Check out the new design

แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล สำหรับหนังสืออรรถาธิบายอัลกุรอานอย่างสรุป (อัลมุคตะศ็อร ฟีตัฟซีร อัลกุรอานิลกะรีม) * - สารบัญ​คำแปล


แปลความหมาย​ อายะฮ์: (140) สูเราะฮ์: Al-A‘rāf
قَالَ اَغَیْرَ اللّٰهِ اَبْغِیْكُمْ اِلٰهًا وَّهُوَ فَضَّلَكُمْ عَلَی الْعٰلَمِیْنَ ۟
මූසා තම ජනයා දෙස බලා, "මාගේ ජනයිනි! නුඹලා නැමදීම සඳහා අල්ලාහ් නොවන වෙනත් දෙවියෙකු නුඹලා වෙනුවෙන් මා පැතිය හැක්කේ කෙසේද? නුඹලා දෑසින් දැකිය යුතු අතිමහත් ඔහුගේ සංඥා සහ සාධක නුඹලා දුටුවෙහුය. නුඹලාගේ සතුරන් විනාශ කොට, මහපොළොවේ නියෝජනය නුඹලාට හිමි කර දී, එහි නුඹලාට පහසුකම් සලසා දී, නුඹලාට ආශිර්වාද කිරීම තුළින් නුඹලාගේ යුගයේ විසූ ලෝවැසියන්ට වඩා නුඹලා ව ශ්රේෂ්ඨත්වයට පත් කළේ උත්තරීතර අල්ලාහ්ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
ประโยชน์​ที่​ได้รับ​:
• تؤكد الأحداث أن بني إسرائيل كانوا ينتقلون من ضلالة إلى أخرى على الرغم من وجود نبي الله موسى بينهم.
සැබැවින්ම ඉස්රාඊල් දරුවන් අතර අල්ලාහ්ගේ නබි මූසා (අලය්හිස් සලාම්) තුමා සිටිය දී පවා ඔවුන් මුළාවකින් තවත් මුළාවකට පෙරළී යන්නන් ලෙස සිටි බව මෙම සිදුවීම් මාලාව තහවුරු කරයි.

• من مظاهر خذلان الأمة أن تُحَسِّن القبيح، وتُقَبِّح الحسن بمجرد الرأي والأهواء.
සමාජයක් උදව් නොලබා අතහැර දමනු ලැබීමේ පැහැදිලි කරුණක් වනුයේ ආශාවන් හා අදහස් වලට සීමාවී අවලක්ෂණ දෑ අලංකාරවත් ලෙස ගැනීම හා අලංකාර දෑ අවලක්ෂණ දෙයක් ලෙස ගැනීමය.

• إصلاح الأمة وإغلاق أبواب الفساد هدف سام للأنبياء والدعاة.
සමාජය ප්රතිසංස්කරණය කිරීම, ප්රචණ්ඩත්වයේ දොරටු වැසීම, නබිවරුන් හා ප්රචාරකයින් සතු මෙහෙයවීමේ අරමුණ වන්නේය.

• قضى الله تعالى ألا يراه أحد من خلقه في الدنيا، وسوف يكرم من يحب من عباده برؤيته في الآخرة.
මෙලොවෙහි අල්ලාහ්ගේ කිසිදු මැවීමකට ඔහු ව බැලිය නොහැකි බව ඔහු තීන්දු කළේය. තම ගැත්තන් අතරින් ඔහු ප්රිය කරන්නන්හට මතු ලොවෙහි ඔහු ව දකින්නට සලස්වා ගරු කරනු ඇත.

 
แปลความหมาย​ อายะฮ์: (140) สูเราะฮ์: Al-A‘rāf
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล สำหรับหนังสืออรรถาธิบายอัลกุรอานอย่างสรุป (อัลมุคตะศ็อร ฟีตัฟซีร อัลกุรอานิลกะรีม) - สารบัญ​คำแปล

โดย ศูนย์ตัฟซีรเพื่อการศึกษาอัลกุรอาน

ปิด