Check out the new design

แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล - ศูนย์การแปลรุว๊าด * - สารบัญ​คำแปล

PDF XML CSV Excel API
Please review the Terms and Policies

แปลความหมาย​ สูเราะฮ์: Al-Anbiyā’   อายะฮ์:
وَمِنَ الشَّیٰطِیْنِ مَنْ یَّغُوْصُوْنَ لَهٗ وَیَعْمَلُوْنَ عَمَلًا دُوْنَ ذٰلِكَ ۚ— وَكُنَّا لَهُمْ حٰفِظِیْنَ ۟ۙ
තවද ඔහු වෙනුවෙන් කිමිද යන්නන් හා ඒ හැර (ඔහුට) සේවය කරන්නන් ද ෂෙයිතානුන් අතරින් වූහ. තවද ඔවුනට ආරක්ෂාව සපයන්නන් ලෙස අපි සිටියෙමු.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَاَیُّوْبَ اِذْ نَادٰی رَبَّهٗۤ اَنِّیْ مَسَّنِیَ الضُّرُّ وَاَنْتَ اَرْحَمُ الرّٰحِمِیْنَ ۟ۚۖ
තවද අය්යූබ්, "නියත වශයෙන් ම පීඩාව මා වැලඳ ඇත. තවද නුඹ කරුණාවන්තයින් අතර මහා කරුණාන්විතයාණන්" යැයි ඔහු ඔහුගේ පරමාධිපතිව ඇමතූ අවස්ථාව සිහිපත් කරනු.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
فَاسْتَجَبْنَا لَهٗ فَكَشَفْنَا مَا بِهٖ مِنْ ضُرٍّ وَّاٰتَیْنٰهُ اَهْلَهٗ وَمِثْلَهُمْ مَّعَهُمْ رَحْمَةً مِّنْ عِنْدِنَا وَذِكْرٰی لِلْعٰبِدِیْنَ ۟
එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. පසුව කවර පීඩාවක් ඔහුට වී ද එය අපි ඉවත් කළෙමු. තවද අපි ඔහුට ඔහුගේ පවුල ද ඔවුන් සමඟ වූ ඔවුන් හා සමාන අය ද අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙන් හා නැමදුම් කරන්නන්හට මෙනෙහි කිරීමක් වශයෙන් පිරිනැමුවෙමු.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَاِسْمٰعِیْلَ وَاِدْرِیْسَ وَذَا الْكِفْلِ ؕ— كُلٌّ مِّنَ الصّٰبِرِیْنَ ۟
තවද ඉස්මාඊල්, ඉද්රීස් හා දුල් කිෆ්ල්, සියල්ලෝ ම ඉවසිලිවන්තයින් අතරින් වූහ.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَاَدْخَلْنٰهُمْ فِیْ رَحْمَتِنَا ؕ— اِنَّهُمْ مِّنَ الصّٰلِحِیْنَ ۟
තවද අපි ඔවුන්ව අපගේ දයාව තුළට ඇතුළත් කළෙමු. නියත වශයෙන් ම ඔවුහු දැහැමියන් අතරින් වූහ.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَذَا النُّوْنِ اِذْ ذَّهَبَ مُغَاضِبًا فَظَنَّ اَنْ لَّنْ نَّقْدِرَ عَلَیْهِ فَنَادٰی فِی الظُّلُمٰتِ اَنْ لَّاۤ اِلٰهَ اِلَّاۤ اَنْتَ سُبْحٰنَكَ ۖۗ— اِنِّیْ كُنْتُ مِنَ الظّٰلِمِیْنَ ۟ۚۖ
තවද මත්සයාට අයත් (යූනුස්), ඔහු කෝපයට පත්ව ගිය අවස්ථාවේ ඔහු වෙත අපි බලය නො දරනු ඇතැයි ඔහු සිතුවේ ය. පසුව ඔහු අන්ධකාරයන්හි සිට ඔබ හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔබ සුවිශුද්ධ ය. නියත වශයෙන් ම මම අපරාධකරුවන් අතරින් වීමි යැයි ඇමතී ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
فَاسْتَجَبْنَا لَهٗ ۙ— وَنَجَّیْنٰهُ مِنَ الْغَمِّ ؕ— وَكَذٰلِكَ نُـجِی الْمُؤْمِنِیْنَ ۟
එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. තවද අපි ඔහුව දුකින් මුදවා ගත්තෙමු. එලෙසය අපි දේවත්වය විශ්වාස කරන්නන් මුදවා ගනුයේ.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَزَكَرِیَّاۤ اِذْ نَادٰی رَبَّهٗ رَبِّ لَا تَذَرْنِیْ فَرْدًا وَّاَنْتَ خَیْرُ الْوٰرِثِیْنَ ۟ۚۖ
තවද සකරිය්යා, මාගේ පරමාධිපතියාණනි! ඔබ මා තනිව අතහැර නො දමනු. තවද ඔබ උරුමක්කරුවන්ගෙන් ශ්‍රේෂ්ඨයා යැයි ඔහු ඔහුගේ පරමාධිපතිව ඇමතුවේ ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
فَاسْتَجَبْنَا لَهٗ ؗ— وَوَهَبْنَا لَهٗ یَحْیٰی وَاَصْلَحْنَا لَهٗ زَوْجَهٗ ؕ— اِنَّهُمْ كَانُوْا یُسٰرِعُوْنَ فِی الْخَیْرٰتِ وَیَدْعُوْنَنَا رَغَبًا وَّرَهَبًا ؕ— وَكَانُوْا لَنَا خٰشِعِیْنَ ۟
එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. තවද අපි ඔහුට යහ්යාව පිරිනැමුවෙමු. තවද අපි ඔහුට ඔහුගේ බිරිය දැහැමි කළෙමු. නියත වශයෙන් ම ඔවුහු යහකම් කිරීමෙහි යුහුසුලු වූහ. තවද ඔවුහු කැමැත්තෙන් හා බියෙන් අප ඇමතූහ. තවද ඔවුහු අපහට බියෙන් පසුවන්නන් වූහ.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
 
แปลความหมาย​ สูเราะฮ์: Al-Anbiyā’
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล - ศูนย์การแปลรุว๊าด - สารบัญ​คำแปล

แปลโดยทีมงานศูนย์แปลรุว๊าด ร่วมกับสมาคมการเผยแพร่ศาสนาอิสลามที่รอบวะฮ์ และสมาคมบริการเนื้อหาอิสลามด้วยภาษาต่าง ๆ

ปิด