แปล​ความหมาย​อัลกุรอาน​ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - สารบัญ​คำแปล


แปลความหมาย​ อายะฮ์: (36) สูเราะฮ์: Al-A‘rāf
وَالَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا وَاسْتَكْبَرُوْا عَنْهَاۤ اُولٰٓىِٕكَ اَصْحٰبُ النَّارِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
අපගේ වදන් බොරු කර, එය විශ්වාස නොකර ඔවුන්ගේ දූතවරු කවර කරුණක් ඔවුන් වෙත ගෙන ආවේද, අහංකාරකම හේතුවෙන් ඉන් ඉවත් වූ දේව ප්රතික්ෂේපකයින් වනාහි සැබැවින්ම සදා ලැගුම් ගන්නා නිරය අනිවාර්යය වූ නිරා වැසියෝ ඔවුහුමය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
ประโยชน์​ที่​ได้รับ​:
• المؤمن مأمور بتعظيم شعائر الله من خلال ستر العورة والتجمل في أثناء صلاته وخاصة عند التوجه للمسجد.
අල්ලාහ්ගේ සලකුණු වලට ගරු බුහුමන් දක්වන මෙන් දෙවියන් විශ්වාස කරන මුඃමින්වරයා අණ කරනු ලැබ ඇත. එනම් සලාතය අතරවාරයේ තම විළි වසා ගැනීම අලංකාර ව ඇඳ පැලඳ ගැනීම විශේෂයෙන් මස්ජිදයට යන අවස්ථාවේ එසේ පිළිපැදීම.

• من فسر القرآن بغير علم أو أفتى بغير علم أو حكم بغير علم فقد قال على الله بغير علم وهذا من أعظم المحرمات.
කවරෙකු කිසිදු දැනුමකින් තොර ව අල් කුර්ආනයට විග්රහ කරන්නේද කිසිදු දැනුමකින් තොරව ආගමික තීන්දු ලබා දෙන්නේද කිසිදු දැනුමකින් තොරව නීති පනවන්නේද සැබැවින්ම ඔහු කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් මත ප්රබන්ධයන් ගොතා පවසා ඇත. තහනම් කරන ලද දැයින් බරපතළම දැය එය වන්නේය.

• في الآيات دليل على أن المؤمنين يوم القيامة لا يخافون ولا يحزنون، ولا يلحقهم رعب ولا فزع، وإذا لحقهم فمآلهم الأمن.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී සැබැවින්ම දෙවියන් විශ්වාස කරන්නන්හට කිසිදු බියක් ඇතිවන්නේ නැත. ඔවුන් දුකට පත් වන්නේද නැත. ඔවුනට කිසිදු කම්පනයක් හෝ තැති ගැසීමක් හෝ අත්වන්නේද නැත. එසේ ඔවුනට අත් වුවද ඔවුන් සුරක්ෂිතය යන වග මෙම පාඨ තුළ පෙන්වා දෙන්නේය.

• أظلم الناس من عطَّل مراد الله تعالى من جهتين: جهة إبطال ما يدل على مراده، وجهة إيهام الناس بأن الله أراد منهم ما لا يريده الله.
මිනිසුන් අතර මහා අපාරාධකරු වනුයේ ක්රම දෙකක් මගින් අල්ලාහ්ගේ අභිමතය ඉහවහා යන්නාය. එනම් ඔහුගේ අභිමතය පෙන්වා දෙන දෑ ව්යාජයක් බවට පත් කිරීම හා අල්ලාහ් මිනිසුන්ට අභිමත නොකළ දෙයක් අල්ලාහ් ඔවුනට අභිමත කර ඇති බවට බොරු පැවසීමය.

 
แปลความหมาย​ อายะฮ์: (36) สูเราะฮ์: Al-A‘rāf
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - สารบัญ​คำแปล

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

ปิด