Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Sentro ng Rowad sa Pagsasalin * - Indise ng mga Salin

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Salin ng mga Kahulugan Surah: Hūd   Ayah:
فَلَا تَكُ فِیْ مِرْیَةٍ مِّمَّا یَعْبُدُ هٰۤؤُلَآءِ ؕ— مَا یَعْبُدُوْنَ اِلَّا كَمَا یَعْبُدُ اٰبَآؤُهُمْ مِّنْ قَبْلُ ؕ— وَاِنَّا لَمُوَفُّوْهُمْ نَصِیْبَهُمْ غَیْرَ مَنْقُوْصٍ ۟۠
එබැවින් (නබිවරය!) මොවුන් නැමදුම් කරන දෑ පිළිබඳ සැකයෙහි නුඹ නො සිටිනු. මීට පෙර ඔවුන්ගේ මුතුන් මිත්තන් නැමදුම් කරන්නාක් මෙන් මිස ඔවුන් නැමදුම් නො කරති. සැබැවින් ම අපි ඔවුන්ගේ කොටස කිසිදු අඩුවකින් තොරව පූර්ණව පිරිනමන්නන් වෙමු.
Ang mga Tafsir na Arabe:
وَلَقَدْ اٰتَیْنَا مُوْسَی الْكِتٰبَ فَاخْتُلِفَ فِیْهِ ؕ— وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَّبِّكَ لَقُضِیَ بَیْنَهُمْ ؕ— وَاِنَّهُمْ لَفِیْ شَكٍّ مِّنْهُ مُرِیْبٍ ۟
තවද සැබැවින් ම අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. එහෙත් එහි මත භේදයට ලක් විය. තවද නුඹගේ පරමාධිපතිගෙන් පෙරටු වූ වදනක් නො වී නම්, ඔවුන් අතර තීන්දු දෙනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන් ම ඔවුන් ඒ පිළිබඳව අවිශ්වාසය ඇති කරවන සැකයෙහි සිටිති.
Ang mga Tafsir na Arabe:
وَاِنَّ كُلًّا لَّمَّا لَیُوَفِّیَنَّهُمْ رَبُّكَ اَعْمَالَهُمْ ؕ— اِنَّهٗ بِمَا یَعْمَلُوْنَ خَبِیْرٌ ۟
තවද නියත වශයෙන් ම සෑම කෙනෙකුට ම ඔවුන්ගේ ක්‍රියාවන්ට නුඹගේ පරමාධිපති ඔවුනට නියත වශයෙන් ම පූර්ණව (ප්‍රතිඵල) දෙනු ඇත. නියත වශයෙන් ම ඔහු ඔවුන් කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
Ang mga Tafsir na Arabe:
فَاسْتَقِمْ كَمَاۤ اُمِرْتَ وَمَنْ تَابَ مَعَكَ وَلَا تَطْغَوْا ؕ— اِنَّهٗ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟
එබැවින් නුඹට අණ කරනු ලැබූ පරිදි නුඹ හා නුඹ සමඟ පශ්චාත්තාප වී යොමු වූවන් ස්ථාවරව සිටිනු. තවද නුඹලා සීමාව ඉක්මවා කටයුතු නො කරනු. නියත වශයෙන් ම ඔහු නුඹලා කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය.
Ang mga Tafsir na Arabe:
وَلَا تَرْكَنُوْۤا اِلَی الَّذِیْنَ ظَلَمُوْا فَتَمَسَّكُمُ النَّارُ ۙ— وَمَا لَكُمْ مِّنْ دُوْنِ اللّٰهِ مِنْ اَوْلِیَآءَ ثُمَّ لَا تُنْصَرُوْنَ ۟
තවද නුඹලා අපරාධ කළවුන් වෙත නැඹුරු නො වනු. එවිට (නිරා) ගින්න නුඹලාව ස්පර්ශ කරනු ඇත. අල්ලාහ්ගෙන් තොරව භාරකරුවන් කිසිවකු නුඹලාට නොමැත. පසුව නුඹලා උදව් කරනු නො ලබන්නෙහු ය.
Ang mga Tafsir na Arabe:
وَاَقِمِ الصَّلٰوةَ طَرَفَیِ النَّهَارِ وَزُلَفًا مِّنَ الَّیْلِ ؕ— اِنَّ الْحَسَنٰتِ یُذْهِبْنَ السَّیِّاٰتِ ؕ— ذٰلِكَ ذِكْرٰی لِلذّٰكِرِیْنَ ۟ۚ
තවද දහවල් දෙකෙළවරෙහි හා රාත්‍රියෙන් කොටසක නුඹලා සලාතය විධිමත්ව ඉටු කරනු. නියත වශයෙන් ම දැහැමි දෑ නපුරු දෑ පහ කර දමයි. එය මෙනෙහි කරන අයහට මෙනෙහි කිරීමකි.
Ang mga Tafsir na Arabe:
وَاصْبِرْ فَاِنَّ اللّٰهَ لَا یُضِیْعُ اَجْرَ الْمُحْسِنِیْنَ ۟
තවද නුඹ ඉවසා දරා ගනු. නියත වශයෙන් ම අල්ලාහ් දැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නො කරනු ඇත.
Ang mga Tafsir na Arabe:
فَلَوْلَا كَانَ مِنَ الْقُرُوْنِ مِنْ قَبْلِكُمْ اُولُوْا بَقِیَّةٍ یَّنْهَوْنَ عَنِ الْفَسَادِ فِی الْاَرْضِ اِلَّا قَلِیْلًا مِّمَّنْ اَنْجَیْنَا مِنْهُمْ ۚ— وَاتَّبَعَ الَّذِیْنَ ظَلَمُوْا مَاۤ اُتْرِفُوْا فِیْهِ وَكَانُوْا مُجْرِمِیْنَ ۟
ඔබලාට පෙර සිටි පරම්පරාවන් අතරින් මහපොළොවේ කලහකම් වළක්වාලන බුද්ධිමතුන් සිටිය යුතු නො වේ ද? නමුත් ඔවුන්ගෙන් අපි මුදවා ගත් සුළු පිරිසක් හැර (අන් අය අපරාධ කළවුන් වූවෝ ය.) තවද අපරාධ කළවුන් ඔවුන් කවර දෙයක සැප විඳිනු ලැබුවේද එය පිළිපදිමින් සිටියෝ ය. තවද ඔවුහු වැරදිකරුවන් බවට පත් වූවෝ ය.
Ang mga Tafsir na Arabe:
وَمَا كَانَ رَبُّكَ لِیُهْلِكَ الْقُرٰی بِظُلْمٍ وَّاَهْلُهَا مُصْلِحُوْنَ ۟
තවද අපරාධ කරමින් සිටි ගමක් එහි වැසියන් ප්‍රතිසංවිධායකයින් ලෙස සිටිය දී එය විනාශ කිරීමට නුඹගේ පරමාධිපති නො වීය.
Ang mga Tafsir na Arabe:
 
Salin ng mga Kahulugan Surah: Hūd
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Sentro ng Rowad sa Pagsasalin - Indise ng mga Salin

Isinalin ito ng isang pangkat ng Sentro ng Rowad sa Pagsasalin sa pakikipagtulungan ng Samahan ng Da‘wah sa Rabwah at Samahan ng Paglilingkod sa Nilalamang Islāmiko sa mga Wika.

Isara