Check out the new design

แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล สำหรับหนังสืออรรถาธิบายอัลกุรอานอย่างสรุป (อัลมุคตะศ็อร ฟีตัฟซีร อัลกุรอานิลกะรีม) * - สารบัญ​คำแปล


แปลความหมาย​ อายะฮ์: (4) สูเราะฮ์: Al-Ahzāb
مَا جَعَلَ اللّٰهُ لِرَجُلٍ مِّنْ قَلْبَیْنِ فِیْ جَوْفِهٖ ۚ— وَمَا جَعَلَ اَزْوَاجَكُمُ الّٰٓـِٔیْ تُظٰهِرُوْنَ مِنْهُنَّ اُمَّهٰتِكُمْ ۚ— وَمَا جَعَلَ اَدْعِیَآءَكُمْ اَبْنَآءَكُمْ ؕ— ذٰلِكُمْ قَوْلُكُمْ بِاَفْوَاهِكُمْ ؕ— وَاللّٰهُ یَقُوْلُ الْحَقَّ وَهُوَ یَهْدِی السَّبِیْلَ ۟
පිරිමියකුගේ ලය පෙදෙසෙහි හදවත් දෙකක් ඇති නොකළාක් මෙන්ම මහ්රම් තත්ත්වයේ දී බිරින්දෑවරු මව්වරුන්ගේ ස්ථානයට අල්ලාහ් පත් නොකළේය. දරුකමට හදා වඩා ගත් දරුවන් නුඹලාගේ කොඳු නාරටියෙන් බිහි වූ දරුවන්ගේ ස්ථානයට ඔහු පත් නොකළේය. එහෙයින් ලිහාර්, එනම් බිරිය තම මව හා සහෝදරියගේ ස්ථානයේ තබා, ස්වාමි පුරුෂයා ඇය ව තහනම් කර ගැනීම හා දරුකමට හදා වඩා ගත් දරුවන් තම දරුවන්ගේ ස්ථානයේ තැබීම ඉස්ලාමය අවලංගු කළ අඥාන කාලයේ සිරිත් අතරින් විය. මෙම ලිහාර් හා දරුකම නුඹලාගේ මුවවල්වලින් දොඩන ප්රකාශ මිස එහි යථාර්ථය නොවන්නේය. බිරිය මව මෙන් නැත. එමෙන්ම දරුකමට හදා වඩා ගත් දරුවා, තම දරුවා මෙන් වාද කරන්නාගේ දරුවකු ද නොවන්නේය. තම ගැත්තන් ක්රියා කරනු පිණිස සුවිශුද්ධ අල්ලාහ් සත්යය ප්රකාශ කර සිටියි. ඔහු නිවැරැදි දෑ වෙත මඟ පෙන්වනු ඇත.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
ประโยชน์​ที่​ได้รับ​:
• لا أحد أكبر من أن يُؤْمر بالمعروف ويُنْهى عن المنكر.
•යහපත නියෝග කර අයහපතින් වළක්වාලන අයට වඩා ශ්රේෂ්ඨ වෙනත් අයකු නැත.

• رفع المؤاخذة بالخطأ عن هذه الأمة.
•සිදුවන අත්වැරදි ග්රහණය කිරීම මෙම සමූහයාගෙන් ඉවත් කර ඇත.

• وجوب تقديم مراد النبي صلى الله عليه وسلم على مراد الأنفس.
• ආත්මාවල අභිප්රායන්ට වඩා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අභිප්රායන්ට මුල්තැන දීමේ අනිවාර්යභාවය.

• بيان علو مكانة أزواج النبي صلى الله عليه وسلم، وحرمة نكاحهنَّ من بعده؛ لأنهن أمهات للمؤمنين.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරින්දෑවරුන්ගේ නිලයේ උසස්භාවය විස්තර කිරීම. එතුමාගෙන් පසු ව ඔවුන් විවාහ කර ගැනීමේ තහනම. ඊට හේතුව සැබැවින්ම ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන්ගේ මව්වරුන් වන බැවිණි.

 
แปลความหมาย​ อายะฮ์: (4) สูเราะฮ์: Al-Ahzāb
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล สำหรับหนังสืออรรถาธิบายอัลกุรอานอย่างสรุป (อัลมุคตะศ็อร ฟีตัฟซีร อัลกุรอานิลกะรีม) - สารบัญ​คำแปล

โดย ศูนย์ตัฟซีรเพื่อการศึกษาอัลกุรอาน

ปิด