Check out the new design

แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล สำหรับหนังสืออรรถาธิบายอัลกุรอานอย่างสรุป (อัลมุคตะศ็อร ฟีตัฟซีร อัลกุรอานิลกะรีม) * - สารบัญ​คำแปล


แปลความหมาย​ อายะฮ์: (139) สูเราะฮ์: Al-Baqarah
قُلْ اَتُحَآجُّوْنَنَا فِی اللّٰهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمْ ۚ— وَلَنَاۤ اَعْمَالُنَا وَلَكُمْ اَعْمَالُكُمْ ۚ— وَنَحْنُ لَهٗ مُخْلِصُوْنَ ۟ۙ
අහෝ දහම් ලත් ජනයිනි, ‘සැබැවින්ම නුඹලාගේ දහම ඉතා පැරණි බැවින් ද නුඹලාගේ පුස්තක පූර්ව කාලයේ පහළ වූ බැවන් ද අල්ලාහ්ට හා ඔහුගේ දහමට වඩා සමීපතයින් තමන් බව නුඹලා අප සමග තරක් කරන්නෙහු දැ’යි අහෝ නබිවරය නුඹ ඔවුන්ගෙන් අසනු. එසේ තර්ක කිරීමෙන් ඵලක් නැත. හේතුව අප සියලු දෙනාගේම පරමාධිපති අල්ලාහ් වන බැවිනි. ඔහුව යම් පිරිසකට විශේෂ කොට සැලකිය නොහැක. අපගේ ක්රියාවන් අප සතුය. ඒ ගැන නුඹලාගෙන් ප්රශ්න කරනු නොලැබේ. එමෙන්ම නුඹලාගේ ක්රියාවන් නුඹලා සතුය. ඒ ගැන අපගෙන් ප්රශ්න කරනු නොලැබේ. සෑම කෙනෙකුම තම තමන් කළ ක්රියාවන් අනුව ප්රතිඵල දෙනු ලැබේ. නැමදුම් කිරීම හා අවනත භාවය අල්ලාහ්ට පමණක් අපි අවංකව ඉටු කරන්නෙමු. ඔහුට කිසිවක් ආදේශ නොකරමු.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
ประโยชน์​ที่​ได้รับ​:
• أن دعوى أهل الكتاب أنهم على الحق لا تنفعهم وهم يكفرون بما أنزل الله على نبيه محمد صلى الله عليه وسلم.
සැබැවින්ම තමන් සත්යය මත සිටින බවට ආගම් ලත් ජනයා කරන තර්කය ඔවුනට කිසිසේත් ප්රයෝජනවත් නොවන්නේය. නමුත් අල්ලාහ් තම නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පිළිබඳ පහළ කර ඇති දෑ ඔවුහු ප්රතික්ෂේප කරති.

• سُمِّي الدين صبغة لظهور أعماله وسَمْته على المسلم كما يظهر أثر الصبغ في الثوب.
සායම් -රන්ජනය- යන අර්ථය ගෙන දෙන ‘සිබ්ගා’ යන පදය දහමට නම් යෙදී ඇත. ඇඳුමක සායම් සළකුණු මතුපිටින් පෙනෙන සේ එහි ළකුණු මුස්ලිම්වරයා මත දක්නට ඇත.

• أن الله تعالى قد رَكَزَ في فطرةِ خلقه جميعًا الإقرارَ بربوبيته وألوهيته، وإنما يضلهم عنها الشيطان وأعوانه.
සැබැවින්ම අල්ලාහ් ඔහුගේ මැවීම් සියල්ල ස්වභාදහම අනුව මවා ඇති බවත් එය ඔහුගේ දේවත්වය හා පරිපාලනය පිළිගන්නා ලෙසින් නිමවා ඇති බවත් පෙන්වා දෙයි. ඔවුන් නොමග හරිනුයේ ෂෙයිතාන් හා ඔහුගේ සහයකයින් විසිනි.

 
แปลความหมาย​ อายะฮ์: (139) สูเราะฮ์: Al-Baqarah
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล สำหรับหนังสืออรรถาธิบายอัลกุรอานอย่างสรุป (อัลมุคตะศ็อร ฟีตัฟซีร อัลกุรอานิลกะรีม) - สารบัญ​คำแปล

โดย ศูนย์ตัฟซีรเพื่อการศึกษาอัลกุรอาน

ปิด