් උසුලමින් සිටියෙමි. පක්ෂියකු ඉන් අනුභව කරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි’ යැයි පැවසුවේ ය. ‘එහි යථාර්ථය ඔබ අපට දන්වා සිටිනු. සැබැවින් ම අපි ඔබව දැහැමියන් අතරින් දකිමු’ (යැයි තවදුරටත් පවසා සිටියහ.)
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
قَالَ لَا یَاْتِیْكُمَا طَعَامٌ تُرْزَقٰنِهٖۤ اِلَّا نَبَّاْتُكُمَا بِتَاْوِیْلِهٖ قَبْلَ اَنْ یَّاْتِیَكُمَا ؕ— ذٰلِكُمَا مِمَّا عَلَّمَنِیْ رَبِّیْ ؕ— اِنِّیْ تَرَكْتُ مِلَّةَ قَوْمٍ لَّا یُؤْمِنُوْنَ بِاللّٰهِ وَهُمْ بِالْاٰخِرَةِ هُمْ كٰفِرُوْنَ ۟
‘නුඹලා දෙදෙනාට පෝෂණය වශයෙන් දෙනු ලබන ආහාර නුඹලා වෙත නොපැමිණි නමුත් නුඹලා දෙදෙනාට එය පැමිණීමට පෙර එහි යථාර්ථය නුඹලා දෙදෙනාට දන්වමි’ යැයි ඔහු පැවසුවේ ය.’ එය මාගේ පරමාධිපති මට ඉගැන්වූ දැයිනි. අල්ලාහ්ව විශ්වාස නො කරන ජනයාගේ පිළිවෙත මම අත හැරියෙමි. තවද ඔවුහු පරමාන්ත දිනය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.’
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
 
แปลความหมาย​ สูเราะฮ์: Yūsuf
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล - ศูนย์การแปลรุว๊าด - สารบัญ​คำแปล

แปลโดยทีมงานศูนย์แปลรุว๊าด ร่วมกับสมาคมการเผยแพร่ศาสนาอิสลามที่รอบวะฮ์ และสมาคมบริการเนื้อหาอิสลามด้วยภาษาต่าง ๆ

ปิด