แปล​ความหมาย​อัลกุรอาน​ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - สารบัญ​คำแปล


แปลความหมาย​ อายะฮ์: (26) สูเราะฮ์: Sād
یٰدَاوٗدُ اِنَّا جَعَلْنٰكَ خَلِیْفَةً فِی الْاَرْضِ فَاحْكُمْ بَیْنَ النَّاسِ بِالْحَقِّ وَلَا تَتَّبِعِ الْهَوٰی فَیُضِلَّكَ عَنْ سَبِیْلِ اللّٰهِ ؕ— اِنَّ الَّذِیْنَ یَضِلُّوْنَ عَنْ سَبِیْلِ اللّٰهِ لَهُمْ عَذَابٌ شَدِیْدٌۢ بِمَا نَسُوْا یَوْمَ الْحِسَابِ ۟۠
අහෝ දාවූද්! ආගමික මෙන්ම ලෞකික තීන්දු තීරණ මිනිසුන් අතර ක්රියාත්මක කිරීම සඳහා මහපොළොවේ පාලකයකු බවට සැබවින්ම අපි ඔබව පත් කළෙමු. එහෙයින් මිනිසුන් අතර යුක්ති ගරුක ව තීන්දු දෙනු. ජනයා අතර ඔබ දෙන තීන්දුවෙහි ඥාතීත්වය හෝ සමීපත්වය පදනම් කර ගෙන වාදී ප්රතිවාදී යන දෙදෙනා අතරින් එක් අයකු වෙතට නැඹුරු වීම හෝ සතුරුකම හේතුවෙන් ඔහුගෙන් වෙනතට යොමු වීම වැනි කාරණා තුළින් ආශාවන් අනුගමනය නොකරනු. එවිට එම ආශාවන් අල්ලාහ්ගේ ඍජු මාර්ගයෙන් ඔබව නොමග යවනු ඇත. සැබැවින්ම කවරෙකු අල්ලාහ්ගේ ඍජු මාර්ගයෙන් නොමග යන්නේ ද ඔවුනට විනිශ්චය දිනය ඔවුන් අමතක කර දැමූ හේතුවෙන් බලවත් දඬුවමක් හිමි වනු ඇත. ඔවුන් ඔහු සිහිපත් කරමින් හා ඔහුට බියෙන් පසුවන්නේ නම් ඔවුන්ගේ ආශාවන් සමග ඔවුන් නැඹුරු නොවනු ඇත.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
ประโยชน์​ที่​ได้รับ​:
• بيان فضائل نبي الله داود وما اختصه الله به من الآيات.
•අල්ලාහ්ගේ නබිවරයකු වූ දාවූද් තුමා ගැන හා අල්ලාහ් ඔහුට විශේෂයෙන් තෝරා පිරිනැමූ සාධක පිළිබඳ විස්තරය.

• الأنبياء - صلوات الله وسلامه عليهم - معصومون من الخطأ فيما يبلغون عن الله تعالى؛ لأن مقصود الرسالة لا يحصل إلا بذلك، ولكن قد يجري منهم بعض مقتضيات الطبيعة بنسيان أو غفلة عن حكم، ولكن الله يتداركهم ويبادرهم بلطفه.
•නබිවරුන් වනාහි (ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා!) ඔවුන් උත්තරීතර අල්ලාහ් පිළිබඳ දන්වා සිටින දෑහි වැරදි කිරීමෙන් ආරක්ෂා කරනු ලැබූවෝ වෙති. ඊට හේතුව සැබවින්ම දූත පණිවිඩයේ අපේක්ෂාව එමගින් මිස වෙනත් ආකාරයකින් සිදු නොවන බැවිණි. තීන්දුව පිළිබඳ අමතක වීම, එය මග හැරීම වැනි මිනිසාගේ සහජ ගතිගුණ ඔවුන් අතර ද පවතී. නමුත් අල්ලාහ් ඔවුන් නිවැරදි කර, ඔහුගේ කරුණාවෙන් ඔවුනට ප්රබෝධය ඇති කරයි.

• استدل بعض العلماء بقوله تعالى: ﴿ وَإِنَّ كَثِيرًا مِّنَ اْلْخُلَطَآءِ لَيَبْغِي بَعْضُهُمْ عَلَى بَعْضٍ ﴾ على مشروعية الشركة بين اثنين وأكثر.
•‘එකට එකතු වී ජීවත්වන ජනයාගෙන් බහුතරයක්, ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට අසාධාරණකම් කරති.’ යන උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය පදනම් කර ගනිමින් ඇතැම් විද්වත්හු දෙදෙනෙකු හෝ ඊටත් වැඩි සංඛ්යාවක් අතර හවුලේ කටයුතු කිරීම ආගමානුගත කරනු ලැබ ඇතැයි සාධක කර ගනිති.

• ينبغي التزام الأدب في الدخول على أهل الفضل والمكانة.
•ගෞරවය හා නිලය ඇත්තන් අතරට ප්රවේශවීමේ දී විනය පිළිපැදීමේ අවශ්යතාවය.

 
แปลความหมาย​ อายะฮ์: (26) สูเราะฮ์: Sād
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - สารบัญ​คำแปล

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

ปิด