Check out the new design

แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล - ศูนย์การแปลรุว๊าด * - สารบัญ​คำแปล

PDF XML CSV Excel API
Please review the Terms and Policies

แปลความหมาย​ สูเราะฮ์: Ar-Ra‘d   อายะฮ์:
مَثَلُ الْجَنَّةِ الَّتِیْ وُعِدَ الْمُتَّقُوْنَ ؕ— تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ؕ— اُكُلُهَا دَآىِٕمٌ وَّظِلُّهَا ؕ— تِلْكَ عُقْبَی الَّذِیْنَ اتَّقَوْا ۖۗ— وَّعُقْبَی الْكٰفِرِیْنَ النَّارُ ۟
දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන්හට ප්‍රතිඥා දෙනු ලැබූ ස්වර්ගයේ ව්‍යූහය වනාහි ඊට යටින් ගංගාවෝ ගලා බසිති. එහි ආහාර හා එහි හෙවණ සදා පවතී. එය දේව බිය හැඟීමෙන් කටයුතු කළවුන්ගේ අවසානයයි. තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ අවසානය (නිරා) ගින්නයි.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَالَّذِیْنَ اٰتَیْنٰهُمُ الْكِتٰبَ یَفْرَحُوْنَ بِمَاۤ اُنْزِلَ اِلَیْكَ وَمِنَ الْاَحْزَابِ مَنْ یُّنْكِرُ بَعْضَهٗ ؕ— قُلْ اِنَّمَاۤ اُمِرْتُ اَنْ اَعْبُدَ اللّٰهَ وَلَاۤ اُشْرِكَ بِهٖ ؕ— اِلَیْهِ اَدْعُوْا وَاِلَیْهِ مَاٰبِ ۟
තවද අප විසින් දේව ග්‍රන්ථය පිරිනැමුවේ කවුරුන් වෙත ද ඔවුහු නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳව සතුටු වෙති. එම කණ්ඩායම් අතරින් එයින් සමහර දෑ ප්‍රතික්ෂේප කරන්නෝ ද වෙති. මම අණ කරනු ලැබුවේ අල්ලාහ්ට නැමදුම් කිරීමට හා ඔහුට ආදේශ නො තැබීමට ය. ඔහු වෙත ම මම ඇරයුම් කරමි. තවද නැවත යොමු වන ස්ථානය ඇත්තේ ඔහු වෙතය යැයි (නබිවරය!) නුඹ පවසනු.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَكَذٰلِكَ اَنْزَلْنٰهُ حُكْمًا عَرَبِیًّا ؕ— وَلَىِٕنِ اتَّبَعْتَ اَهْوَآءَهُمْ بَعْدَ مَا جَآءَكَ مِنَ الْعِلْمِ ۙ— مَا لَكَ مِنَ اللّٰهِ مِنْ وَّلِیٍّ وَّلَا وَاقٍ ۟۠
එලෙස අපි එය අරාබි බසින් වූ නීති (ග්‍රන්ථ)යක් ලෙස පහළ කළෙමු. තවද ඥානයෙන් නුඹ වෙත පැමිණි දෑට පසුව ඔවුන්ගේ ආශාවන් නුඹ පිළිපදින්නෙහි නම් අල්ලාහ් වෙතින් කිසිදු භාරකරුවකු හෝ සුරකින්නකු හෝ නුඹට නො වනු ඇත.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَلَقَدْ اَرْسَلْنَا رُسُلًا مِّنْ قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ اَزْوَاجًا وَّذُرِّیَّةً ؕ— وَمَا كَانَ لِرَسُوْلٍ اَنْ یَّاْتِیَ بِاٰیَةٍ اِلَّا بِاِذْنِ اللّٰهِ ؕ— لِكُلِّ اَجَلٍ كِتَابٌ ۟
තවද සැබැවින් ම අපි නුඹට පෙර සිටම දූතවරුන් එව්වෙමු. තවද ඔවුනට අඹුවන් හා පරපුර ඇති කළෙමු. තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව යම් වදනක් ගෙන ඒමට කිසිදු රසූල්වරයකුට නො වීය. සෑම කාල පරිච්ඡේදයකට ම (නියමිත) දේව ග්‍රන්ථයක් විය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
یَمْحُوا اللّٰهُ مَا یَشَآءُ وَیُثْبِتُ ۖۚ— وَعِنْدَهٗۤ اُمُّ الْكِتٰبِ ۟
අල්ලාහ් තමන් අභිමත කරන දෑ මකා දමයි. තවද (අභිමත කරන දෑ) ස්ථීර කරයි. තවද මාතෘ ග්‍රන්ථය ඇත්තේ ඔහු අබියස ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَاِنْ مَّا نُرِیَنَّكَ بَعْضَ الَّذِیْ نَعِدُهُمْ اَوْ نَتَوَفَّیَنَّكَ فَاِنَّمَا عَلَیْكَ الْبَلٰغُ وَعَلَیْنَا الْحِسَابُ ۟
තවද අප ඔවුනට ප්‍රතිඥා කරන ඇතැමක් නුඹට අපි පෙන්වූව ද, නැතහොත් (ඊට පෙර) නුඹව අපි මරණයට පත් කළ ද නුඹ වෙත පැවරෙනුයේ (ඔවුනට දූත මෙහෙවර) දන්වා සිටීම පමණි. තවද විනිශ්චය කිරීම අපගේ වගකීම ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
اَوَلَمْ یَرَوْا اَنَّا نَاْتِی الْاَرْضَ نَنْقُصُهَا مِنْ اَطْرَافِهَا ؕ— وَاللّٰهُ یَحْكُمُ لَا مُعَقِّبَ لِحُكْمِهٖ ؕ— وَهُوَ سَرِیْعُ الْحِسَابِ ۟
නියත වශයෙන් ම අපි මහපොළොව එහි පැතිකඩවලින් එය කාදනය කරමින් පැමිණෙන බව ඔවුහු නො දුටුවෝ ද? තවද අල්ලාහ් තීන්දු කරයි. ඔහුගේ තීන්දුව වළක්වන්නෙකු නොමැත. තවද ඔහු විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَقَدْ مَكَرَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ فَلِلّٰهِ الْمَكْرُ جَمِیْعًا ؕ— یَعْلَمُ مَا تَكْسِبُ كُلُّ نَفْسٍ ؕ— وَسَیَعْلَمُ الْكُفّٰرُ لِمَنْ عُقْبَی الدَّارِ ۟
තවද ඔවුනට පෙර සිටියවුන් සැබැවින් ම කුමන්ත්‍රණ කළෝ ය. සියලු කුමන්ත්‍රණ අල්ලාහ් සතු ය. ඔහු සෑම ආත්මයක් ම උපයන දෑ දනී. තවද අවසන් (යහපත්) නිවහන සතු වනුයේ කා හට දැ? යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් මතු දැන ගනිති.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
 
แปลความหมาย​ สูเราะฮ์: Ar-Ra‘d
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล - ศูนย์การแปลรุว๊าด - สารบัญ​คำแปล

แปลโดยทีมงานศูนย์แปลรุว๊าด ร่วมกับสมาคมการเผยแพร่ศาสนาอิสลามที่รอบวะฮ์ และสมาคมบริการเนื้อหาอิสลามด้วยภาษาต่าง ๆ

ปิด