Check out the new design

แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล สำหรับหนังสืออรรถาธิบายอัลกุรอานอย่างสรุป (อัลมุคตะศ็อร ฟีตัฟซีร อัลกุรอานิลกะรีม) * - สารบัญ​คำแปล


แปลความหมาย​ อายะฮ์: (16) สูเราะฮ์: Al-Mā’idah
یَّهْدِیْ بِهِ اللّٰهُ مَنِ اتَّبَعَ رِضْوَانَهٗ سُبُلَ السَّلٰمِ وَیُخْرِجُهُمْ مِّنَ الظُّلُمٰتِ اِلَی النُّوْرِ بِاِذْنِهٖ وَیَهْدِیْهِمْ اِلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟
ඔහු විසින් පිළිගනු ලබන දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් අනුගමනය කරන්නන්හට අල්ලාහ්ගේ දඬුවමින් ආරක්ෂා වන මාර්ගය මෙම පුස්තකය මගින් ඔහු මග පෙන්වයි. එය ස්වර්ගයට ඇතුළත් කරන මාර්ගයයි. එය ඔවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම් වලින් පිරුණු අන්ධකාරයෙන්, දේව විශ්වාසය හා ඔහුගේ අනුමැතිය මත අවනත වීම යන ආලෝකය වෙත ඔවුන් බැහැර කරනු ඇත. ඍජු ශක්තිමත් මාර්ගය වෙත ඔහු ඔවුනට ආශිර්වාද කරයි. එය ඉස්ලාමයේ මාර්ගයයි.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
ประโยชน์​ที่​ได้รับ​:
• تَرْك العمل بمواثيق الله وعهوده قد يوجب وقوع العداوة وإشاعة البغضاء والتنافر والتقاتل بين المخالفين لأمر الله تعالى.
අල්ලාහ්ගේ ප්රතිඥාවන් හා ගිවිසුම් ක්රියාත්මක කිරීම අතහැර දැමීම සතුරුකම් ඇති වීමටත්, ක්රෝධය ව්යාප්ත වී යාමටත්, එකිනෙකා ආරවුල් ඇති කර ගනිමින් අල්ලාහ්ගේ නියෝගයට විරුද්ධවන්නන් අතර සටන් කිරීමටත් අනිවාර්යය කරනු ඇත.

• الرد على النصارى القائلين بأن الله تعالى تجسد في المسيح عليه السلام، وبيان كفرهم وضلال قولهم.
සැබැවින්ම අල්ලාහ් මසායාගේ ශරීරය තුළට ශරීරගත ව සිටින්නේ යැයි ඔවුන් පවසන ප්රකාශයට ප්රතිචාර දැක්වීම, ඔවුන්ගේ ප්රතික්ෂේපය පැහැදිලි කිරීම හා ඔවුන්ගේ ප්රකාශය නොමග වූවක් බව විස්තර කිරීම.

• من أدلة بطلان ألوهية المسيح أن الله تعالى إن أراد أن يهلك المسيح وأمه عليهما السلام وجميع أهل الأرض فلن يستطيع أحد رده، وهذا يثبت تفرده سبحانه بالأمر وأنه لا إله غيره.
මසායාගේ දේවත්වය ව්යාජ බව පෙන්වා දෙන සාධක අතුරින් එකක් වනුයේ මසායා, ඔහුගේ මව හා පොළෝවාසීන් සියලු දෙනා විනාශ කිරීමට සැබැවින්ම අල්ලාහ් සිතුවේ නම් එය වළක්වන්නට කිසිවකුට හැකියාව නොදැරීමයි. මෙය තම කටයුතු වලදී ඔහුගේ ඒකීය බව හා ඔහු හැර වෙනත් දෙවියකු නොමැති බව තහවුරු කරයි.

• من أدلة بطلان ألوهية المسيح أن الله تعالى يُذَكِّر بكونه تعالى ﴿ يَخْلُقُ مَا يَشَاءُ﴾ (المائدة: 17)، فهو يخلق من الأبوين، ويخلق من أم بلا أب كعيسى عليه السلام، ويخلق من الجماد كحية موسى عليه السلام، ويخلق من رجل بلا أنثى كحواء من آدم عليهما السلام.
මසායාගේ දේවත්වය ව්යාජ බව පෙන්වන තවත් සාධකයක් වනුයේ සැබැවින් අල්ලාහ් ඔහුගේ පැවැත්ම පිළිබඳ මෙනෙහි කර තිබීමයි. අල් මාඉදා 17 වන පරිච්චේදයේ "ඔහු අභිමත කරන දෑ මවන්නේය" යැයි සඳහන් කර ඇත. එසේ නම් දෙමාපියන්ගෙන් දරුවන් බිහිකරන්නේ ඔහුය. ඊසා (අලය්හිස් සලාම්) තුමා වැනි පියකු නොමැති ව මවකගෙන් මවන්නේද ඔහුය. මූසාගේ සැරයටිය මෙන් භෞතික වස්තුවකින් ජීවී වස්තුවක් මවන්නේද ඔහුය. හව්වා තුමිය ව ආදම් (අලය්හිස් සලාම්) තුමාගෙන් බිහි කළාක් මෙන් ගැහැනියක් නොමැති ව පිරිමියකුගෙන් ජීවයක් මවන්නේ ද ඔහුය.

 
แปลความหมาย​ อายะฮ์: (16) สูเราะฮ์: Al-Mā’idah
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล สำหรับหนังสืออรรถาธิบายอัลกุรอานอย่างสรุป (อัลมุคตะศ็อร ฟีตัฟซีร อัลกุรอานิลกะรีม) - สารบัญ​คำแปล

โดย ศูนย์ตัฟซีรเพื่อการศึกษาอัลกุรอาน

ปิด