Check out the new design

แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล สำหรับหนังสืออรรถาธิบายอัลกุรอานอย่างสรุป (อัลมุคตะศ็อร ฟีตัฟซีร อัลกุรอานิลกะรีม) * - สารบัญ​คำแปล


แปลความหมาย​ อายะฮ์: (152) สูเราะฮ์: Āl-‘Imrān
وَلَقَدْ صَدَقَكُمُ اللّٰهُ وَعْدَهٗۤ اِذْ تَحُسُّوْنَهُمْ بِاِذْنِهٖ ۚ— حَتّٰۤی اِذَا فَشِلْتُمْ وَتَنَازَعْتُمْ فِی الْاَمْرِ وَعَصَیْتُمْ مِّنْ بَعْدِ مَاۤ اَرٰىكُمْ مَّا تُحِبُّوْنَ ؕ— مِنْكُمْ مَّنْ یُّرِیْدُ الدُّنْیَا وَمِنْكُمْ مَّنْ یُّرِیْدُ الْاٰخِرَةَ ۚ— ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِیَبْتَلِیَكُمْ ۚ— وَلَقَدْ عَفَا عَنْكُمْ ؕ— وَاللّٰهُ ذُوْ فَضْلٍ عَلَی الْمُؤْمِنِیْنَ ۟
නුඹලාගේ සතුරන්ට එරෙහි ව කවර ජයග්රහණයක් අල්ලාහ් නුඹලාට ප්රතිඥා දී තිබුණේද එය ඔහු උහද් දිනයේ නුඹලාට පිරිනැමුවේය. උත්තරීතර අල්ලාහ්ගේ අනුහසින් නුඹලා ඔවුන් සමග දැඩි ලෙස සටන් කළ නමුත් කවර කරුණක් මත ස්ථාවරව සිටින්නැයි අල්ලාහ්ගේ දූතයාණන් නුඹලාට නියෝග කර සිටියේ ද නුඹලා එය පිළිපැදීමට අධෛර්යමත් වූහ. රැඳී සිටින්නැයි නියෝග කළ නියමිත ස්ථානයේ රැදී සිටීම සම්බන්ධයෙන් නුඹලා අතර මත ගැටුම් ඇති කරගනිමින් එය අතහැර දමා සතුරන් විසින් දමා ගිය යුදමය භාණ්ඩ රැස් කරන්නට පටන් ගත්තෝය. අල්ලාහ්ගේ දූතයාණන් නුඹලාට රැඳී සිටින්නැයි කළ නියෝගයට නුඹලා පිටුපෑවෝය. එසේ සිදු වූයේ නුඹලාගේ සතුරන්ට එරෙහිව නුඹලා කවර දෙයක් ප්රිය කළේද එම ජයග්රහණය නුඹලාට පිරිනැමීම සඳහා අල්ලාහ් අභිමත කිරීමෙන් පසුවය. නමුත් නුඹලාගෙන් පිරිසක් මෙලොව වස්තුවට ප්රිය කොට තමන්ගේ නියමිත ස්ථාන අතහැර දැමුවෝය. තවත් පිරිසක් මතු ලොවෙහි ප්රතිඵල අපේක්ෂාවෙන් සිටියෝය. එවැන්නන් දූතයාණන්ගේ නියෝගයට අවනත වී ඔවුන්ගේ නියමිත ස්ථානවල රැඳී සිටියෝය. පසු ව අල්ලාහ් නුඹලාගේ තත්ත්වය වෙනස් කළේය. නුඹලාට එරෙහි ව ඔවුනට බලය පිරිනැමීය. එය නුඹලා පරීක්ෂණයට ලක් කිරීම පිණිසය. ඉන් ලිස්සා ගැල වී ගොස් අධෛර්යයට පත් වූ අය අතුරින් ඒ මත ඉවසීමෙන් කටයුතු කරන දේව විශ්වාස කළවුන් කවුරුන්දැ?යි හෙළි කරනු පිණිසය. පසු ව අල්ලාහ්ගේ දූතයාණන්ගේ නියෝගයට විරුද්ධ වී නුඹලා කවර වරදක් සිදු කළේ ද අල්ලාහ් එයට සමාව දුන්නේය. දෙවියන් විශ්වාස කළවුන්හට අල්ලාහ් මගපෙන්වමින් අතිමහත් භාග්යය පිරිනැමීය. ඔවුන්ගේ වැරදි වලට සමාව දී ඔවුන් මුහුණ දුන් පරීක්ෂණ සඳහා කුසල් පිරිනැමීය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
ประโยชน์​ที่​ได้รับ​:
• التحذير من طاعة الكفار والسير في أهوائهم، فعاقبة ذلك الخسران في الدنيا والآخرة.
•දෙවියන් ප්රතික්ෂේප කරන අත්තනෝමතික ජනයාට අවනත වීමෙන් හා ඔවුන්ගේ ආශාවන් මත හඹා යෑමෙන් ප්රවේශම් වීම. එවන් තත්ත්වයක අවසන් ප්රතිඵල වනුයේ මෙලොව හා මතු ලොව පරාජය අත්වීමය.

• إلقاء الرعب في قلوب أعداء الله صورةٌ من صور نصر الله لأوليائه المؤمنين.
•අල්ලාහ්ගේ සතුරන්ගේ සිත් තුළ බිය ඇති කිරීම ඔහු ව විශ්වාස කරන ඔහුට සමීපවූවන් සඳහා අල්ලාහ් පිරිනමන ඔහුගේ උදව් ස්වරූපයන්ගෙන් එක් ස්වරූපයකි.

• من أعظم أسباب الهزيمة في المعركة التعلق بالدنيا والطمع في مغانمها، ومخالفة أمر قائد الجيش.
•ලෞකික බැඳියාව යුද පිටියේ සතුරන් විසින් දමා යන වස්තු කෙරෙහි ඇති තණ්හාව සේනාධිපතිගේ නියෝගයට විරුද්ධ වීම යනාදිය සංග්රාමයක දී පරාජයට තුඩු දෙන දැවැන්ත හේතු කාරණා වෙයි.

• من دلائل فضل الصحابة أن الله يعقب بالمغفرة بعد ذكر خطئهم.
•ඔවුන්ගේ වරද මෙනෙහි කිරීමෙන් පසු අවසානයේ අල්ලාහ් ඔවුනට සමාව පිරිනැමීම සහායකයින්ගේ මහිමය පෙන්වාදෙන සාධකයකි.

 
แปลความหมาย​ อายะฮ์: (152) สูเราะฮ์: Āl-‘Imrān
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล สำหรับหนังสืออรรถาธิบายอัลกุรอานอย่างสรุป (อัลมุคตะศ็อร ฟีตัฟซีร อัลกุรอานิลกะรีม) - สารบัญ​คำแปล

โดย ศูนย์ตัฟซีรเพื่อการศึกษาอัลกุรอาน

ปิด