Check out the new design

แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล - ศูนย์การแปลรุว๊าด * - สารบัญ​คำแปล

PDF XML CSV Excel API
Please review the Terms and Policies

แปลความหมาย​ สูเราะฮ์: Al-Qasas   อายะฮ์:
وَمَاۤ اُوْتِیْتُمْ مِّنْ شَیْءٍ فَمَتَاعُ الْحَیٰوةِ الدُّنْیَا وَزِیْنَتُهَا ۚ— وَمَا عِنْدَ اللّٰهِ خَیْرٌ وَّاَبْقٰی ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟۠
තවද යමකින් නුඹලාට දෙනු ලැබූ දෑ එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමක් හා එහි වූ අලංකාරයකි. අල්ලාහ් වෙත ඇති දෑ ශ්‍රේෂ්ඨ ය. සදා පවතින්නක් ය. නුඹලා වටහා නො ගන්නෙහු ද?
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
اَفَمَنْ وَّعَدْنٰهُ وَعْدًا حَسَنًا فَهُوَ لَاقِیْهِ كَمَنْ مَّتَّعْنٰهُ مَتَاعَ الْحَیٰوةِ الدُّنْیَا ثُمَّ هُوَ یَوْمَ الْقِیٰمَةِ مِنَ الْمُحْضَرِیْنَ ۟
අපි යමෙකුට අලංකාර ප්‍රතිඥාවක් දී එය ලබන තැනැත්තා, මෙලොව ජීවිතයේ සම්පත් අපි භුක්ති විඳීමට සලස්වා පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ (දඬුවම් ලැබීම පිණිස) ඉදිරිපත් කරනු ලබන තැනැත්තා මෙන් වන්නේ ද?
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَیَوْمَ یُنَادِیْهِمْ فَیَقُوْلُ اَیْنَ شُرَكَآءِیَ الَّذِیْنَ كُنْتُمْ تَزْعُمُوْنَ ۟
තවද එදින ඔහු ඔවුන් අමතා නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහේ දැ? යි විමසයි.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
قَالَ الَّذِیْنَ حَقَّ عَلَیْهِمُ الْقَوْلُ رَبَّنَا هٰۤؤُلَآءِ الَّذِیْنَ اَغْوَیْنَا ۚ— اَغْوَیْنٰهُمْ كَمَا غَوَیْنَا ۚ— تَبَرَّاْنَاۤ اِلَیْكَ ؗ— مَا كَانُوْۤا اِیَّانَا یَعْبُدُوْنَ ۟
අපගේ පරමාධිපතියාණනි! අපි ඔවුන් නොමග යැව්වෙමු. අප නොමග ගියාක් මෙන් ම අපි ඔවුන්ව ද නොමග යැව්වෙමු. අපි ඉන් මිදී ඔබ වෙත යොමු වූයෙමු. ඔවුහු අපට ගැතිකම් කරන්නෝ නො වූහ යැයි තමන් වෙත ප්‍රකාශය නියම වූ අය පවසයි.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَقِیْلَ ادْعُوْا شُرَكَآءَكُمْ فَدَعَوْهُمْ فَلَمْ یَسْتَجِیْبُوْا لَهُمْ وَرَاَوُا الْعَذَابَ ۚ— لَوْ اَنَّهُمْ كَانُوْا یَهْتَدُوْنَ ۟
තවද නුඹලාගේ හවුල්කරුවන් නුඹලා ඇරයුම් කරනු යැයි කියනු ලැබේ. එවිට ඔවුහු ඔවුන් අමතති. එහෙත් ඔවුහු ඔවුනට පිළිතුරු නො දෙති. තවද දඬුවම ඔවුහු දකිති. නියත වශයෙන් ම ඔවුහු යහමග ගියවුන් ලෙස සිටියාහු නම්!
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَیَوْمَ یُنَادِیْهِمْ فَیَقُوْلُ مَاذَاۤ اَجَبْتُمُ الْمُرْسَلِیْنَ ۟
තවද එදින ඔහු ඔවුන් කැඳවා නුඹලා ධර්ම දූතයින්ට කුමන පිළිතුරක් දුන්නෙහු දැ? යි විමසයි.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
فَعَمِیَتْ عَلَیْهِمُ الْاَنْۢبَآءُ یَوْمَىِٕذٍ فَهُمْ لَا یَتَسَآءَلُوْنَ ۟
සිදු වීම් සියල්ල එදින ඔවුන් වෙත සැඟ වී යනු ඇත. එහෙයින් ඔවුහු (ඒ ගැන) එකිනෙකා විමසා නො ගනිති.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
فَاَمَّا مَنْ تَابَ وَاٰمَنَ وَعَمِلَ صَالِحًا فَعَسٰۤی اَنْ یَّكُوْنَ مِنَ الْمُفْلِحِیْنَ ۟
එහෙත් පසුතැවිලි වී විශ්වාස කොට යහකම් කළ අය වූ කලී, ඔහු ජයග්‍රාහකයින් අතරින් වන්නට පුළුවණ.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَرَبُّكَ یَخْلُقُ مَا یَشَآءُ وَیَخْتَارُ ؕ— مَا كَانَ لَهُمُ الْخِیَرَةُ ؕ— سُبْحٰنَ اللّٰهِ وَتَعٰلٰی عَمَّا یُشْرِكُوْنَ ۟
තවද ඔබේ පරමාධිපති ඔහුට අභිමත දෑ මවන්නේ ය. ඔහු තෝරා ගන්නේ ය. තෝරා ගැනීමේ (අයිතිය) ඔවුනට නොමැත. අල්ලාහ් සුවිශුද්ධ ය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَرَبُّكَ یَعْلَمُ مَا تُكِنُّ صُدُوْرُهُمْ وَمَا یُعْلِنُوْنَ ۟
තවද ඔවුන්ගේ හදවත් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද නූඹේ පරමාධිපති දන්නේ ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَهُوَ اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ؕ— لَهُ الْحَمْدُ فِی الْاُوْلٰی وَالْاٰخِرَةِ ؗ— وَلَهُ الْحُكْمُ وَاِلَیْهِ تُرْجَعُوْنَ ۟
තවද ඔහුය අල්ලාහ්. ඔහු හැර වෙනත් දෙවියකු නැත. ආරම්භයේ ද අවසානයේ ද සියලු ප්‍රශංසා ඔහු සතු ය. තීන්දුව ද ඔහු සතු ය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙත ම ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
 
แปลความหมาย​ สูเราะฮ์: Al-Qasas
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล - ศูนย์การแปลรุว๊าด - สารบัญ​คำแปล

แปลโดยทีมงานศูนย์แปลรุว๊าด ร่วมกับสมาคมการเผยแพร่ศาสนาอิสลามที่รอบวะฮ์ และสมาคมบริการเนื้อหาอิสลามด้วยภาษาต่าง ๆ

ปิด